INSANE-PART 10🌸

1.2K 299 52
                                    

10

ජිමින් සද්දයක් නැතුව ඉන්නකන් අපිටත් එහෙම ඉන්න වෙනවා සේන්! දැන් ඔයාගේ සද්දේ අඩු කරගන්න ප්ලීස් මගේ ඔලුව රිදෙනවා!

අරස්සෝ මන් ඔයාට මුකුත් කියන්නේ නැහැ. පහලට ඇවිත් කෑම කන්න

සේන් එහෙම කියාගෙන දොර ගාවට යද්දි ටේ සේන් ගාවට ගිහින් සේන්ව දොරට හිර කරගත්තා.

දැන් ඔය තරහා වෙලාද යන්න හදන්නේ?

අනී මන් මොකටද තරහා වෙන්නේ

එහෙම කෙල්ල කිව්වත් ටේට තේරුනා එයා සැර දැම්ම එකට සේන් අවුලෙන් කියලා. ටේ එහෙම්ම කෙල්ලගේ බෙල්ලට පාත් වෙලා බෙල්ල පාමුල වෙට් කිසස් තියන්න ගත්තත් සේන් ටේව තල්ලු කරා.

ඇවිත් කන්න.දැන් වෙලාව පාන්දර දෙකයි ටේ! ඔයාට හෙට උදෙන්ම කරන්න වැඩ ගොඩක් තියනවා.

සේන් ඔයාට මොකද්ද වෙලා තියෙන්නේ?

සේන් ඒ කිසි දේකට උත්තර නොදී දොර ඇරගෙන යද්දි ටේ නිකන්ම ලොකු හුස්මක් පාත දැම්මේ දැන් දැන් සේන්ගෙයි ටේගෙයි රණ්ඩු වැඩියි කියලා ටේට තේරෙද්දියි.

ජිමින් නිත්‍යාට වාරු වෙලා පහලට එද්දි හැමෝම කෑම මේසේ හිටියා. හොට් වෝටර් බාත් එකක් ගත්තට පස්සේ ජිමින්ගේ ඇගට පොඩි ශක්තියක් දැනුනු නිසා ජිමින් ජන්ග්කූක්ට ඇහැක් ගැහුවා.

යාහ්! මාත් එක්කන් ෆ්ලර්ට් කරන්න එපා ඔය ඉන්නේ ලග එකක් එයා එක්කන් ෆ්ලර්ට් කරගන්න!

ජන්ග්කූක් කෑ ගහද්දි නෝරා හිනා උනා. ඒත් ටේ සේන් දෙන්නා කරේ දෙපැත්තට වෙලා කට වහගෙන කෑව එක විතරයි.

උබලා දෙන්නා ආය රණ්ඩු උනාද?

ජිමින් ඇහි බැම්මකුත් උස්සලා ටේගෙන් අහද්දි උත්තර දුන්නේ සේන්

අනී අපි රණ්ඩු උනේ නෑ

එතනින් එහාට ජිමින් ඒ ගැන කිසි දෙයක් ඇහුවේ නැත්තේ ඒක එයාලගේ ජීවිතේ නිසා. නිත්‍යා ජිමින්ට කෑම බෙදන දිහා ජන්ග්කූක් බලාගෙන ඉන්නවා නෝරා දැක්කා. නෝරාට ඕනේ උනේ නෑ ජන්ග්කූක්ට තනි කමක් දැනෙන්න දෙන්න. ඒ නිසාම නෝරා ජන්ග්කූක්ගේ ප්ලේට් එකට කෑම බෙදද්දි ජන්ග්කූක් ලොකු හිනාවක් එක්කන් නෝරාගේ මූන දිහා බැලුවා.

THE INSANE || PJM FF || COMPLETEDWhere stories live. Discover now