ENDLESS (remember me live in...

By daraWijekoon

19.8K 3.6K 1.4K

I wanna grow old with you I wanna die lying in your arms I wanna grow old with you I wanna be looking in y... More

๐Ÿ‚ Introduction ๐Ÿ‚
๐Ÿ‚ 1st chapter ๐Ÿ‚
๐Ÿ‚ 2nd chapter ๐Ÿ‚
๐Ÿ‚ 3rd Chapter ๐Ÿ‚
๐Ÿ‚ 4th Chapter ๐Ÿ‚
๐Ÿ‚5 Chapter ๐Ÿ‚
๐Ÿ‚06 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 07 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 08 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 09 Chapter ๐Ÿ‚
๐Ÿ‚10 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 11 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 12 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 13 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 14 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 15 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 16 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 17 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 18 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 19 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 20 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 21 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 22 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 23 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 24 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 25 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 26 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 27 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 28 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 29 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 30 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 32 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 33 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 34 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 35 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 36 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 37 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 38 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 39 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 40 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 41 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 42 Chapter ๐Ÿ‚
๐Ÿ‚ Epilogue ๐Ÿ‚
๐Ÿ‚ A/N ๐Ÿ‚

๐Ÿ‚ 31 Chapter ๐Ÿ‚

622 80 39
By daraWijekoon


Do we always get two chances in life? I do not know ... I do not know if I will get. But with all my heartfelt regrets I beg you to give me another chance .. for my Endless love ......

..................................................................

🐰 මන් අමරුවෙන් ඇස් දෙක ඇර ගත්තා..ඊයෙ වෙච්ච දේවල් නිසා තාමත් මගේ පපුව රිදි රිදී වේදනා දෙනකොට ඒ නිසාම මට මැරෙන්න තරම් හැගීමක් දැනෙන්න ගත්තා. ඒත් මන් දැන් මගෙ මැණික ගැන අපෙ බබා ගැන හිතන්න ඕනි. මන් අයෙම චිමීගෙ දෙවැනි ඩයරිය අරන් එයා අන්තිමේටම ඇදලා තිබුන චිත්‍රෙ දිහා බැලුවා..


( කතාව පස්සෙ බලන බබාලා සොරි හොදේ.. මෙතන තිබුනේ වෙන ලස්සනම ලස්සන ආදරණීය පොටෝ එකක්.. කොහෙද නැති නීතියක් දාලා වට්පෑඩ් එකෙන් මට ඒක අයින් කරන්න කීවා. ඒක තියා ගන්න ගොඩක් ට්‍රයි කරා. එත් වට්පෑඩ් මෙම්බර්ස්ලාගෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ අනේ. සොරි ඉතින්.  වෙන මැච් වෙන එකක් හොයා ගන්න්ත් බැරි උනා.මන් ඒකට ගොඩක් ආසයි. දුක තමා.🤧🥺💔)

අනේ අපේ පැටව් දෙන්නා.. සමාවෙන්න චිම් මන් පරක්කුයි. අපේ එක පැටියෙක් අපිව දාලා ගියා. ඒ මන් නිසා. මන් ඔයාවයි අපේ බබාවයි කොහොම හරි බේර ගන්නවා. මන් ගාවට එන්න චිමී ආයෙම.. ප්ලීස්..
මට ඔයා නැතුව ඉන්න බෑ චිමී ..😔🥺
මන් ආයෙ කවදාවත් ඔය අත අතාරින්නෙ නෑ.
එයා මන් එනකන් කොච්චර නම් බලන් ඉදලද? එත් මන්... මන් එයා ගැන චුට්ට්ක්වත් හෙව්වෙ නෑ. 😔💔
මගේ හිතට දැනෙන පසුතැවීම මෙච්චරයි කියලා නිම කරන්න බැ වගේම ඒ පසු තැවීම මන් මැරෙන තුරාවටම මාත් එක්කම ජීවත් වේවි. එයා මගෙන් බලාපොරොත්තු උන හැමදේම.. නෑ ඊටත් වඩා මන් එයාට පුළුවන් හැමදේම දෙනවා. මන් පොරොන්දු වෙනවා චිමී. ප්ලීස් අපෙ පැටියත් එක්ක මන් ගාවට එන්න.

දැන් දවල් වෙලා. මන් ඉක්මනට ලෑස්ති වෙලා පල්ලහාට ගියේ චිමී බලන්න හොස්පිටල් යන්න.

🐱 ජන්කුකා උඹ හොස්පිටල් යන්නද හදන්නෙ?

