INSANE-PART 13🌸

1.2K 297 23
                                    

13

ජිමින් යද්දි නිත්‍යා ස්විමින්ග් කරනවා. පොඩි ශෝර්ට් එකකුයි චූටි කොට ස්කිනර් එකකුයි ඇදලා හිටිය කෙල්ලගේ කිරිගරුඩ පාට ඇග ජිමින් දකින පලවෙනි වතාව මේ. ජිමින් හිතුවට වඩා කෙල්ල ලස්සනයි.

ජිමින් එයාගේ දිවෙන් එයාගෙම තොල් තෙත් කරගත්තේ වාව් කියලා කියන ගමන්. ජිමින් ටිකක් වෙලා පූල් එක ඉස්සරහා හිටගෙන ඇදගෙන හිටිය ශෝර්ට් එකේ සාක්කුවටත් අත් දෙක දාගෙන බලාගෙන හිටියේ නිත්‍යා දැන් ගොඩට එයි කියලා හිතාගෙන උනත් රවුන්ඩ් හතරක් පහක් ඉවර වෙද්දිත් නිත්‍යා දිගටම ස්විමින්ග් කරමින් හිටියා.

නිත්‍යා එන්නේ නෑ කියලා තේරුන නිසා ජිමින් එයා ඇදගෙන හිටිය ශර්ට් එක ගලවලා බිමට දාලා ශෝර්ට් එකේ සාක්කුවේ තිබ්බ ෆෝන් එක අරගෙන සේන්ට මැසේජ් එකක් දැම්මා කාවවත් එවන්න එපා කියලා..ඊටත් පස්සේ ජිමින් ශෝර්ට් එකත් ගලවලා බොක්සර් එක පිටින්ම පූල් එකට බැස්සේ නිත්‍යාට නොදැනෙන්න.

ඇත්තටම මොකද්ද මේ ජිමින් කරන්නේ? කෙල්ලට කැමතිත් නැත්තන් ආදරෙත් නැත්තන් මොන විකාරයක්ද මේ කරන්නේ ? ඒක දන්නේ ඉතින් ඒ තාරාවම තමා.

ජිමින් නිත්‍යාගේ වේගෙන්ම ස්විමින්ග් කරගෙන ගිහින් වතුර යට ඉද්දිම කෙල්ලව අල්ලගත්තා. නිත්‍යා මේ වෙලාවේ කිසිම කෙනෙක් බලාපොරොත්තුව හිටියේ නැති නිසා කෙල්ල බය උන පාර වතුරත් පෙවුනා. ජිමින් ඉක්මනට කෙල්ලව වතුරෙන් උඩට ගත්ත ගමන් කෙල්ල කහින්න ගත්තත් නිත්‍යාගේ ඉන වටේ තිබ්බ ජිමින්ගේ අත් දෙක තව තවත් තද උනා ඇරෙන්න ලිහිල් උනේ නෑ.

යාහ් (cough) මිච්චෙස්සෝ? තව(cough ) පොඩ්ඩෙන් මැරෙනවා මම ( cough cough )

නිත්‍යා කැහැ කැහැම කියද්දි ජිමින් හිනා වෙන ගමන් නිත්‍යාගේ පිට මෘදුව අතගෑවේ ඒකෙන් කෙල්ලට සහනයක් දැනෙයි කියලා හිතලා.

අනී මන් ඉද්දි එහෙම මැරෙනකන් බලන් ඉන්නේ නෑ

නිත්‍යාට තේරුනා වතුරෙන් යට තියන තමන්ගේ ඉන වටේ එතුන ජිමින්ගේ අත් තවත් නිත්‍යාව ජිමින්ගේ ඇගට තද කරගන්නවා කියලා.නිත්‍යා ජිමින්ගේ නිරුවත් පපුවෙන් අත් දෙක තිබ්බා.

THE INSANE || PJM FF || COMPLETEDWhere stories live. Discover now