INSANE-02🌸

1.4K 323 19
                                    

ජිමින් වගේම ජන්ග්කූක් ටේහ්‍යුන්ග් තුන් දෙනාම ගාඩ් එක මැද්දෙන් ඇවිදගෙන ගියේ නිත්‍යා කස්මැටික්ස් එක ඇතුලට. යද්දිම ඉස්සරහා එන්ට්‍රන්ස් එකේ ගාඩ් එකට හිටිය අය ආචාර කරපු විදිහ ජිමින්ගේ හිතට ඇල්ලුවත් එයා ගණන් නොගෙනම එක දිගට තාලෙට ඇවිදගෙන ගියේ ටිකක් වේගෙන්. එන්ට්‍රන්ස් එක ගාවින් ජිමින්ගේ ගාඩ්ස්ලා හැමෝම නතර කරපු ජන්ග්කූක් ටේහ්‍යුන්ග් දෙන්නත් ඒ පිටිපස්සෙන් ඇවිදගෙන ගියේ හිනාවක්වත් නැති ආඩම්බර මැර පෙනුමකින්. හැන්ඩ්සම් මැර පෙනුමක් 😋

ඔහ් පාර්ක් සර්!

රිසිප්ශනිස්ට් දුවගෙන වගේ ජිමින් ඉස්සරහට ඇවිත් ආචාර කරලා ජන්ග්කූක් ටේ දෙන්නටත් ඒ විදිහටම ආචාර කරා

ම්ම් නිත්‍යා මීට් වෙන්න ආවේ.

ජිමින් කෙල්ලට කියද්දි කෙල්ල අතේ තිබ්බ වොච් එක දිහා බලලා ආය ජිමින් දිහා බැලුවා.

අම් සොරි සර් ඒත් නිත්‍යා මැඩම් එන්න තව විනාඩි පහලවක් තියනවා..

ඒක ඇහුව ජිමින් ඔලුව වනලා ජන්ග්කූක් දිහා බලලා ආය කෙල්ල දිහාට හැරුනා.

එයාගේ ඔෆිස් රූම් එක පෙන්නන්න මට

ඒත් සර්!

ඔහ් කමෝන් ගර්ල් අපි ඔයාලගේ බොස්ලා මෙතන ඉදන්. බේබි ගර්ල් ඔයා ඒක ඉක්මනට කරොත් ගොඩක් හොදයි මොකද ඔයාගේ ජිමින් බොස්ට තරහා ගියොත් ඔයාට හෙට ඉදන් ජොබ් එකක් නෑ!

ටේ එයාගේ සාක්කුවට එක අතක් දාගෙන අනිත් අතේ තිබ්බ රින්ග් එකක් ඇගිලි අතර මාරු කරන ගමන් කියද්දි කෙල්ල ඔලුව නමලා සමාව ඉල්ලුවා

ඔහ් මියානේ සර්.එන්න මාත් එක්කන්

එක වචනයයි කෙල්ල නිත්‍යාගේ රූම් එකට කොල්ලෝ ටික අරන් ගිහින් එයා එතනින් යන්න ගියා. ජිමින් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව සිගරට් එකක් පත්තු කරගෙන ගිහින් ඉදගත්තේ චෙයාමන් පුටුවේ! වාව් ඒක නිත්‍යාගේ තැන නේද! අරස්සෝ දැන් ඒක ජිමින්ගේලු!

ජිමිනා මෙහේ ඩිසිප්ලීන් හොදයි.අපේ එකට ගැලපෙනවා.

ම්ම්ම් මටත් තේරුනා. ඒත් තර්ඩ් ෆ්ලෝ එකේ තුන්වෙනි කැබින් එකේ හිටිය ගර්ල්ව හෙට වෙද්දි අයින් කරන්න ඕනේ!

THE INSANE || PJM FF || COMPLETEDKde Åžijí příběhy. Začni objevovat