🐰 හ්ම්ම්...

🐱 ඔහොම ඉන්න මාත් එන්නම්..

🐰........ කෝ හොබී?

🐱 එයා කලින්ම ගියා. ජිමින් ගැන බලන්න ඕනි කීවා. යන් මන් වාහනේ ඩ්‍රයිව් කරන්නම්.

🐰 හ්ම්... යමු..

🐱 අපි දෙන්නා ජිමින්ව බලන්න හොස්පිටල් එන්න ආවත් ජන්කුක් ඔහේ බලාන ඉන්නවා . මුළු මූනම මැලවිලා ගිහින්. අඩලම මූන ඉදිමුලා.

ජන්කුක්........අපි ජිමින්ව කොහොම හරි හොද කර ගමු බය වෙන්න එපා.

🐰 හ්ම්.. සුගා.......ම මගෙ මැණික ගො ගොඩක් දුක් විදලා බන්. මන් මහ නරක මනුස්සයෙක්. අපේ දරුවා වත් මරා ගත්තා.

මට තව දුරටත් කිසිම වචනයක් කියා ගන්න බෑ. උගුරෙ හිරි වෙවී හිර වෙවී එන වචන එළියට එනකොට කටින් පිටවෙන ඉකිය මට නතර කර ගන්න බැරි උනා. මන් එහෙමම කතාව නවත්තලා ආයෙම අඩන්න ගත්තා.මට මාව පාලනය කර ගන්න බෑ.😔

🐱 ෂ්.... ජන්කුකා.............

ජන්කුක් ආයෙම අඩනවා.. එයා හැම දේම එයාගෙ පිට දාගන්නවා. ඇත්ත දැන් අපි කිසිම කෙනෙක්ට කරන්න දෙයක් නෑ. දැන් කරන්න තියන එකම දේ ජිමින්ව පරිස්සමෙන් බලා ගන්න එක..

අපි හොස්පිටල් එකට ආවා බන්...

🐰 සුගා වාහනේ නවත්තපු ගමන්ම මන් ඉක්මනින් බැහැලා ගියේ මගෙ චිමී හිටපු කාමරේට. ඒත් මට ඇතුලට යන්න ශක්තියක් නෑ. මන් බිත්තිය අල්ලගෙන මගෙ මැණික ගාවට ගියා. තාමත් එයාට කැනියුලා ගහලා. ඩොක්ටර්ස්ල එයාව චෙක් කරනවා. ඒ වගේම ඉන්ජෙක්ෂන් කීපයක්ම විද්දා. මන් පැත්තකට වෙලා වෙන දේවල් ඔහේ බලාන හිටියා.

🦄 ජන්කුක්.........

🐰 හොබී එයාට කොහොමද දැන්? අපෙ බබා දෙන්නම හොදින් නේද?

🦄 හ්ම්... ඊයෙට වඩා නම් ටිකක් හොදයි බන්. ඒත් ජිමින්ට ප්‍රශ්න ගොඩක් තියනවා. අනික එයාට ඉක්මනට සිහිය ආවෙ නැත්නම් තත්වෙ භයානකයි. අපි උපරිම උත්සාහ කරන්නෙ මේ සිහිය ගන්න. ඒත් එයගෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ 😔

🐰 හේසොක් කීවදේත් එකක් මන් චිමී දිහා බලන් හිටියා.. මට කියන්න කිසිම දෙයක් නැ. මන් දන්නවා එයා උපරිම උත්සාහ කරනවා මගෙ මැණිකව බේර ගන්න.

🐱 අපී බලමු ...හොබී ඔයා හොදින්ද? ඔයා ටිකක්වත් නිදා ගත්තෙවත් නෑ..

🦄 ඔව් සුගා.. මට කොහොම හරි ඕනි අපි අතින් උන දේ හරිගස්සන්න.. දන්නවා පරක්කු වැඩී කියන්න. ඒත්.. අනේ සුගා මට බයයි ජිමින්ට මොනා හරි වෙයි කියලා. මන් එයාට කොච්චර නම් වෛර කරාද?

🐱 එහෙම හිතන්න එපා. අපි හැමෝම උත්සාහ කරමු.. ජන්කුක්ට් ඉනින්න දීලා යන් අපි.

🦄 හ්ම්...

