INSANE-PART 23🌸

1.2K 283 26
                                    

23

නෝරා ජන්ග්කූක්ට කෝල් කරද්දි නිත්‍යා කරේ රූම් එකට ගිහින් දොර ලොක් කරගත්ත එක...

ජන්ග්කූක් නෝරාගේ කෝල් එක කට් කරන්නත් කලින් ජිමින්ගේ ෆෝන් එක රින්ග් උනා..

📞යොබුසෙයෝ

📞වාව් ජිමිනා කන්ග්‍රෑට්ස් උබ හොරෙන්ම බදිනවා එහෙනම්

📞මොන බැදිල්ලක් ගැනද උබ කියන්නේ බන්

ජිමින්ගේ මාෆියා වැඩ වල යාලුවෙක්! ඒත් ජන්ග්කූක් ජිමින්ගේ ෆෝන් එක උදුරලා අරන් ඕෆ් කරලා දැම්මේ ජිමින් මේ මොන මගුලක්ද වගේ මූඩ් එකකින් බලන් ඉද්දි..

ජිමිනා මෙයාව අපාර්ට්මන්ට් එකෙන් දාලා පුලුවන් ඉක්මනට නිත්‍යාගේ අපාර්ට්මන්ට් එකට යමු

වේ මේ රෑ? උබට නෝරා එක්කන් ජොලියක් ගන්න හිතුනද

කුනුහරප නාහා දාපන් කාර් එක!

ජිමින්ට තේරුනා ජන්ග්කූක් විහිලු කරන මානසිකත්වයක නෙවේ ඉන්නේ කියලා. ඒ නිසාම පුලුවන් ඉක්මනට මේඩ්ව ජිමින්ගේ අපාර්ට්මන්ට් එකෙන් බස්සලා කාර් එක ආය නිත්‍යාගේ අපාර්ට්මන්ට් එකට හැරෙව්වා.

කූ....කූක් මේ

ටේ එයාගේ ෆෝන් එක ජන්ග්කූක් දිහාට දික් කරලා ගොත ගහද්දි ජන්ග්කූක් කරේ ටේගේ ෆෝන් එකත් ඕෆ් කරන එක. විනාඩි පහලවක් වගේ යද්දි නිත්‍යාගේ අපාර්ට්මන්ට් එකට ගියත් අපාර්ට්මන්ට් එක ගාවට යද්දි ඇහුනේ නෝරා කෑ ගහන සද්දේ විතරයි..

කූක් මට කියපන් නිත්‍යා හොදින්ද? ඇයි නෝරා කෑ ගහන්නේ?

ජිමින් ඇහුවත් ජිමින්ගේ කටහඩ ඇහුනද කියලා සැකයි.ජිමින් හිටියේ බයෙන්...  ජන්ග්කූක් දොරත් ඇරගෙන නෝරා ගාවට යද්දි නෝරා නිත්‍යාගේ රූම් එකේ දොරට ගහන ගමන් කෑ ගහනවා.

නිත්‍යා ප්ලීස් දොර අරින්න! දෙයියනේ මේ දොර අරින්න නිත්‍යා ! අපි තාම ඒ ගැන හරියට දන්නේ නෑ

නෝරා කෑ ගැහුවත් කිසිම සද්දයක් ඇතුලෙන් තිබ්බේ නෑ... ඒ වෙනුවට ජන්ග්කූක් නෝරාව පස්සට කරලා දොර ගාවට ගියා.. ටේට තේරුනා නිත්‍යා රූම් එක ලොක් කරගන්න හේතුව. ඒත් ජිමින් නිකන් හිටියේ කිසිම දෙයක් හිතාගන්න බැරුව.

THE INSANE || PJM FF || COMPLETEDWhere stories live. Discover now