17th Chapter 💋

701 217 131
                                    

------------------------------

" මෙහෙමද තමුන් තමුන්ගේ ගෑණීව බලා ගන්නේ....?"

උදේම බේක් හ්‍යුන්ගේ ගෙදර ගිය නම්ජූන්ට සිද්ද වුනේ තමන්ගේ අප්පගෙන් කම්මුල් පාරක් කන්න... හදිස්සී පණිවිඩයක් නිසා එන්න කියලා තිබ්බ නිසා නම්ජූන්ට උදේ ඔසිස් යන්න කලින්ම අප්පාව හම්බෙන්න යන්න වුනා... ඒත් කොල්ලට ගෙට ගොඩ වෙන්නත් කලින් බෙක් හ්‍යුන් කම්මුල හරහා පාරක් ගැහුවේ නම්ජූන්ට මුකුත් හිතන්නවත් වෙලාවක් ඉතිරි නොකරයි.

" අප්පා ඔයා මොනවා ගැනද කියන්නේ කියලා මට මුලින්ම කියනවද ?"

අප්පා වුනත් නම්ජූන්ට බෙක් හ්‍යුන්ග් ගැන තිබ්බ තරහා නිසාම කොල්ලත් කතා කලේ ටිකක් සද්දෙන්... බෙක් හ්‍යුන් නම්ජූන්ගේ කටේ සද්දෙට මුලින් ගැස්සුනත් ඒ ක්ෂණිකව ආයෙත් ඒ මූණ තරහටම රතු වුනා...

" මේ බලනවා තමුන්ගේ ගෑණි නටන නාඩගම්..."

නම්ජූගේ මූණට පිංතූර වගයකින් දමලා ගහන ගමන් එහෙම කිව්ව බෙක් හ්‍යුන්ග් සාක්කු දෙකටත් අත් දෙක දාන් නම්ජූන්ට පිටුපාලා හිට ගත්තා...

බිම වැටිලා සීසීකඩ ගිය ෆෝටෝස් දිහා ටික වෙලාවක් බලන් හිටිය නම්ජූන් ඒ අතරින් එක ෆොටෝ එකක් ගත්තේ කේන්තියෙන් දත්මිටි කන ගමන්....

" තමුන්ගේ වැඩ නිසයි මේ හැමදේම නම්ජූන්... තමුන් හදන්නේ මං අමාරුවෙන් හදා ගත්ත මේ හැමදේම විනාශ කරලා දාන්නද ?.. දැන්වත් ඔය කෙල්ලව අල්ල ගන්නවා...නැත්නම් මං දන්නවා කරන්න ඕන දේ..."

බෙක් හ්‍යුන් නම්ජූන්ට දුන්නේ ආරම් ජින් එක්ක යද්දී ගත්ත ෆොටෝස් වගයක්.. ඕනාවටත් වඩා ලං වෙලා හිටිය දෙන්නා දිහා බැලූ බැල්මට පේනවා කපල් එකක් කියලා.. ඒත් බෙක් හ්‍යුන් කතා කලේ ඒ ගැන ගාණක් නොගෙන තමන් ගැන හිතලා විතරයි.. ඒත් මේ වෙලාවේ නම්ජූන්ගේ හිත ඕනාවටත් වඩා රිදිල තිබ්බා...

" අප්පා... ඔයාට පොඩ්ඩවත් මං ගැන දුක නැත්ද ?.. ඔයා කලිනුත් මගේ ජීවිතේ එක්ක සෙල්ලම් කලා මදිද? "

" ඒක තමයි තමුන්ට දැන් මං හොදක් කරන්න හදන්නේ ..."

" නෑ අප්පා.. ඔයා තවම එහෙමමයි.. ඔයාට ඕන ආරම්ගේ සල්ලී..දේපළ.. නැතුව මගේ සතුට නෙවෙයි අප්පා... ඔයා මං ගැන හිතුවා නම් මේ වෙලාවේ ඔහොම නෙවෙයි කියන්නේ.. එහෙනම් ඔයා මේ වෙලාවේ ආරම් ගැන තරහා ගන්නවා.. මොකද ආරම් ඔයාගේ පුතාට වංචා කල නිසා..."

MY BOSS GIRL 💋 || KSJ  [Completed ]Where stories live. Discover now