🐰 සුගා හොබී දෙන්න ගියාට පස්සෙ මන් ගිහින් චිමී ලගින් වාඩි උනා. ඒ චූටි අත මගෙ අත් අතරට අරන් මන් ඉම්ඹා.. මගේ කදුළු එක දිගට ගලන්න ගත්තෙ සිහියක් පතක් නැතුව ඉන්න චිමී දැකලා. ඒ මූනෙන් වෙහෙස බව හොදින්ම පේනවා.
මේ ඔක්කොම මන් නිසා..

මන් සාක්කුවේ දාන් හිටිය, මගේ අතින් මගේ චිමීට දැම්ම වෙඩින් මුද්ද ගත්තා. අරගෙන ආයෙම ඒ අතට දැම්මා.. ඒක ලොකුයි කලින් ගානට තිබුනෙ. මන් නූලක් ගැට ගහලා ඒක ඒ අතට දැම්මා..

මන් එතනට වෙලා දවසම හිටියා....
ටෙ තාම ෂොක් වෙලා වීඩියෝ එක නිසා. මට එයා ගාවට යන්න ඕනි උනත් මට දැන් මගෙ මැණික ගාව ඉන්න ඕනි. එයාව හියුන්ලා බලා ගනී.

.........................................................................

After 3 day,

🐰 චිමීට සිහිය නැතුව දැන් දවස් 4ක්.. මන් එයා ලගින් හෙල්ලුනේවත් නෑ.

ඉක්මනට නැගිටින්න චිමී.. මේ බලන්නකෝ ඔයාගෙ කුකී අඩනවා මැණික. අපේ බබා, එයත් එක්ක ඉක්මනට නැගිටින්න චිමී..

දන්නවද හොබී කීවා ඔයා ඉක්මනට නැගිටින්න ඕනි කියලා නැත්තන් අපෙ බබා ගැන විස්වාසයක් තියා ගන්න බෑ කීවා..

බලන්නකො චිමී ඔයා අපෙ බබාට ආදරෙයි නේද ආහ්? දැන් මේ හොදටම ඇති බබා.. අනේ මැනික ප්ලීස් නැගිටින්න ..

ඔයගෙ කුකීට බයයි.. ප්ලීස් මාව තනිකරලා යන්න එපා. චේබල්.. 😔😭( cry )

මන් චිමීව බදාගෙන හයියෙන් ඇඩුවා.. ගොඩක් වෙලා.. මට තවත් ඉවසන්න බෑ.. ප්ලීස් මාව දාලා යන්න එපා. එහෙම උනොත් මාත් එනවා ඔයාලත් එක්ක..

මට ටිකකින් දැනුනෙ සීතල අතක් මගෙ කම්මුලේ වදිනවා..🥺

චි චිමී...............

🐣 මගෙ මුළු ඇගම රිදෙනවා.. අනී මට මාරුයි..😭🥺 මන් ඇස් අරින්න හැදුවත් එවා ඇර ගන්න ගොඩක් අමාරු උනා..

ඒත් එක්කම වගේ මට කවුරු හරි අඩනවා වගේ දැනුනා වගේම මගෙ බෙල්ල හරියෙ තෙත් වෙනවා වගේ දැනුනා..

මන් අමාරුවෙන් ඇස් ඇරියා..
අනී...🥺 කුකී.. මගෙ කුකී නේද මේ? ඇයි?

එයා මන් ගාවට ආයෙම ඇවිදින්. මට එයාව වැළද ගන්න ඕනි. ඒත් මන් මගෙ අත් දෙක උස්සන්න හැදුවත් එව්වා උස්සන්න බෑ ගොඩාරියක් රිදෙනවා. පන නැ වගෙ.. මන් කොහොම හරි කරලා මගෙ වම් අත අමාරුවෙන් උඩට කරා.

කුකී අඩනවා. මන් එයගෙ කම්මුලකින් අත තියනවාත් එක්කම එයා අඩන ගමන් මන් දිහා බැලුවා.

🐰 චිමී මැණික.. අනේහ්... ඔයා ඔයාට සිහිය ඇවිත්..🥺

ස්තූතියි මැණික ස්තූතියි .....

මන් චිමීගෙ මුළු මූන පුරාම හාදු තියාන තියාන ගියා. ඒත් එයා මන් දිහා බලාන හිටියත් මූනෙ කිසිම හැගීමක් තිබුනෙ නෑ.

සමාවෙන්න චිමි සමාවෙන්න ..😔 අනේ මන් වැරදී.. මන් ගොඩාක් වැරදී.. මාව දාලා යන්න නම් හදන්න එපා ප්ලීස්....

