19th Chapter 💋

567 201 52
                                    

------------------------------

" ජිනී... අද මොකද වුනේ කියන්නකෝ ? දන්නවද මං කොච්චර බය වුනාද කියලා ? "

කෑම කාලා ඉවර වෙලා ටේව නිදි කරවලා මං ආරම් එක්ක තනි වුනේ ටිකක් කතා කරන්න හිතන්... හැමදේම නැතත් අද සිද්ද වුන දෙයින් භාගයක් හරි ආරම්ට මට කියන්න ඕන වුනා... මෙච්චර වෙලා කෝපී එකක් බීබී මගේ පපුවට ඔලුව තියන් ටීවී එක දිහා බලන් හිටිය ආරම් අන්තිමට මට කලින් ඒ දේ ඇහුවේ මගේ නිහැඩියාව දරා ගන්නන බැරුව වෙන්න ඇති...

" අද මට ඔයාගෙ හස්බන්ඩ් හම්බුනා..."

මං ඒ දේ කිව්වේ ඇත්තටම නම්ජූන් ආරම්ගේ තවම හස්බන්ඩ් නිසා.. ඒත් ආරම්ට ඒකෙන් කේන්ති ගියා... කවදාවත් මාත් එක්ක කේන්ති නොගිය කෙල්ල පළවෙනි වතාවට අද කේන්ති ගත්තා...

" ඔයා කවදා වෙනකම් නම්ජූන් මගේ හස්බන්ඩ් කියනවද ජින් ?.. ඔව් එයා මගේ හස්බන්ඩ් .. තවම මට එයාව අයින් කරන්න බැරි වුනා.. ඒත් ලගදිම මං ඒ දේ කරනවා.."

" කොහොමද ? "

" ඊට කලින් මට කියන්න මොකටද එයා ඔයාව හම්බුනේ ?.. හම්බුනාට පස්සේ ඔයාට කෙලින් ගෙදර එන්න බැරි වෙන්න තරම් මොකද වුනේ ජින් ?"

ආරම් කියවනවා.. ඔහේ බනිනවා.. ඒකෙන් වෙන්නේ තව තවත් මං ආරම්ට ආදරේ වෙන එක විතරයි... මේ බැදීම තව තව ලෙහන්න බැරි තරම් බැදෙන එකයි...

දවල් ග්‍රොසරියට ගිය මං ආවේ නැති නිසා ටේ මාව හොයන්න හිතන් ගෙදරින් එළියට ආවට පස්සේ ගේ ලග වැටිලා තිබ්බ බෑග් ටික දැකලා බය වෙලයි ආරම්ට කතා කරලා තියෙන්නේ.. කෙල්ල දවල් ඉදන් මෙහේ... අරූ අරහේ පිස්සු නටද්දී ආරම් මෙහෙම හැසිරුනාම අපිට තව ප්‍රශ්න වෙයි ආරම්... ඒත් මං කොහොමද මේවා ඔයාට කියන්නේ... ?.. අපිට කවදාවත් එකතු වෙන්න නොලැබෙයිද ?...

" නම්ජූන් දැනගෙන මං ඉන්නේ ඔයාගේ ඔෆිස් එකේ කියලා.. එදා පාර්ටි එකේ සිද්දිය .."

මං එහෙම කියලා ආරම් දිහා බැලුවේ සිද්ද උනේ ඒකයි කියලා අගවන්න.. ඒත් ආරම් ඇස් දෙකත් ලොකු කරන් මගේ දිහා බලන් හිටියේ හරියට එයාට ඒ දේවල් මතක නෑ වගේ....

" මොන...පාර්ටි එකද ජින්? "

" ආරම්...ඔයාට ඒකත් අමතක වුනාද ?... එදා කන්ග් කාරයගේ බිස්නස් පාටි එක..."..

MY BOSS GIRL 💋 || KSJ  [Completed ]Where stories live. Discover now