INSANE-PART 08🌸

1.2K 307 11
                                    

8

ටේ වැඩේ දෙක වෙන්න කලින් කෙල්ලව ශේප් එකේ වඩාගෙන එලියට අරන් ආවේ දොරත් වහගෙන. ඒ ගියාට පස්සේ ජිමින් දොර ලොක් කරන දිහා නිත්‍යා බලන් හිටියේ ඇසුත් ලොකු කරන්

                  වේ.....වේ...දොර ලොක් කරේ? ජිමින් ඒක අරින්න ම.....මට යන්න ඕනේ

ජිමින් දොර ලොක් කරලා ඉවර වෙලා කෙල්ල දිහා බැලුවේ අමුතු හිනාවකුත් මූනේ තියාගෙන.කෙල්ලගේ මූන දැක්කහම ජිමින්ට හිතුනා තව ටිකක් කෙල්ලව බය කරන්න.

වේ? ඔයා බය වෙලාද නිනී?

ජිමින් විකාර කරන්න එපා කවුරුත් ආවොත් වැරදියට හිතයි අනික ඔයාගේ ශර්ට් එකත් නෑ ඇගේ!

නිත්‍යා අත් දෙකම එහාට මෙහාට කර කර කියන විදිහට ජිමින්ට හිනාවක් ගියා.

අනී මගේ ඔෆිස් රූම් එකට කවුරුත් එන්නේ නෑනේ නිනී. එන්න ඉන්නේ ටේ ජන්ග්කූක්. ජන්ග්කූක් මීටින්ග් එක්කට ඔෆිස් එකෙන් පිට ගියා ඌ එන්නේ හවස. ටේ රෝස් එක්කන් ගියා. ටේ එන්නේ මන් එන්න කිව්වහම

ජිමින් කෙල්ලට අඩියෙන් අඩිය ලන් වෙද්දි කෙල්ලගේ ඇස් දෙක තව ලොකු උනා. කෙල්ල ජිමින්ට ඇගිල්ල දික් කරා

එ....එතකොට ඔ..ඔයාද කිව්වේ ටේට රෝස් අරන් යන්න කියලා?

කෙල්ලගේ තොල්පට වේලිලා.. ජිමින් ඉස්සරහට අඩියක් ගානේ තියද්දි නිත්‍යා අඩි දෙකක් විතර පස්සට ගියත් නිත්‍යා ඊට පස්සේ ඉන්න තැනින් හෙලවුනේවත් නෑ. ඉතින් ජිමින් නිනී අතර තිබ්බ දුර ඉක්මනට අඩු උනා.

දේ. රෝස් මේවා බලන්න හොද නෑනේ නිනී එයා තාම චූටියි

ජිමින් එයාගේ හිනාව හන්ගගෙන කියද්දි කෙල්ල රතු උනා. ඒත් නිත්‍යා ජිමින්ගේ ඇස් දිහා කෙලින්ම බලන් හිටියා.

මො..මොනාද ඔයා...කියන්නේ ජිමින්!

ඒත් එක්කන්ම නිත්‍යාගේ ෆෝන් එක රින්ග් වෙන්න ගද්දි ඒ සද්දෙට නිත්‍යා ගැස්සුනේ එයාගේ සම්පූර්ණ අවදානේ ජිමින්ට දීලා තිබ්බ නිසා. ඒත් නිත්‍යා ෆෝන් එක ගන්න යද්දිම ජිමින් නිත්‍යාගේ අතින් ඇදලා ආයේම නිත්‍යාව එයාට ලන් කරගත්තා.

THE INSANE || PJM FF || COMPLETEDWhere stories live. Discover now