මන් එයාට කතා කරත් එයා ඔහේ බලන් හිටියා. ඒ ඇස් දෙකෙන් ආයෙම කදුළු බේරෙන්න ගත්තා. මොනාදෝ කියන්න හැදුවත් එයාගෙ කටින් එක වචනයක් පිට උනේ නෑ. මට එතකොට මතක් උනේ එයා ඩයරියේ ලියලා තිබුනු දේ. මේ කාලෙ පුරාවටම එයාට කතා කර ගන්න බැරි වෙලා..

මගේ කදුළු ආයෙම අලුත් වෙන්න වැසි වෙලා ගියේ නෑ. මේ හැමදේම මන් නිසා.

🐣 කුකී මගෙ මුළු මූන පුරාම චූටි චූටි හාදු ගොඩක් තියාන ගියා. මන් ඔහේ බලන් හිටියා. මට සතුටුයි..මන් බලන් හිටියෙ කුකී මගෙ ගාවට එනකන්.

ඒත් ඇයි එයා මගෙන් සමාව ඉල්ලන්නෙ. මෙ හැමදේටම වැරදි මන්නෙ කුකී.

මන් ඔයාව දාලා කවදාවත් යන්න හැදුවෙ නෑ කුකී.. ඔයාටයි මාව එපා කීවෙ. මට ඒත් එක්කම මතක් උනේ එදා රෑ වෙච්ච දේ. මට බිලීඩ් උනානෙ.. අනේ මගෙ බබා...🥺 මන් අමාරුවෙන් අත ආයෙම මගේ කුස උඩට අරන් ගියා. මගෙ බබා හොදින්ද? අනේහ්... කුකී මගෙ බබා හොදින්ද?

මන් කතා කරන්න හැදුවත් මගෙ කටෙන් වචන පිට උනේ නෑ..

🐰 චිමි වේ? ඔහ් ඔහොම ඉන්න.. චුට්ටක් ඉන්න..

මන් ඉක්මනට දුවගෙන ගිහින් හොබීට කතා කරලා කීවා චිමීට සිහිය ආවා කියලා.
එයා තව ඩොක්ටර්ස්ල කීප දෙනෙක් එක්ක චිමීව චෙක් කරන්න ආවා.

🐣 අහ් මන් මේ හොස්පිටල් නේද ඉන්නෙ? අනේ මගෙ බබාට කරදරයක්ද දන්නෑ. කුකී බබාට කැමති නැද්ද දන්නෑ? 😔

එක පාරටම දොරෙන් හොබී හියුන්ලත් එක්ක ඩොක්ටර්ස්ල කීප දෙනෙක් ආව. මන් ගොඩක් බය උනා.. ඒත් මට හෙල්ලෙන්න්වත් බෑ. මන් ඔලුව එහාට මෙහාට හැරෙව්වෙ ලගට එන්න එපා කියන්න.. මට ඇඩෙනවා .. අනේ ප්ලීස් බබාට නම් මුකුත් කරන්න එපා.

🐰 චිමී කලබල වෙලා වගේ. මන් ඉක්මනට එයා ලගට ගිහින් අතින් අල්ලලා එයාගෙ නලලට අතක් තිබ්බා.

චිමී බයවෙන්න එපා . එයා ඔයාවයි අපෙ බබාවයි චෙක් කරයි ආහ්. එතකන් ඉමු.. මන් අතනට වෙලා ඉන්නම් ආහ්.. මගෙ හොද මැණිකනෙ.. ඔහොම ඉන්නකො ටිකක්.

🐣 කුකී ඇවිදින් කතා කරපු නිසා මන් ටිකක් සන්සුන් උනා. එයා කීවේ අපේ බබා කියලද? 🥺 අනී එයා බබාට කැමතිද?
මන් එයාලට ඕනි දෙයක් කර ගන්න කියලා බලාගත් අත බලන් හිටියා.

🐰 චිමීව චෙක් කරන නිසා මන් ටිකක් එහාට වෙලා හිටියා. ඒත් එක්කම සුගාට කෝල් එකක් දීලා කීවා චිමීට සිහිය ආවා කියලා.

චිමීව ගොඩාක් වෙලා චෙක් කරා. පැය ගානක්. ඒ අතරෙ සුගා , ජුන් හියුන් ආවා. ටේ තාම හිටපු විදිහමයි. එයා ෂොක් වෙලා. කාමරේට ඇතුලටම වෙලා බලාගත් අත බලන් කාත් එක්කවත් කතා නොකර ඉන්නවා.

