15th Chapter 💋

705 215 97
                                    

---------------------------

ආරම් කලින් දවසේ විකීගෙන් ගත්ත පෙන් එක ඔෆිස් එකට අරගෙන ඇවිත් ඒකේ තියෙන දේ බලන්නකම් හිටියේ නොඉවසිල්ලෙන් .. වෙනදට වඩා කලින් ඔෆිස්  එකට අරම් ආවෙත් ඒ නිසයි.. මොකද ඔෆිස් ටයිම් එකේ මේ දේ කරන්න අමාරු වෙනවා කියලා ආරම් දන්නවා.. ඒ නිසාම ස්ටාෆ් එකේ අය එන්න කලින් ඔෆිස් එකට ආව ආරම් , ආව ගමන් ලැප් එක අරන් පෙන් එක ගහලා ඒකේ තියෙන හැම දෙයක්ම හරි උවමනාවකින් චෙක් කලා...

" මෙච්චර  දෙයක් ?.. ඔත්තොක්කේ ?.. වහ්.. මේ ගැන ඉක්මනින්ම ජින්ට කියන්න ඕනේ... "

පෙන් එකේ තිබ්බ හැම ෆයිල් එකක්ම කොපි එකක් දාන් ආරම් පෙන් එක ලොකර් එකේ හන්ගලා ජින්ව හම්බෙන්න විදිහක් ගැන කල්පනා කරන්න ගත්තා.....

Meanwhile Jin...

" අහ් ඔත්තොක්කේ .. මගේ බුගාතිය.. මං..මං  ඒක කොහෙද තිබ්බේ .... එක මෙතනනේ තියෙන ඕනේ.. හොරෙක්.. ?.. නෑ එහෙම වෙන්න බෑ.. ආෂ්ෂ්ෂ් අන්දෙව්ව්ව්ව්ව්ව් ....."

ජින් හිටියේ ඔෆිස් යන්න ලෑස්ති වෙලා.. ටේත්  දවස් ගාණක ඉදන් කතාවක් නැති නිසා බ්‍රෙක්ෆ්ස්ට් එකත් අරන් ජින්ට ඕනේ වුනේ ටේට පේන්න කලින් යන්න... ඒත් ඒ ඔක්කොම වතුරේ ගිහින් ජින්ගේ ඉහ මොළ රත් වුනේ ගේ ඉස්සරහා වෙනදට තියෙන බුගාතිය නැහැයි කියලා දැක්කාහමයි...

හරහට දාන් හිටිය ඔෆිස් බැග් එකත් ගලවලා බිමට දාලා , පැයක් විතර හෙයාර් ස්ප්‍රේ ගගහා හදා ගත්ත කොණ්ඩෙත් අවුල් කර කර ජින් බුගාතිය හොය හොය ගේ වටේම දිව්වා..

" අහ් ඔදී... බුගතී ඔයා මාව දාලා කොහෙද මයේ වස්තුව ගියේ... "

මුලු පාළාතටම ඇහෙන්න තරම් හයියෙන් ජින් ඔලුවත් අල්ලන් කෑගැහුවේ ඇත්තටම බුගාතිය නැති වෙලා කියලා හිතන්. මොකද කලින් දවසේ රෑ වුන කිසි දෙයක් ජින්ට මතක නෑ..

" මං දැන් ඉදලා වැඩක් තියේද දෙවියනේ..මයේ කුලුදුල් වන්ඩිය.. අන්දෙව්ව්ව්ව්ව්ව් ..."

( ජින්කුක් දෙන්නා සිංදුවක් දාන් නූඩුලුස් එකක් කන ගමන් ජින් අර අඩන විදිහ හිතා ගන්න 🙂 )

MY BOSS GIRL 💋 || KSJ  [Completed ]Where stories live. Discover now