🧡 10 🧡

1.3K 197 9
                                    

සෝ ආ උදේ ඇහැරුනේ බද වටේ කාගෙ හරි අතක් තද වෙනවා දැනෙද්දී ඒත් එක්කම කෙල්ලගේ බෙල්ල හරියේ පුංචි කිතියක් දැනෙන්න පටන් ගත්තා කෙල්ල ඒක නිසා ඇස් ඇරලා බැලුවේ

ජිමින් පුංචි බබෙක් වගේ සෝ ආව තුරුල් කරගෙන සැපට නිදි ජිමින් එක අතක් සෝ ආගේ ඉන වටේ එතිලා ජිමින්ගේ කොන්ඩේ කෙල්ලගේ බෙල්ලේ වදින නිසා තමයි සෝ ආට කිති කැව්නේ කෙල්ලට ජිමින් ඉන්න විදිය නිසා හෙල්ලෙන්නවත් නැ

කෙල්ල හිමින් ජිමින්ගේ කොන්ඩේ අතරේ අතැගිලි යවලා කොල්ලාගේ ඔලුව අතගෑවා එතකොට ජිමින් කෙල්ලගේ ඉන වටේ එතිලා තිබුණු අත තවත් තද කලා

" ජිමින්ශි....."

" ම්ම්ම්....."

" නැගිටින්නකෝ..."

කෙල්ල කියද්දී පොඩි බබෙක් වගේ නිදිමතේ ඔලුව උස්සලා සෝ ආ දිහා බැලුවා

කියුට්.....මෝචියක් වගේ අල්ලලා හපන්න හිතෙනවා කවුද හිතුවේ මේ නපුරු කුමාරයා මෙච්චර කියුට් කියලා දැක්කොත් ඇත්නම් ඉතින් ඔරවගන නේ

සෝ ආ හිතුවේ ජිමින් දිහා බලාගෙන

" නැගිටින්නකෝ මෝචි..."

කෙල්ල ඒක කිව්වා නෙවෙයි කියවුනා ජිමින්ගේ නිදිමත කොහෙන් ගියා ද දන්නේ නැ

" මොකද්ද කිව්වේ ඩෝල්..."

ජිමින් එකපාරට එහෙම ඇහුවාම කෙල්ල ටිකක් බය වුනා

" නැගිටින්න කියලා "

" ඊට පස්සේ "

" මෝචි........වේ... එහෙම කියන්න එපා ද "

කෙල්ල ඇහුවේ ඇස් දෙකත් බෝල කරගෙන යටි තොලත් පිට පෙරලගෙන

" එහෙම කියන්න ඩෝල්.....මම ඒකට කැමතියි "

ජිමින් එහෙම කියලා කෙල්ලගේ බද වටේ තිබුණු අත ලිහිල් කලා ආපහු කෙල්ලගේ පපුවට ඔලුව තියාගෙන හුස්මක් ගත්තා

" ඔයා ලග සුවදයි ඩෝල්....."

ජිමින් එහෙම කිව්වාම කෙල්ලගේ කම්බුල් රෝස පාට වුනා සෝ ආ යටි තොලත් හපාගෙන හිටියේ ලැජ්ජාවක් කියලා දෙයක් දැනෙද්දී

කොහොමහරි විනාඩි කිහිපයකට පස්සේ ජිමින් කෙල්ලගෙන් ඈත් වුනේ ජින් දොරට තඩිබාන නිසා ඒ ටිකට සෝ ආ බාත් රූම් එකට රිංගුවා දොර ඇරපු ජිමින් ජින්ගේ උදෑසන රැප් එක ඇහුවා

𝖴𝗇𝖿𝗈𝗋𝗀𝖾𝗍𝗍𝖺𝖻𝗅𝖾 𝖭𝗂𝗀𝗁𝗍🔞||𝖯𝖩𝖬||✔️Where stories live. Discover now