ටිකකින් හොබී ඇවිදින් අපිට කතා කරන්න කියලා එයාගෙ ඔෆිස් එකට එක්කන් ගියා.

🦄 ජන්කුක් මට ප්‍රශ්නයක් තියනවා. ජිමින්ට ගෑස්ටික් කලින් ඉදලා තිබුනාද?

🐰 ඔව් හේසොක් . එයා කියලා තියනවා මට එයාට ඉස්සර ඉදන්ම ගෑස්ටික් තිබුනා කියලා . අනික එයාට හවානා වලදි හොදටම අමාරු උනා එකපාරක්. ඒ පාර එයාට ඉදගෙනවත් ඉන්න බැරි තරම් අමාරු උනා. අනෙක මන් දැකලා තියනවා එයා ගොඩක් හයිය දෙවල් එහෙම කන්නෙ නෑ. ඒවගේම එයාව හිර කරලා හිටපු කාලෙ එයාට කන්න බල කරද්දි එයා මස් කෑවෙ නැ. එ වගේම බලෙන් කවද්දි ඒ ගමනින්ම වමනෙ ගියා. කන්න ගොඩක් වෙලා ගියා දියර ජාති විතරයි කෑවෙත්. ඒ වගේම එයාගෙ ඩයරියේ කියලා තිබුන විදිහට එයාට ගොඩක් කල් ඉදන් ගෑස්ටික් 😔ඇයි හේසොක්?

🦄 හ්ම්..එයාගෙ බඩවැල් හොදටම තුවාල වෙලා. ඔපරේෂන් එකක් කරන්න වෙනවා හොද කරන්න. අනික ඒ ස්කෑන් එකට අහු උන විදිහට එයාගෙ බඩේ තුවාල ගොඩාක් පරණයි. අද ඊයෙ ඇති වෙච්ච එව්වා නෙමේ. ඒත් දැන් ජිමින් ඉන්න තත්වෙත් එක්ක කිසිම දෙයක් කරන්න බෑ. බෙහෙත් වලින් තමා සුව කරන්න වෙන්නෙ ඒකත් සැර බෙහෙත් පාවිච්චි කරන්න බෑ.

තව කැම ජීරනය වෙන්නෙත් නෑ වගේ. ගොඩක් සරල කෑම තමා කන්න වෙන්නෙ.
ඒත් එයාට දැන් වෙනදාටත් වඩා ගොඩක් පෝෂනේ ඕනි.

තව දෙයක්........

🐰 හොබී එහෙම කියල එක්ස්‍රේ රිපෝට් වගයක් අපිට පෙන්නුවා.

🦄 මේහ්.. මෙතන පේනවනෙ ඔයාටලට.. මේ චිමීගෙ කොන්ද පල්ලෙහාම හරිය. එතන කෂේරුකාවේ ඉරි තැලීමක් තියනවා. මන් හිතන්නෙ මොකක් හරි වැදිලා.

හොබී එහෙම කියනකොට මතක් උනේ මට එදා ටේ චිමීට දුන්න පයින් පාර.. දැන්නෙ මට මතක් වෙන්නෙ එදා බඩට වැදෙන්න ගියපු පාර වලක්වා ගන්න චිමී වකුටු වෙලා අනිත් පැත්ත හැරුනා. ඊට පස්සෙ මන් එයාගෙ කොන්ඩෙන් අල්ල ගන්න කොටත් ඒ පාරට හුස්ම ගන්න බැරුව හිටියෙ. අනේ එදා මන් ඉවසලා චිමී දිහා ටිකක් හැරිලා බැලුව නම්.😔

(Cry)😭

අනේ බන්.. ඒ ඒක එයාට ගහද්දි වැදුන පාරක්.. එදා එ එයාට හුස්ම ගන්නත් බැරි උනා.. ඒත් මන් මන් එයාට දස වද දුන්නා එහෙම වෙලත්.😔💔

🐺 මන් ජන්කුක්ගෙ උරහිසෙන් අත තිබ්බා. අපිට දැන් කරන්න දෙයක් නෑනෙ. එකම දේ මේ පසු තැවිල්ල විතරයි.

