INSANE-PART 19🌸

1.2K 290 32
                                    

19

නිත්‍යා අපාර්ට්මන්ට් එකට යද්දි රෝස් ඇහැරිලා ජින් එක්කන් හුරතල් වෙනවා. රෝස්ට වෙනසක් නොපෙන්වා එයා එක්කන් ටික වෙලාවක් ඉදලා උඩට ආවේ කෑමවත් කන්නේ නැතුව.. රූම් එකට ඇවිත් දොර වැහුව නිත්‍යාට ජිමින්ගෙයි එයාගෙයි මතක වලින් පිරුණු රූම් එක දකිද්දි ආයේම ඇඩුනා.ඇදේ ඉදගෙන කකුල් දෙක උඩින් අත් දෙක තියාගත්ත නිනී ආය ඉකි ගහන්න ගද්දි නිත්‍යාගේ ඉන වටේ හුරුපුරුදු උණුසුම තියන අත් දෙකක් එතුනා....

මොකද දැන් මේ මගේ කොටි පැටියා අඩන්නේ ඊයේ අපාර්ට්මන්ට් එකට ආවෙත් නෑ.

ගුක්......

ජන්ග්කූක් දැක්කා නිත්‍යා අවුලෙන් රූම් එකට යනවා. ඒ නිසයි ජන්ග්කූක් නිත්‍යාගේ පස්සෙන්ම ආවේ. ඒත් නිත්‍යා ගිය ගමන් අඩන්න පටන් ගද්දි ජන්ග්කූක් ගිහින් ඇදේ ඉදගෙන හිටිය නිත්‍යාගේ ඉන වටේ අත් යැව්වේ එයා ගාවින්ම ඉදගන්න ගමන්.. ජන්ග්කූක් ආව ගමන් නිත්‍යා තව ටිකක් හයියෙන් අඩන්න ගත්තා..

නිනී....ඇති තරම් අඩන්න. ඔයාගේ දුක නැති වෙනකන් අඩන්න.මට හේතුව අහන්න ඕනේ නෑ මන් හේතුව දන්නවා.

ජන්ග්කූක් නිත්‍යාගේ පිට මෘදුව අතගාන ගමන් නිත්‍යාගේ ඔලුව උඩින් නිකට තියාගත්තා....පැයක් විතර යද්දි නිත්‍යාගේ ඇඩිල්ල නතර වෙලා තිබ්බත් නිත්‍යා හිටියේ ජන්ග්කූක්ට තුරුල් වෙලා.. නිත්‍යාට මේ වෙලාවේ හරි වැරැද්ද පෙනුනේ නෑ. එයාට ඕනේ උනේ අඩන්න උරහිසක්.

ඉවරද අඩලා අපේ අඩන බබා ම්ම්ම්ම්

නිත්‍යාගේ නිකටෙන් අල්ලලා මූන උස්සලා ඇහුව ජන්ග්කූක්ට නිත්‍යාගේ රෝස පාට මූන දැකලා හිනා ගියා..

ඔයා හේතුව දන්නවා කිව්වා.

ජන්ග්කූක්ගේන් ටිකක් ඈත් වෙන ගමන් ඇදේ කෙලින් උන නිත්‍යා අහද්දි ජන්ග්කූක් ඔව් කියන්න ඔලුව වැනුවා.

කොහොමද

මන් හදපු සිස්ටම් එකකට කෙනෙක් ලොග් වෙනවා මට හොයන්න බැරිනම් ඒකෙන් වැඩක් නෑනේ මැණික. ඔයා ගත්ත වීඩියෝස් මොනවද කියලත් මන් දන්නවා.

නිත්‍යා ඒකට ඔලුව වැනුවත් එයාගේ මූනේ හිනාවක් තිබ්බේ නෑ..

ස්නේහා කියන්නේ අනාත කෙල්ලෙක් කියලා මට විස්තර හම්බුනේ. ජිමින්ට වඩා ගොඩක් බාලයි එයා අවුරුදු පහක්ම. ඒත් කෙල්ලට සල්ලි තියනවා සෑහෙන්න. කොහොමද කියන්න මන් දන්නේ නෑ. ඒ කෙල්ල ජිමින්ව අතාරින්නේ නෑ වගේ. මන් කියන්නේ නෑ අපේ එකා කරපු දේ හරි කියලා. ඌ වැරදියි.

THE INSANE || PJM FF || COMPLETEDWhere stories live. Discover now