14th Chapter 💋

626 212 79
                                    

-------------------------

Areum Pov

උදේ දැනුන තද ඔලුවේ කැක්කුමත් එක්ක මං ඇහැරුණේ වෙනදට වඩා අපහසුවකින් වගේ... මොකද මගේ ඇග තද වෙන්න දෙයක් මාව හිර කරන් ඉන්නවා වගේ මට දැනුනා... ඔලුවේ කැක්කුම නිසා ඇස් යන්තමින් ඇරගෙන  දැනුන අපහසුව නිසාම මං ඔලුව අල්ලන් නැගිට්ටේ ඇයි මට නැගිටින්න අමාරු කියලා බලන්න. ඒත් මාව මොහොතකට ගල්වුනේ මාව හිර කරන් හිටියේ ජුනීගේ අතකින් කියලා දකිද්දියි.....

එයා ඒ කියන්නේ මුලු රෑම මගේ ලග ඉදලද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයා ඒ කියන්නේ මුලු රෑම මගේ ලග ඉදලද.....?.. එයා මෙහෙම හැසිරෙන්නේ ඇයි... ?.. අවුරුදු දෙකක් එයා එක්ක මං ඉදලා කවදාවත් මං කෑවද , බිව්වද කියලවත් බැලුවේ නැති එයා ඇයි මෙහෙම හැසිරෙන්නේ...

මං දන්නවා. මට ඕනේ වුනෙත් මේක.. ඒත් මොකද්දෝ අමුත්තක් මට දැනෙනවා.. මට හිතෙන්නෙම එයා මට බොරු කරනවා කියලා... ඊයේ රෑ ආව තද ඔලුවේ කැක්කුම නිසා ඇගට අමාරු වුනත් ඉක්මනට ඔෆිස් යන්න ඕන නිසා ජූනීව නැගිටන් නැතුවම බෙඩ් එකෙන් නැගිටලා වොශ් එකක් දා ගන්න ගියා....

ඔලුවට සීතල වතුර ටිකක් වැටෙද්දී මාරම සනීපයක් දැනෙනවා.. ගිණි අරන් පුපුරන්න තරම් එන ඔලුව කැක්කුම නිසා වෙලාවකට මට මැරුණනම් හොදයි කියලා හිතෙනවා.. ඒත් අප්පා වෙනුවෙන් හැම වෙලේම මට ඕන වුනේ ජීවත් වෙන්න.. ගල් වෙන තරම් සීතල වතුරෙන් පැයක් විතර නාගෙන ඉවර වෙලා ඔෆිස් යන්න ලැස්ති වෙනකනුත් ජුනී නැගිටලා හිටියේ නැති නිසා එයාට පොඩි නෝට් එකකුත් තියලා මං ඔෆිස් එකට ගියා.....

ඔෆිස් එකට යනකොටම ෆ්ලෝර් එක දිගේ කොරිඩෝ එක පැත්තට ඇවිදන් එන ගමන් හිටියේ ජින්... මොකද්ද හේතුවට ජින්ව දැක්ක ගමන් මගේ හිතට පුදුම සතුටක් දැනුනා.. ඊයේ රෑ ඉදන් ඔලුවේ හිර වෙලා තිබ්බ ලොකු ප්‍රෙශර් එකක් එක පාරට නැති වුනා වගේ... ඉන්නේ ඔෆිස් එකේ කියලත් අමතක කරලා ජින් මගේ පැත්තට ඇවිදන් එන්නත් කලින් එයාගේ ලගට මං දුවගෙන ගියේ ඒකයි...

MY BOSS GIRL 💋 || KSJ  [Completed ]Where stories live. Discover now