🦄 හ්ම්..... එයාට ඒක හින්දා ඇවිද ගන්න අමාරු වෙයි. නිකන් උනා නම් ගානක් නෑ. ඒත් දැන් එයා ප්‍රෙග්නන්ට් නිසා ඇගට වැටෙන බර වැඩීනෙ. අනික ජිමින් ගොඩක් කෙට්ටු වෙලා බබාව එයාට දරා ගන්න පුලුවන් තත්වෙක නෑ.. ඒත් එක්ක ඇවිදින එක එන්න එන්න අමාරු වෙයි. සමහර විට අන්තිම කාලෙ වෙනකොට ඇවිද ගන්න තියා හිට ගන්නවත්, ඉදගෙන ඉන්නවත් බැරි වේවි..😔

🐰 හ් හොබී හ්... ච් චිමී කියලා තිබුනා එයාට කතා කරගන්න බෑ කියලා .. 😔💔

🦄 ඔව් ජන්කුකා.. එයාගෙ ස්වරාලෙ ගොඩක් ඩැමේජ් වෙලා. එයා ගොඩක් කෑගහන්න ඇති. ඒකයි. ඒකනම් ටික කාලෙකින් හරියයි. අපි ඉක්මනට බෙහෙත් කරමු.

තව දෙයක් බන්............😔

🐰 මො හ් මොකක්ද? තව මොනාද බන් මගෙ චිමීට තියෙන්නෙ?

🦄 මන් හිතන්නෙ එයාට fibromyalgia..

🐰 Fibromyalgia? මන් ඔලුව උස්සලා හොබී දිහා බලලා ඇහුවේ ඒ ලෙඩේ එච්චර අහලා නැති නිසා.

🐱 ඒ මොකක්ද හොබී?අපි කලින් අහලා නෑනෙ

🦄 හ්ම්.. ඔව්.. ඒක ගොඩක් අයට හැදෙන්නෙ නෑ.. ඒත් හැදෙන අය ඉක්මන් ප්‍රතිකාර ගන්නවා අඩු වෙන්න. මොකද ඒකේ අතුරු ප්‍රතිඵල ගොඩක් තියනවා. ඒක අසාමාන්‍ය වේදනාව දෙන ලෙඩක්. ඒ අය අනිත් අයට වඩා වේදනාවන්ට සංවේදී වැඩි ගොඩක්.. අපි ජිමින්ගේ ANA එකක් චෙක් කරා ඒක පොසිටිව්. චීමී කතා කරන්න පුලුවන් උනා නම් අපිට එයාට තියන අතුරු ආබාධ හරියටම දැන ගන්න පුලුවන් . ඒත් දැන් තියෙන්නෙ එයා ලගම ඉන්න එක.

ඒකට මුළු ඇග පුරාම තදබල වේදනාවක් දැනෙනවා. නිකන් හිටියත් සමහර විට වේදනවක් දැනෙනවා. අස්ථි ආශ්‍රිතව තමා ඉස්සෙල්ලාම තියෙන්නෙ. ඒක පලවෙනි ස්ටෙප් එක , නින්ද යන්නෙ නැති වීම, අධික තෙහෙට්ටුව, එක දිගට හිසරදේ, මානසික ආතතිය මේ හින්ද ඇති වෙනවා වගේම ඒ තත්වයන් හින්දා ඒ ලෙඩේ ගොඩක් වැඩි වෙනවා. තව හිස් ගතිය, හිනාවත් වෙන්නෙ නැති ගතිය, හැමදේම කලකිරීම, ආයේ හාට් බීට් එක එක පාරටම වැඩි වෙන එක වගේම එක පාරටම හදවත කැක්කුම් අල්ලන එක වගේ තත්වයනුත් තියනවා.
මට හිතෙන්නෙ චිමී ඉන්නේ තුන්වෙනි පියවෙරේ බන්..😔

ජන්කුකා අපි ජිමින්ව පරිස්සම් කරන්න ඕනි. ඒ තත්වෙ එච්චර හොද නෑ. තුන්වෙනි ස්ටේජ් එකට එන අයගෙන් 80% ක් විතරම දිවිනසා ගන්නවා වේදනාව දරා ගන්න බැරුව. මන් කියන දේ තේරෙනවනෙ. ජිමින් ඉන්න තත්වෙත් එක්ක ඒක ගොඩක් භයානක වෙන්න පුලුවන් . එයා දැන් කියලා නිම කර ගන්න බැරි තරම් අමාරුවෙන් ඇත්තෙ. චූටිම වේදනාවක් වත් දැනෙන්න දෙන්න බෑ. අඩුම ඇදුමක්වත් ගෑවෙන්න බැරුව ඇති. තුන්වෙනි ස්ටේජ් එක කියන්නෙ අස්ථි විතරක් නෙමේ ඇගේ හම පවා වේදනා දෙන්න ගන්නවා. තරුන අයට ගොඩක් අඩුයි මේ තත්වෙ. ගොඩක් ආතරයිටිස් තියන අයට තමා එන්නෙ.

