INSANE-PART 11 🌸

1.2K 298 102
                                    

11

ඔම්මා කියන වචනේ ඇහුනා විතරයි ජිමින් ජන්ග්කූක් ගාවට ආවේ පිස්සුවෙන් වගේ.  ජන්ග්කූක්ගේ කොලර් එකෙන් අල්ලගත්ත ජිමින් ජන්ග්කූක්ට කෑ ගැහුවා.

මගේ ඔම්මට මොකද උනේ ? ජන්ග්කූක් මාව පිස්සෙක් නොකර කියපන් ඔම්මට මොකද උනේ?

එ...එයා ම...මරලා ජිමින්!

මොහ්? උබ මොකද්ද කිව්වේ මට ඇහුනේ නෑ හරියට

ජිමින් එයාට ඇහුන දේ විශ්වාස කරන්න බෑ වගේ ආයේ ආයේ ඇහුවත් ජිමින්ට ජන්ග්කූක්ගේන් හම්බුනේ එකම උත්තරේ. ඒ එයාගේ ඔම්මා මැරිලා කියන එක.

අන්තිමට ජිමින් එයාගේ ඔෆිස් එකේ හිටිය තැනම බිම ඉදගත්තත් ජිමින්ගේ ඇස් වල පිරිලා තිබුන කදුලු බිමට වැටුනේ නෑ. ජිමින් ඇඩුවේ නෑ. එයාට ඒ වේදනාව දරාගන්න බැරි උනා. පොඩි කාලේ ඉදන්ම අප්පගෙන් පොඩිමවත් ආදරයක් නැතුව හැදුන ජිමින්ට ඔම්මගේ ආදරේ කියන්නේ මහ මෙරක් තරම්. ඉතින් එයා ශොක් උනා මේ නිවුස් එකට. මොකද එයාගේ ඔම්මා ඊයෙත් හොදට හිටියා ජිමින් එයාගේ ඇස් දෙකෙන්ම දැක්කා.

ගුකී මො...මොකද්ද වෙලා තියෙන්නේ?

දන්නේ නෑ නිනී දැන් අප්පගේ ගෙදරින් කෝල් එක ආවේ. වහ බීලාලු එයා. එයාලා කියන්නේ සූසයිඩ් කරගෙන කියලා. ඒත් මන් වගේම හැමෝම දන්නවා එයා එහෙම කරගන්නේ නෑ. මෙතන මොකක් හරි තියනවා නිනී

ජන්ග්කූක් කිව්ව දේත් එක්කන් ජිමින් දිහා බැලුව නිත්‍යා එයාගේ අතේ තිබ්බ ප්ලේට් එක ටේබල් එක උඩින් තියලා ජිමින් ගාවට නැවුනා.

ජිමින් අපි යන්න ඕනේ එහෙමනේ? ඔයා ඔම්මට අවසන් ගෞරව දක්වන්න යන්න ඕනේ

නිත්‍යා කියන දේ ඇහෙන්නේ නෑ වගේ ජිමින් එහෙම්ම හිටියා. විනාඩියක් දෙකක් නෙවේ පැයක් විතර යනකන් ජිමින්වත් වෙන කිසිම කෙනෙක්වත් එතනින් අඩියක්වත් හෙලවුනේ නෑ. ජන්ග්කූක්ගේ ඇස් වලින් ගලන කදුලු ඇරෙන්න කිසිම කෙනෙක් ඇඩුවේ නෑ. විශේෂයෙන් ජිමින්!

ටික වෙලාවක් එහෙම ඉදලා හිටිය තැනින් නැගිට්ට ජිමින් නිත්‍යා දිහාට හැරුනා.

නිනී රෝස්ව එක්කන් යන්න අපාර්ට්මන්ට් එකට. ඔයාගේ එකට යන්න අපේ අපාර්ට්මන්ට් එකට යන්න එපා. නෝරා එක්කන් ඉන්න සේන්ව මන් එවන්නම්. පැරිස් වලට කෝල් කරලා ඇග්‍රිම්න්ට් එක සතියකට කල් දාන්න. අනික

THE INSANE || PJM FF || COMPLETEDWhere stories live. Discover now