18th Chapter 💋

663 206 177
                                    


------------------------------

Jin Pov....

දින සති ගෙවිලා ගියේ....වෙනදා ගෙවෙන විදිහටම තමා.. ඉක්මනටවත් හිමීටවත් නෙවේ ...🙂 ... හැමදාම උදේ යුද්ධේ කරලා ඔෆිස් ගියාම එකේ ලෝක මහා සංග්‍රාමය වගේ... මං දැන් ඒ නිසාම ෆීනික්ස් කෙනෙක් වෙලා.. ආරම් අර ගෝතයා එක්ක ඉන්න වාරයක් ගාණේ මාව පිච්චෙනවා ආයේ පණ එනවා... කොහොම වුනත් මේ දේ මං බලාපොරොත්තු වුන නිසා දැන් ඉතින් බැද ගත්ත බෙරේ ගහන්නම එපැයි... පොඩ්ඩක් හරි අපි නිදහසේ හම්බෙන්නේ හන්ගගේ පාලම යට පොඩි ප්ලේස් එකක.. ඒකත් විනාඩි 10කට වගේ.. අනේ මංදා මෙහෙම ලව් කරලා කවදා හරියයිත කියලා.. ඔක්කොම පටන් ගන්නකම් විතරයි...

ආරමුත් මෙහෙම හිටියට හෙන අණ්ඩපාල කියලා හිතෙන වෙලාවලුත් නැතුවම නෙවේ... මොනවම හරි දෙයක් එයා මට හොරෙන් කරනවා කියලා දවස් ගාණක ඉදන් මයේ සරලොක් හෝම්ස් ඉවට දැනුනා... මොනා වුනත් ඒ මාව රවට්ටන දෙයක් නෙවේ කියලනම් මං දන්නවා.. මොකද ආරම් මට හුගක් ආදරේ කලා.. එයාට ඒක පෙන්වන්න ඉඩක් ලැබුන් නෑ.. මොකද අපි දෙන්නම ඉන්නේ හිර වෙලා...

සතියම වැඩ කරලා ඉරිදට ලැබෙන නිවාඩුව ආතල් එකේ ඉන්න කියලා හිතුවට ගෙදර ඉන්න නසරාණියා එක්ක මට ඒ දේ හීනයක් වගේ...

" හ්‍යොන්ග් නැත්ද මුකුත් ? "

" හ්‍යොන්ග් බඩගිනී..."

" හ්‍යොන්ග් පොඩි කෑමක් තිබ්බනම් මේ වෙලාවට කියලා වැඩක් නෑ..."

උදේ නැගිට්ට වෙලේ ඉදන් ඒ මිනිහාගේ වැඩේ කන එක.. බඩේ හිගන්නෙක් නෙවේ හිගන ෆාර්ම් එකක්ම ඉන්නවද කොහෙද.. කොහොමත් මයේ මේ උණුවන ධාරක ස්නේහේ නිසා අහක බලන් ඉන්න බැරි තැන

" හ්‍යොන්ග්ගේ අතින් හදන කෑම වලට ගහන්න කෑමක් නෑ හ්‍යොන්ග් ..."

කියලා ටේ දැන් විනාඩි 7 තත්පර අරික්කාලකට කලින් කීවා ඒ වචනෙට රැවටිලා කෑමක් හදන්න බඩු ගන්න මං මේ ග්‍රොසරියට යමින් ගමන් ඉන්නේ....

Pov End..

Pov End

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
MY BOSS GIRL 💋 || KSJ  [Completed ]Where stories live. Discover now