INSANE- PART 04

1.4K 321 24
                                    

4

එතන ඉස්සරහා කෙල්ලෙක් කාර් එකේ කී එකත් කරක කරක ඉන්නවා දකිද්දි ජිමින්ගේ හිනාව ඊට වඩා වැඩි උනා. වෙන කවුරුත් නෙවේ ජිමින්ගේ පර්සනල් බොඩි ගාඩ්. සේන්! කොට බෙල්ල ගාවට වැටුනු කොන්ඩේත් එක්කන් සේන්ට තිබ්බේ දගකාර පෙනුමක්. පැච් ටයිට් තනි කලු ඩෙනිමකට සුදු ටී ශර්ට් එකක් ඇදන් ජිමින්ගේ කාර් එකේ බොනට් එකට හේත්තු වෙලා හිටිය කෙල්ල ජිමින් දැකලා කෙලින් උනා.

ඔහ් තමුසෙට මාව මතක් වෙලා

අනේ මේ යන්න සර් යන්න.මාව යවලා දැන් එනවා මෙතන කියවන්න

සේන් කිසිම දවසක ජිමින් එක්කන් එකට එක කියන එක නතර කරේ නෑ. සේන් ට්‍රේන් කරන්න ගත්ත මුල් දවස් වල ඉදන්ම ඒ එයා හැසිරුනු විදිහ නිසා ජිමින් උනත් මුකුත් කිව්වේ නෑ. කොටින්ම ජිමින් කැමති උනා මේ වගේ දග මැර කෙල්ලෙක් තමන්ගේ පර්සනල් බොඩි ගාඩ් උනාට. සේන්ව ජිමින් ජන්ග්කූක් ටේ තරමටම විශ්වාස කරා.

සේන් වාහනේ ඩ්‍රයිව් කරපු නිසා ජිමින් කාර් එකේදිත් කරේ සේන්ව අල්ලගෙන බයිට් කරපු එක.සේන්ට ටේ ගැන කියද්දි කොච්චර මැර කෙල්ලෙක් උනත් සේන් රතු වෙන විදිහ ජිමින්ට විනෝදයක් ගෙනාවා.

සේන්! ජිමින්ට සේන් තරම් දක්ශ කෙනෙක් මේ ලෝකේ නෑ. සේන් කියන්නේ තනිකරම ෆයිට්ස් වලටම මවපු කෙනෙක් කියලයි ජිමින් හැමදාම කියන්නේ. ඒ තරම් ජිමින් සේන්ට ඇලුම් කරා.

සේන් ජිමින්ව අපාර්ට්මන්ට් එක ඉස්සරහා ඩ්‍රොප් කරලා යද්දි ජිමින් අපාර්ට්මන්ට් එකට ගිහින් හිමීට  එයාගෙ රූම් එකට එහා පැත්තේ තිබ්බ රූම් එකට ඔලුව දාලා බැලුවේ එයා බලාපොරොත්තු උන රූපේ තාමත් ඇහැරලාද බලන්න. ඒත් එයා හිටියේ හොද සැප නින්දක නිසා ජිමින් එයාගේ රූම් එකට ගියේ නාලා නිදාගන්න හිතාගෙන.

ඊලග දවසේ උදේ හත වෙද්දි නිත්‍යා හිටියේ ෆයිල් ගොඩක් බදාගෙන ජිමින්ගේ ඔෆිස් එකේ. ජිමින්ගේ හිටිය සෙකට්‍රි අයින් වෙලා අවුරුද්දකටත් කිට්ටු වෙලාත් ඇයි ජිමින් සෙකට්‍රි කෙනෙක් අරන් නැත්තේ කියන එකට හිතින් බැන බැනම නිත්‍යා ඉන්කම්ප්ලීට් ෆයිල්ස් කම්ප්ලීට් කරන්න ගත්තා.

THE INSANE || PJM FF || COMPLETEDWhere stories live. Discover now