3rd Chapter 💋

939 251 173
                                    


--------------

" ඒ ටේ එනවා හ්‍යොන්ග් ගිහින් දාන්නම්... "

" වහ් චින්චා ? වහ් හ්‍යොන්ග් තමයි බෙස්ට්... මට බස් එකේ ගිහින් එපා වෙලා හිටියේ.. "

" හරි හරි බටර් ගාන්න ඕන් නෑ එනවා.. අද කලින් ලෑස්ති වුන නිසා ගිහින් දාන්නේ... "

" ඕකේ කජාහ්හ්හ්ජ්හ්..."

ජින් ටේවත් එයාගේ බුගාතියේ දාන් ඔෆිස් එකට යන්න කලින් ටේව එයාගේ ස්කූල් එකට එකට ගිහින් දානවා කියලා හිතන් දෙන්නත් එක්ක පිටත් වුනා..උදේ පාන්දර සෝල් වලින් එන සීතළ නැවුම් සුළග දෙන්නම වින්දේ හරි සතුටකින්..

" ටේ හ්යොන්ග්නා.... "

" ඕ හ්‍යොන්ග් ..."

" අනිත් ළමයි කාර් වල එද්දී ඔයා මේ බයික් එකේ ගියාම අවුල් නැත්ද ?..."

" අනී.. ඇයි අවුල් වෙන්නේ හ්‍යොන්ග් .... ? අපි යන්නේ අපේ වාහනේනේ.. "

" නැහෑ ඉතින් .. අනිත් ළමයි කාර් වලින් ඇවිත් බහින නිසා ඇහුවේ... ඔයාටත් ලැජ්ජාවක් එනවා ඇතිනේ... "

" අපෝ නැහෑ...අනික හ්‍යොන්ග් අපිට වුන ප්‍රශ්න ගැන ස්කුල් එකේ ළමයි දන්නවනේ.. "

" ම්ම්ම් "

ජින් ටේ කිව්ව දේ තේරුණ බව ඇගෙව්වත් තමන්ගේ පොඩ්ඩා ලැජ්ජ වෙයි කියන බය ජින්ගේ හිතේ තිබ්බා.. තමන් ලෝකෙට කොච්චර ලැජ්ජා වුනත් ජින්ට ඕනේ වුනේ එයාගේ මල්ලිව ලස්සනට හදන්න...

ඒත් ළමයිනුත් දන්න මේ අයගේ ජිවිත වලට වුන බලපෑම මොකද්ද ?..

දෙන්නත් එක්ක විකාර කියව කියව සිංදුවකුත් කිය කිය ෆුල් හැපි එකේ බයික් එකේ හන්ගගේ පාලම පහු වෙනකනුත් කිසි අවුලක් නැතුව ගියා.... ඒත් ඒ සතුට වැඩි වෙලා තියන්න ජින්ගේ බුගාතියට පුලුවන් වුනේ නැහෑ..... 🙂

" ඕ ඕ... අයිෂ්... මේකත් මේ වෙලේම කැඩුනනේ 😩 "

" හ්‍යොන්ග් ... මේකේ කාලේ හරි වගේ නේද ? "

" ආයේ පිස්සුවක් ඇතෑ... පොඩ්ඩක් බැට්‍රිය තද කරලා ගත්තම තව අවුරුදු ගානක් බය නැතුව ඇදතැහැකී..."

" ඕ හ්‍යොන්ග් ... පරක්කු වෙනවා "

ටේ කිව්වේ එයාගේ ඔරලෝසුවෙන් වෙලාව දිහා බලන ගමන්...ජින් හිටියේ බයික් එකට මොකද වුනේ කියලා බිම ඉදගෙන බඩගාගෙන බලන ගමන්..

MY BOSS GIRL 💋 || KSJ  [Completed ]Where stories live. Discover now