🧡 46 🧡

1K 203 32
                                    

කහ පැහැති විදුලි බුබුලු වලින් ආලෝකමත් සෝල් නගරයේ පාරක් දිගේ යුංගිගේ අතකින් අල්ලාගෙන සෝයූන් ඇවිදගෙන ගියා යුංගිගේ ඇස් නම් නතර වෙලා තිබුණු කහ පැහැති විදුලි බුබුලු වල ආලෝකයෙන් දිලිසෙන සෝයූන්ගේ මූන ලග සුලගට මූනට වැටෙන කොන්ඩ කැරලි ඇගිලි තුඩු වලින් කන පිටුපස රදවන ගමන් සිහින් සිනාවක් දෙතොලතර රදවගෙන හරි සැහැල්ලුවෙන් ඉන්න සෝයූන් දිහා යුංගි බලාගෙන හිටියේ ආදරෙන්

කෙල්ල පාලමේ බැම්මට හේත්තු වෙලා පහලින් ගලාගෙන යන හන් ගග දිහා බලාගෙන හිටියා යුංගි සෝයූන්ගේ බද වටේ අත් යවලා කෙල්ලව තුරුල් කරගත්තා

" මහන්සි ද ම්ම් "

" ටිකක්.."

සෝයූන් එහෙම කිව්වාම කොල්ලා සෝයූන්ගේ කම්බුලට කිස් එකක් දුන්නා

" යාහ්හ් තමුසේ කොහොමද මගේ අවසරයක් නැතුව මගේ කම්බුල කිස් කලේ දන්ඩ නීති සංග්‍රහයේ 157 වැනි වගන්තියේ ආ කොටසේ රෝම ඉලක්කම් එක යටතේ අනවසරයෙන් කම්බුලක් කිස් කිරීම වසර දහයක සිර දඩුවම් ලැබිය හැකි වරදක් ",

සෝයූන් මූන බුම්මගෙන කිව්වා

" එතකොට මේ මැඩම් හදන්නේ එයාගේ හස්බන්ව සිරගත කරන්න ද "

" යෙප්.. "

සෝයූන් කිව්වාම යුංගි හිනා වුනා ඒ හිනාව දිහා බලාගෙන හිටපු සෝයූන්ට දැනුනේ එයා ඒ හිනාවට වසී වෙනවා වගේ

" යෙප්පුදා..."

සෝයූන් එහෙම කිව්වාම යුංගි හිනාව නැවැත්තුවා

" මොකද්ද කිව්වේ.."

" ඔයාගේ හිනා ලස්සනයි මගේ හාට්ටුව මෙව්ව වුනා වගේ "

" මොහ්.."

" හෑ.. "

යුංගි ටිකක් සද්දෙන් කතා කලාම තමයි කොල්ලාගේ හිනාව අස්සේ කිමිදිලා හිටපු සෝයූන් මේ ලෝකෙට ආවේ යුංගි යාන්තම් හිනා වෙලා සෝයූන්ගේ නහය මිරිකුවා

" ඒක සිදුනා හැබැයි හූම් "

සෝයූන් නහය උඩට අදින ගමන් කිව්වා සෝයූන්ගේ අත් දෙකත් අල්ලාගෙන යුංගි තද කරලා කෙල්ලව එයාගේ පපුවට තුරුල් කරගත්තා

𝖴𝗇𝖿𝗈𝗋𝗀𝖾𝗍𝗍𝖺𝖻𝗅𝖾 𝖭𝗂𝗀𝗁𝗍🔞||𝖯𝖩𝖬||✔️Where stories live. Discover now