12th Chapter 💋

737 219 101
                                    


-------------------

" අද ඔයා ඉන්න තැන ඉන්න ඕනේ වෙන කෙනෙක් ආරම්.... "

නම්ජූන් කිව්වේ ආරම් දිහා බලන් වුනත් ඒ ඇස් වල තිබ්බේ දුකක් වෙනුවට තරහක්.. ආරම් ඉස්සරහා බලන් හිටිය නිසා නම්ජූන් තමන් දිහා බලන් ඉන්නවා දැක්කේ නැහෑ... නම්ජූන්ගේ ඇස් වල තිබ්බේ තරහකටත් වඩා වෛරයක්... ඇස් වල තිබ්බ කදුලු පටලයත් එක්ක ඒ ඇස් රතු වෙලා තිබුණා... ඒත් ඒ එක්කම ආරම් නම්ජූන් දිහා බලුව නිසා නම්ජූන් හරි ලස්සනට මූණට හිනාවක් අරන් ආරම් දිහා බලලා ඉස්සරහා බලා ගත්තා....

" මං නෙවේනම් කවුද ?... ඔයා ආදරේ කරන කෙනෙක් හිටියද ජුනී?"...

" හිටියා නෙවෙයි ආරම්... ඉන්නවා... එයා තවමත් ඉන්නවා... එයා මං නිසා දුක් විදිනවා.. මේ ඔක්කොම තමුන් නිසා .... "

" ජුනී...".

" ආ දේ... හිටියා... ඒත් එයා දැන් නැහෑ... මං ඔයාව මැරි කල නිසා එයත් වෙන කෙනෙක් මැරි කලා... "

" මියාන්හේ...මං ඒ කිසි දෙයක් දැනන් හිටියේ නැහෑ...."

" නා අරා.. අපේ අප්පා නිසානේ ඔයා මාව මැරි කලේ... මං හිටියේ එයා ගැන පිස්සුවෙන් ආරම්.. ඒ නිසයි මේ හැමදේම.. ඒත් මං තවත් ඒ ගැන හිතන එකේ තේරුමක් නැහැනේ.. ඒකයි අපි ආයෙත් අලුතෙන් පටන් ගමු කීවේ..."

" ඒත්... ඔයාලා ඇයි වෙන් වුනේ? "

" අප්පා අකමැති නිසා... "

නම්ජූන් එතනින් එහා කිසිම දෙයක් කියන්න ගියේ නැහෑ.. මොකද ඊට එහා දෙයක් කිව්වොත් එයාගේ ප්ලෑන්ස් ඔක්කොම අපතේ යනවා කියලා නම්ජූන් දැනන් හිටියා....

ආරම් ජුනී කිව්ව හැම වචනයක්ම විශ්වාස කලේ ජූන් ඇත්තටම හිතට දැනෙන විදිහට බොරු රගපෑමක් එක්ක කතා කල නිසයි....මොකද මෙච්චර කාලෙකට නම්ජූන් නොකීව ඒ කතාව අද මේ වගේ කිව්වම ඊටත් වඩා දෙයක් ඒ කතාවේ ඇතියි කියන එක ආරම් කීයටවත් හිතුවේ නැහෑ..

" හැමදේම අමතක කරලා සතුටෙන් ඉන්න ජුනී.. අපේ ජීවිත  වල සමහර තීරණ අනිත් අයට ඕන විදිහට ගන්න වෙනවා.. වුන දේවල් වුනා..ඒ නිසා ඔය දේවල් දැන් අමතක කරන්න..  ම්ම් "

MY BOSS GIRL 💋 || KSJ  [Completed ]Where stories live. Discover now