INSANE-PART 25🌸

1.2K 286 16
                                    

25

මාෆියා කණ්ඩායමක් පවත්වාගෙන යෑමේ චෝදනාවට පාර්ක් ජිමින්ව ඇරෙස්ට් කරනවා!

මොකක්? ඔෆිසර් මේ ඉන්නේ මගේ දුව මැරි කරන කෙනා

හෙල්ත් මිනිස්ටර්! දූශිත පාලනේක අයිතිකාරයෙක්... ඉතින් ජිමින් මාෆියා කින්ග් කෙනෙක් කිව්වට ඌ පසු බහියිද?

සර් මේ තියෙන්නේ එවිඩන්ස්. මේ දැන් ටිකකට කලින් අපි ජිමින්ගේ රෙඩ් රූම් එක කියලා හදුන්වපු වදකාගාරයක් අපේ යටතට ගත්තා.

කවුරුත් දැක්කේ නෑ ජිමින්ගේ මූනේ තිබ්බ හිනාව. ඒත් නිත්‍යා දැක්කා.. ඔෆිසස්ලා එද්දි නිත්‍යා බය උනත් නිත්‍යා දැනගත්තා ජිමින් ඊයේ රෑ කිව්ව ප්ලෑන් එක මේක කියලා. කම්පැනි එකත් බේරගෙන ජිමින්ටත් බේරෙන්න පුලුවන් ප්ලෑන් එක!

ඔෆිසර් අපි ටිකක් එලියට ගිහින් කතා කරමු

හෙල්ත් මිනිස්ටර් වගේම ජිමින්ගේ අප්පත් ආපු ඔෆිසස්ලාගේ කරටත් අත දාගෙන එලියට එක්කන් යනවා දකිද්දි සුගාගේ පැත්තෙන් උදව්වට ආව ලෝයර් ඒකට විරුද්ධ වෙන්න හැදුවත් ඒකට කිසිම ඉඩක් හම්බුනේ නෑ. සුගා එයාට තිබ්බ බලේ ඔක්කොම යෙදෙව්වත් කොටින්ම ජේමින්ගේ NIS පවර්ස් දැම්මත් කිසි දෙයක් වෙනස් උනේ නෑ.

එක විනාඩියට කිසිම සාක්ශියක් ජිමින්ට විරුද්ධව නැති වෙන්න හදලා කියලා දැනගද්දි ජිමින් දැනගත්තා ආය මේ මැරේජ් එක නවත්තන්න බෑ කියලා... එලියට ගිය ඔෆිසස්ලා ඇතුලට ඇවිත් සමාව ඉල්ලලා යද්දි ජිමින් අසරණව බැලුවේ නිත්‍යා දිහා... දැනටමත් ප්ලෑන් එක අසාර්තකයි කියලා දැනගත්ත නිත්‍යාගෙන් එක දිගට කදුලු  වැටුනත් ජිමින් නිත්‍යා දිහා බලද්දි නිත්‍යා හිනා උනා..

මැරේජ් වවුස් කියවන්න ඕනේ නෑ මට. ඕක ඉක්මනට ඉවර කරන්න

ජිමින් එහෙම කිව්වේ මේක මැරේජ් එකක් නොවෙන නිසා. කොහෙත්ම ස්නේහා එක්කන් මැරේජ් ලයිෆ් එකක් ගැන ජිමින් හිතුවේ නෑ. ඉතින් බොරු පොරොන්දු දෙනවට වඩා වවුස් නොකියා ඉන්න එක හොදයි කියලා ජිමින්ට හිතුනා...

යූ මේ හෑ කිස් නව්!

ජිමින් බැලුවේ ජන්ග්කූක් දිහා... ජන්ග්කූක්ට තේරුනා ජිමින් මොකද්ද කිව්වේ කියලා... නිත්‍යා ගාවට ගිය ජන්ග්කූක් නිත්‍යාව අතින් අල්ලන් එක්කන් ගියා එතනින් ඈතට......

THE INSANE || PJM FF || COMPLETEDWhere stories live. Discover now