7th Chapter 💋

749 214 94
                                    


Flashback .....

* හයිවේ එකේ වුන ඇක්සිඩන්ට් එකේ බොඩීස්... දෙකම ඩැමේජ්.....ඉක්මන් කරන්න *

මට ඇහුණේ එච්චරයි.. මට වෙන කිසි දෙයක් අහන්න ඕනේ වුනේ නැහෑ.. මගේ කකුල් මටත් කලින් ඉස්සර වෙලා එතනට ගියේ සිය දහස් වාරයක් ඒ මගේ ඔම්මා අප්පා නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්...

ඒත් දෛවය ඒ හැමදේමටම හරස් වුනේ මාවයි මගේ පොඩ්ඩවයි සදහටම මේ ලෝකේ තනි කරලයි...

" අප්පා.... ඉරොනා... චේබාල්..... අහ්හ්හ්හ්හ්හ් ඔම්මාආආඅ...... ඔම්මාආඅ...... 😭😭😭😭.... ඇයි ඔයාලා ඔහොම ඉන්නේ... අප්පාආආ...... ඉරොනා.... "

දරුවෙක්ට එයාගේ දෙමව්පියන් නැති වෙද්දී කොහොම දැනෙයිද ?... ඒ දුක ඒ වේදනාව වචනෙන් කියන්න පුලුවන්ද ?... වයසෙන් මුහුකුරා ගියත් මං තවමත් එයාලගේ දරුවෙක්.. මගේ ඇස් ඉස්සරහම මගේ ඔම්මා අප්පා නැති වෙලා ඉද්දී මේ ලෝකේ ඉන්න අසරණම මනුස්සයා මං කියලයි මට දෑනුනේ....

මට අඩා ගන්නවත් පණක් නැහෑ..ඇදුම් තෙත් වෙලා ඇගටම ඇලිලා.... මට සීතලයි..මාව ගැහෙනවා.. ඒත් ඒ වැස්සේ තෙමුන නිසා නෙවේ... මගේ ඔම්මා අප්පාගේ උණුහුම මට අහිමි වුන නිසා වෙන්න ඇති..

හොස්පිට්ල් එකේ හිටිය හැමෝම මං දිහා බැලුවේ අසරණ විදිහට. සමහර අය පව් ඒ ළමයා කියනවා මට ඇහුණා... ඔව් මං පව්.. තවම ජීවිතේ පටන් ගත්තෙත් නැතුව මගේ මල්ලිත් එක්ක මං මේ ලෝකේ තනි වුනා....

ඔම්මා අප්පාව ට්‍රොලි දෙකක දාලා හොස්පිට්ල් එකට අරන් යද්දී මං මාරුවෙන් මාරුව දෙන්නා ලගටම ගිහින් මට පුලුවන් තරම් හයියෙන් කෑගහලා ඇඩුවත් ඒ දෙන්නාගෙන් එක්කෙනෙක්වත් ඇස් ඇරලා මං දිහා බැලුවේ නැහෑ... වේ?... එයාලට මාව එපා වෙලාද ?... එයාලගේ දරුවෝ දෙන්නා දිහා බලන්නෙම නැතුව මේ විදිහට ගියේ ඒකද ?...

ඔව් මට තරහක් ආවා.. ඔම්මා අප්පා කියන්නෙවත් නැතුව අපිව තනි කරලා අයේ එන්නවත් බැරි දුරක ගිය එකට මට තරහක් ආවා.. ඒ තරහා මගේ වයසේ  දරුවෙක් හැටියට මගේ පැත්තෙන් සාධාරණ නැත්ද ?......

ඔම්මාව අප්පාව ඇතුලට ගත්තම තෙත බේරෙන ඇදුම් එක්කම මං එළියේ බිම ඉදගෙන ඇස් ඉදිමෙනකම් අඩන්න ඇති... මට හීනෙන් වගේ මතකයි නර්ස් කෙනෙක් මට බ්ලැන්කට් එකක් පොරවලා යනවා... මං උදේ වෙනකම් එහෙම ඉන්න ඇති... අන්තිමට හොස්පිට්ල් එකේම ෆියුනරල් එක ලෑස්ති කරාට පස්සේ හරබොජි මාව එක්කන් එතනට ගියා.. මං ඒ වෙනකනුත් හොස්පිට්ල් එකේ කවුරුත් නොයෙන පැත්තක බිම නිදාගෙන අඩ අඩ ඉදලා.. හරබොජී මගේ අතට දුන්න කලු ඇදුම ඇදලා කිසි හැගීමක් නැතුව එතනට යනකොට ටේ එතන බිමට වෙලා හොදටම අඩනවා.. මට අඩන්නවත් කදුලු ඉතුරු වෙලා නැහෑ... ටේ හිටියේ ගොඩක් බය වෙලා... එයාගේ මූණේ තුවාල පැල්ලම් වගේකුත් තිබ්බා.. ඒ ඇයි ?.. මගේ මල්ලීට මොකද වුනේ ... මං හිතන්නේ එවලේ තමයි මං හරි සිහියට ආවේ....

MY BOSS GIRL 💋 || KSJ  [Completed ]Where stories live. Discover now