🐰 මොනාද හොබී මේ කියන්නෙ? ඒ කියන්නෙ එයාට කලින් ඉදන්ම?

🦄 ඔව් මන් හිතන්නෙ එයාට කලින් ඉදන්ම ටිකක් මේ තත්වෙ තියෙන්න ඇති මාන්සික පීඩනෙත් එක්ක. ඒත් පහුගිය කාලෙ උන දේවල් එක්ක ඒක ගොඩක් වර්ධනය වෙලා. හොද වෙන්න ගොඩක් කල් නෙමේ ඇත්තටම කාලයක් හිතා ගන්න අමාරුයි බන්. මන් මේ ඇත්ත තත්වෙ කියන්නෙ අපි ජිමින් ගැන හොද අවධානයකින් ඉන්න ඕනි නිසා.

🐰 ( cry ) හොබී ඒකට බෙහෙත් නැද්ද බන්? චිමීට මේ දේවල් දරා ගන්න බැරි වෙයි තවදුරටත් බන්..අනේ මන් හින්දනෙ මේ ඔක්කොම..😭😔💔

🐺 අඩන්න එපා ජන්කුක් .. ශක්තිමත් වෙන්න. අපි හැමෝම ජිමින්ව බලා ගමු. ඔයා ජිමින් ලගම ඉන්න. අපිත් උදව් කරන්නම්.

🦄 බෙහෙත් තියනවා. ඒත් මේ වෙලාවෙ ඒ බෙහෙත් ජිමින්ට දෙන්න බෑ . එව්වා සැර වැඩී. ඒක බබාට හොද නෑ. අනික එයාට දැනටම බෙහෙත් ගොඩක් දෙන්න වෙනවා. විටමින් වර්ග හැම එකක්ම දෙන්න ඕනි. අනික එයාට මානසික ප්‍රතිකාර කරන්න ඕනි. මන් කියන්නෙ උපදේශනයට. මන් ඒ ඔක්කොම කරන්නම් බන්.

එයාට කෑම කන්න පවා වෙනම හදන්න ඕනි. මස් මාළු වර්ග හොදට දෙන්න ඕනි.

🐰 ඒත් එයාට එව්වා කන්න බෑනෙ. දිරවන්නෙ නෑනෙ බන්.😔

🦄 හ්ම් ඔව්.. ඒකට කන්න පුලුවන් විදිහට හදමු. සුප් වර්ග, කැද වර්ග, කැබලි නැතිව හදලා දෙන්න ඕනි.. හරියට චූටි ළමයෙක්ට කෑම කන්න පුරුදු කරන්න ගන්නවා වගේ. මන් කියන දේ තේරෙනවනෙ.පස්සෙ ටික ටික ඝන ආහාර දෙමු. දැන් නම් නිතරම කන්න දෙන්න ඕනි. එයා කන්න බෑ කියයි. මොකද අර ලෙඩේ නිසා ඒකටත් මහන්සි දැනෙනවා. ඒ හින්දා ඒවා බලා ගන්න ඕනි. එයාව පුලුවන් තරම් සැහැල්ලුවෙන් තියන්න ඕනි වගේම කිසිම වෙලාවක තනි කරන්න එපා. හිතන්න ඉඩ දෙන්නම එපා. එයාගෙ හැම දේටම අවධානයක් දෙන්න වෙනවා. අනික ජිමින්ගෙ හෝමෝන ගොඩක් වෙනස් වෙලා.

හ්ම්.....

🐱 අපි ඔයත් එක්ක දිගටම මේ හිටියා වගේ ඉන්නවා . අපි හැමෝම එකතු වෙලා ජිමින්වයි දරුවාවයි පරිස්සම් කරමු.

🐰 ම්ම්ම්ම් මන් දන්නෑ බන් ජිම්න් තව දුරටත් මේවා කොහොම දරා ගනීද කියලා.

🐺 ඔයා එයා ලග ඉන්න ජන්කුක්.. ඔයාට මතකනෙ මන් ජින් ලග හිටපු විදිහ. ඊටත් වඩා එයාව බලා ගන්න. අපිත් ඔයාට උදව් කරන්නම්. ජිමිනුත් අපේම පවුලෙ කෙනෙක්නෙ දැන්..

🐱 ඔව්.. අපි බිස්නස් බලා ගන්නම්. ඔයා ජිමින් ගාවම ඉන්න මේ ටිකේ..

