🧡 31 🧡

1.1K 212 52
                                    

Dinner එක අරගෙන රූම් එකට ආපු ජිමින් මූනත් අහක බලාගෙන ගහපු රොටියක් වගේ කරගෙන ඇදට වෙලා හිටියේ කොල්ලා කල්පනා කරන්නේ පූසන් පන්නන ක්‍රමයක් සෝ ආ දැන් ජිමින්ව ගනන් ගන්නේ නැති තරම් කොල්ලා සෝ ආට කිට්ටු වෙන්න හදනකොට පූසා මැද්දට පනිනවා ඉස්සර වගේ දැන් සෝ ආ ජිමින්ට තුරුල් වෙලා නිදාගන්නෙත් නැ ජිමින් ඇද උඩ තිබුණු එයා සෝ ආට ගෙනත් දීපු ටෙඩියා ලගට අරගත්තා

අයිෂ් මේ පූස් තඩියා...... පුදුම වදයක් නේ තියෙන්නේ ටෙඩියෝ දැන් ඔයාව ගනන් ගන්නෙත් නැ

යුංගි හියුන්ග්ට පූසාව සෙට් කලා නම් ඉවරයි..

ඒත් හියුන්ග් gay ද....?

හියුන්ග් gay නම් මොකටද ජිමිනෝ හේරා ඔම්මා හියුන්ග්ට කෙල්ලෝ හොයන්නේ....?

පූසාව විසි කරලා දානව හන් ගගට

කොහෙද ඉන්න පූසෙක් හින්දා තමන්ගේ හස්බන්ව අමතක කලා

රූම් එකේ දොර ඇරෙන සද්දෙට ජිමින් ටෙඩියා විසික් කරලා ඇදේ තිබුණු ලැප් එක අරගත්තා සෝ ආ දොර ඇරගෙන රූම් එකට ආවා සෝ ආගේ පිටිපස්සෙන් පූසාත් ආවා ජිමින් ඇස් කොනින් බලාගෙන ඉදියා dressing table එක ලගට ගිහින් බන් එකක් ගහගෙන හිටපු කොන්ඩේ කඩලා දැම්මා කෙල්ල අත් දෙකෙන් කොන්ඩේ අවුස්සද්දී ජිමින් එයා දිහා බලාගෙන ඉන්නවා කියලා  සෝ ආ mirror එකෙන් දැක්කා කෙල්ල හැබැයි හැරිලා ජිමින් දිහා බලනකොට කොල්ලා ලැප් එක දිහා බලාගෙන ලොකු වැඩක් වගේ ඉන්නවා කෙල්ලගේ දෙතොලතර සිහින් සිනාවක් රැදුනේ ජිමින්ගේ වැඩ වලට

කෙල්ල පිජාමා එකත් ඇදගෙන ඇවිත් පූසාව එක්කගෙන ගිහින් couch එකෙන් තිබ්බා

" හොදට නිදාගන්න ස්නිකිටී.."

සෝ ආ එහෙම කියලා පූසාගේ ඔලුවට පොඩි තට්ටුවක් දාලා ඇවිත් ඇදට නැග්ගා ටික වෙලාවක් ජිමින් දිහා බලාගෙන ඉදපු කෙල්ල ලැප් එක වහලා පැත්තකින් තියලා කොල්ලාට ලං වුනා

" මට වැඩ තියෙනවා ඩෝල් ලැප් එක දෙන්න "

ජිමින් එහෙම කිව්වාම කෙල්ල කොල්ලාගේ පැත්තට හැරිලා හරිබරි ගැහිලා වාඩිවුනා

" බොරු..."

කෙල්ල රවාගෙන කිව්වා

" දැන් ද මාව මතක් වෙන්නේ ඩෝල් ස්නිකිටියෙක් ද බොස්නිකිටියෙක් ද කියලා කොහෙද ඉදපු බලල් තඩියෙක් උස්සගෙන ඇවිත් මාව මතකවත් නැ "

𝖴𝗇𝖿𝗈𝗋𝗀𝖾𝗍𝗍𝖺𝖻𝗅𝖾 𝖭𝗂𝗀𝗁𝗍🔞||𝖯𝖩𝖬||✔️Where stories live. Discover now