INSANE-PART 26🌸

1.2K 300 52
                                    

26

මාස ගාණක් ගෙවිලා ගියත් ජිමින් ස්නේහාට එක බැල්මක්වත් දුන්නේ නෑ. ගොඩක් වෙලාවට ජිමින් හිටියේ නිත්‍යා එක්ක.. එහෙම නැත්තන් ඔෆිස් එකේ වැඩ වලට හිර වෙලා... නිත්‍යාගේ හිත නිතරම ඇහුවත් මේ කරන දේ හරිද කියලා නිත්‍යාට ඒකට උත්තරයක් ලැබුනේ නෑ.  ජිමින් ස්නේහා හිටිය අපාර්ට්මන්ට් එකට ගියානම් ගියේ කම්පැනි එකේ ඩොකියුමන්ට් එකක් ගන්න බලාගෙන විතරමයි...

අදත් ඒ වගේ දවසක්.ජිමින් හදිස්සියේ ස්නේහා හිටිය අපාර්ට්මන්ට් එකට ගියේ ඩොකියුමන්ට් එකක් හොයාගන්න. අපාර්ට්මන්ට් එකට ගොඩ වෙද්දිම ජිමින්ගේ හිතට හැමදාම වගේ මතකෙට ආවේ නිත්‍යා එක්කන් අපාර්ට්මන්ට් එකේ ගෙව්ව උණුසුම් රැයවල්, නිමක් නැති චාටු කතා ලස්සන ආදරබර වචන ටික...ඒත් ඒ ටික මතකේ තිබ්බේ ඉස්සරහට එන ස්නේහා දකිනකන් විතරයි..

ජිමින් ඔයා මෙහේ.මන් කොච්චර කල් බලන් හිටියද ජිමින් ඔයා එනකන්

ස්නේහාගේ අමුතු හුරතල් වීම ජිමින්ට කවදත් ඇල්ලුවේ නෑ...ජිමින් ඉස්සරහා හුරතල් වෙන්න අයිතිය තිබ්බේ නිත්‍යාට විතරමයි... ස්නේහා කිව්ව දේ ඇහුනේ නෑ වගේ අපර් ෆ්ලෝ එකට ගිය ජිමින් ෆයිල් එකත් අරගෙන ආයෙත් පල්ලෙහාට එද්දි ස්නේහා ජිමින්ගේ මග හරස් කරා..

මට තමුන්ගේ මූනවත් බලන්න උවමනාවක් නෑ ස්නේහා. මගේ පාරෙන් අයින් වෙයන් කරුණාකරලා. මාව නිකම් මිනීමරුවෙක් කරගන්න එපා

ජිමින් කෑ ගහලා යන්න යද්දි ස්නේහා කිව්ව දේ නිසා ජිමින් නතර උනා...

ජිමින් අඩුම පාර්ක් ඉන්ඩස්ට්‍රීස් වලට හේයර් කෙනෙක් දෙන්න මට ඉඩ දෙන්න ජිමින්

ස්නේහා කිව්ව එක ඇහුනහම ජිමින් හිනා උනා..අඩියෙන් අඩිය ස්නේහා ගාවට ආව ජිමින් ස්නේහාගේ මූනට එබුනා..

පාර්ක් ඉන්ඩස්ට්‍රීස් වලට දැනටමත් හේයර් කෙනෙක් ඉන්නවා ස්නේහා. රෝස්. එයා තමා පාර්ක් ඉන්ඩස්ට්‍රීස් වල වන් ඇන්ඩ් ඔන්ලි හේයර්. මට තව හේයර් කෙනෙක් ඕනේනම් මන් නිත්‍යාගෙන් ඒක ගන්නම්. තමුන් මහන්සි වෙන්න ඕනේ නෑ.

ඒක විතරක් ටිකක් තදින් කිව්ව ජිමින් ටයි එකත් බුරුල් කරන ගමන් එතනින් යන්න ගියා.. ස්නේහට දැන් දැන් තේරිලා තිබ්බා ජිමින් මැරි කරලා ඇත්තට ගෙවන්නේ කරුම ජීවිතයක් කියලා.. ස්නේහා අපාර්ට්මන්ට් එක ඇතුලේ මැරිලා ගියත් ජිමින් ඒක දන්නේ නෑ කියලා ස්නේහට තේරිලා තිබ්බේ.. ජිමින්ගේ ලෝකේ ඉන්නේ නිත්‍යායි රෝසුයි විතරයි කියලා ස්නේහට තේරුනත් ස්නේහා ලෑස්ති උනේ නෑ ජිමින්ව අතාරින්න...

THE INSANE || PJM FF || COMPLETEDOnde histórias criam vida. Descubra agora