"I'm sorry my love. ආයිත් නම් මං ඔයාව දාලා යන්නෙ නෑ කියලා පොරොන්දු වෙනවා. ඔයාට මොනවහරි කන්න ඕනද?" ජන්ග්කුක් ඇහුවා.

"එපා. මට තිබහයි." ඔමේගා පිළිතුරු දුන්නා.

ඊටපස්සෙ ජන්ග්කුක් එහාපැත්තෙ මේසෙ උඩ තිබුනු වතුර පිරුනු වීදුරුව එයාගෙ මේට්ගේ අතට දුන්නා. වීදුරුවෙන් බාගයක් විතර වතුර බීපු ටේහ්‍යුන්ට ඒකෙන් පොඩි ප්‍රබෝධයක් දැනුනා.

"එයාට මොකක් හරි කරදරයක් කියලා ඔයා කොහොමද දැනගත්තේ?" ජන්ග්කුක් ඇහුවේ ජින් දිහා බලමින්. ජින්, යුන්ගි, නම්ජුන් වගේම ජිමින් කෙලින්ම hye kyo, මින් යොන්ග් වගේම මින්ආ දිහා බැලුවා.

ඒ තුන්දෙනා හැමෝම දිහා බලලා හිනා වුනා.

"මං හිතන්නෙ එයාලා ඒක දැනගන්න කාලෙ හරි, beauty." miho කිව්වා, තුන් දෙනාම තවමත් වෘකයෝ මඟින් පාලනය වුනා.

"අපි හැමෝම මෙතන ඉන්නවා. ඇයි ඔයා මුළු කතාවම එයාලට කියන්නෙ නැත්තෙ?" කිව්ව minmin එයාගෙ හස්බන්ඩ්ගෙ කම්මුලට හාදුවක් දුන්නා.

"එහෙනම් මං හිතන්නෙ වෙලාව ඇවිත්." beauty කිව්වා.

"මොකද්ද මෙතන වෙන්නේ?" ටේහ්‍යුන් ඇහුවා.

"මං ඔයාගෙන්ම පටන් ගන්නම් dear."

"ලූනා, මට මොකක් හරි ප්‍රශ්නයක්ද?" ඇහුව ටේහ්‍යුන් එයා ඉඳපු තැන වෙනස් කලේ තවමත් ජන්ග්කුක්ගේ උකුළ මත ඉන්න අතරේ අනිත් හැමෝටම මූනලා ඉන්න විදිහට.

"කොහෙත්ම නෑ dear. ඇත්තම කිව්වොත් එයාලා හොයන විශේෂ ඔමේගා තමා ඔයා." ලස්සන හිනාවක් මූනේ සරසගෙන beauty කිව්වා.

හැමෝම පුදුමයෙන් ගැස්සුනා.

"මො-මොකක්?" ජන්ග්කුක් ඇහුවම beauty හිස වැනුවා.

"මුලින්ම මං කතාව කියන්න කලින් අපිට ඕන ඔයාලට දෙයක් පාපොච්චාරණය කරන්න." beauty කිව්වා.

"ඒ මොකද්ද?" ජින් ඇහුවා.

"අපි තුන්දෙනාම, dyung, ඒ කියන්නෙ ඔයාගෙ ඔම්මගෙ වෘකයත්.." beauty කිව්වේ ජින් දිහා බලමින්.

"අපි තමා ටේහ්‍යුන්ගේ ආරක්ෂකයෝ." beauty ආයිත් කිව්වා. ලූනා කියපු දේට කාමරේ ඉඳපු හැමෝම හිටියේ ව්‍යාකූල වෙලා.

The last omega 🐺💙 || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)Onde histórias criam vida. Descubra agora