INSANE-PART 27🌸

1.2K 299 38
                                    

27
(අවසානයට පෙර)

ස්නේහා අපාර්ට්මන්ට් එකට ආවට පස්සේ හැමදේම ටික ටික වෙනස් වෙන්න ගත්තා. ඉස්සර කෑම මේසේ කෑව හැමෝම දැන් අහු උන තැනක ඉදලා කනවා. ජේමින් උනත් අපාර්ට්මන්ට් එකට එච්චර ආවේ ගියේ නෑ.. ස්නේහා හැම වෙලාවෙම බැලුවේ ජිමින්ගේ ඇගේ එල්ලෙන්න.. ඒත් ජිමින් කරේ එක්කෝ ඔෆිස් එකට ගිය එක එහෙම නැත්තන් අපාර්ට්මන්ට් එකේ හිටියත් නිත්‍යා එක්ක රූම් එකට වෙලා හිටිය එක...

ගුක් මට ඔයා එක්කන් ටිකක් තනියම කතා කරන්න ඕනේ. හවසට නෝ සිරෝ කැෆේ එකට එනවද

මන් එන්නම් නිනී. ජිමින්ට කියන්නද

එපා කාටවත් කියන්න එපා. මන් කලින් එතනට යන්නම්. ඔයා පරක්කු වෙලා එන්න

ජන්ග්කූක් ඔෆිස් එකේ ඉද්දිම නිත්‍යා ජන්ග්කූක්ට මැසේජ් එකක් දැම්මේ තවත් එයාට මේ දේවල් ඉවසන් ඉන්න බැරි නිසා. ඒ නිසාම හතරට අපාර්ට්මන්ට් එකෙන් කාටත් හොරෙන් නිත්‍යා එලියට ආවේ අමාරුවෙන්...  නෝ සීරෝ කැෆේ එකට කැබ් එකක් දාගත්ත නිත්‍යා කැෆේ එකට ගිහින් අයිනෙම තිබ්බ වැඩිය කාටවත් පේන්නේ නැති තැනක ගිහින් ඉදගෙන හිටියේ ජන්ග්කූක් එනකන්....

නිත්‍යා හිටියේ ලොකු කල්පනාවක. ඈතින්  පේන සෝල් නගරය දිහා බලාගෙන නිත්‍යා එයාගේ අනගතේ ගැන හිතුවා... නිත්‍යාගේ තීරණ්ට ජන්ග්කූක් කොහොම හැසිරෙයිද කියලා නිත්‍යා කල්පනා කරා

නිනී

ඔහ් ඔයා ඇවිත්

එන්න කිව්ව වෙලාවටත් කලින්ම ජන්ග්කූක් ඇවිත් හිටියා.. ශෝර්ට් එකක් ඇදලා සුදු ශර්ට් එකක් ඇදලා හිටිය ජන්ග්කූක් දිහා නිත්‍යා බැලුවේ පුදුමෙන්.

ඔයා ඔෆිස් එකේ නෙවේද හිටියේ කූක්?

එක්කො ගුක් කියන්න නැත්තන් කූක් කියන්න නිනී. අනික මන් ඔෆිස් එකේ නෙවේ හිටියේ.පොඩි මිශන් එකක.

ෆෝන් එකයි කාර් එකේ කී එකයි සන්ග්ලාස් දෙකයි ටේබල් එක උඩින් තිබ්බ ජන්ග්කූක් ඉදගන්න ගමන් කිව්වේ හිනා වෙවී..නිත්‍යා දැක්කා ජන්ග්කූක්ගේ ඉනේ තිබ්බ ගන් එක...

මොනාද ඕර්ඩර් කරන්නේ බබා?

ස්ටෝබෙරි මිල්ක්ශේක් එකක්

THE INSANE || PJM FF || COMPLETEDWhere stories live. Discover now