🐰 ඒ අස්සෙ ටේ.. මට තේරෙන්නෑ බන්.. ඔම්ම ගෙදර එන්නෙත් නෑ. ටේ අර වීඩියෝ එක දැක්ක දවසෙ ඉදන් ඔහේ බලා ගත් අත බලන් ඉන්නවා.

🐱 ටික දවසකින් හරියයි. අපි දන්නවනෙ ටේහි , ටේ දෙන්නම එක්කෙනෙක් වගේනෙ හිටියෙ. එහෙම උනාම එයාට උන දේ ඇස් දෙකෙන් දැක්කම...😔 එයට අපි ටික කාලයක් දෙමු. අපි එයාව බලන්නම් ජන්කුකා.

🐰 හ්ම්.. අපි පස්සෙ මේ ගැන කතා කරමු. මන් චිමී ගාවට යන්නම්..

🦄 හ්ම්ම් හරි බන්. අපි තව ටිකකින් ස්කැන් එකක් කරමු ආහ්?

🐰 හේසොක් කීව දේට මට සතුටු හිතුනා. අපෙ බබාව බලන්න පුලුවන් .. චිමී සතුටු වෙයි.............

.........................................................................

❄️ අනේ මට මේ ටික එච්චර සැටිස් නෑ. මට දෙබස් ලියන්න හෙනම අමාරුයි අෆ්ෆා. අනික දෙන්නෙක් අතර සංවාදයක් ටිකක් සේප්.. ඒත් ගොඩක් ඉන්නකොට අමාරුයි.

❄️ ඔයාලට ජිමින්ගෙ ලෙඩේ තේරෙනවද?
හොදයි.එයාට ඇත්තටම එච්චරම අමාරු අර ලෙඩෙ නිසා. fibromyalgia..

ඇත්තටම මන් ඒ ලෙඩේ පලවෙනි ස්ටෙප් එක ගැන විතරයි දන්නෙ.. ඒක නිසා මුළු ශරීරයෙම අධික වේදනාවක් ඇති වෙනවා හරිද? අස්ථි ආශ්‍රිතව පටන් ගන්නෙ මුලින්ම හිරි වැටීමකින්. පස්සෙ ව්‍යාප්ත වෙනවා. මුලින්ම මනස සැහැල්ලු කරන් බෙහෙත් කරොත් අඩුකර ගන්න පුලුවන් .. ඒත් ඩිප්‍රෙශන් එහෙම ආවොත් වැඩේ ගොඩක් දරුනුයි.. පපුවෙ කැක්කුම , වේදනව.. හාට් බීට් එක වැඩි වෙන වෙලාව්ට එහෙම ඇදුම පවා ගැහෙනවා වෙනමම පේනවා. එකම පැත්තට ඉන්න එක, ගොඩක් වෙලා අත පය නමන් ඉන්න එක, මොනා හරි තදින් අල්ලන් ඉන්නකොට ඒ නැමෙන ටන් ආශ්‍රිතව වේදනාව හට ගන්නව. සමහරවිට එක දිගට දවස් ගනන් සති ගනන්.. ඉතින් ඒ මන් දන්න පලවෙනි ස්ටෙප් එක ඉතින් තුන්වෙනි එක ගොඩක් බරපතලයි.

ඇමෙරිකාව වගේ රටවල ඔය ලෙඩේ ස්ටෙප් තුනට ආවම ගොඩල් අර සියදිවි නසා ගන්නවාලු.. තරුන අයට අඩුයි මේක්. ගොඩක් රූමැටික් ආතරයිටිස් එක්ක ට්ජමා එන්නෙ.. ඇගට බැරි ගතිය, කම්මැලිකම, නිතර උන, අනික හැමවෙලේම හිතෙන්නෙ මැරුනා නම් හොදයි කියන එක. ඒක පලවෙනි ස්ටෙප් එකටත් පොදුයි. හැමදේකම කලකිරුනු ස්භාවය. මේ ලෙඩේ එක්ක එනවා හරිද?

ඇත්තටම ඒකට දෙන බෙහෙත් ගොඩක් සැරයි. බීවම හුරු වෙනකන් නිකන් හෙනයක් ගැහුව සයිස්...


සරලවම මේ වගේ.., ඇස් වල ගැහෙනවා, කොන්ඩෙ නිකන් පිච්චිලා වගේ.. තව තියේ ඇග ගිනි ගන්නව වගෙ.. ඇතිනේහ්.. ඔන්න ඔය ගූගල් සර්ච් කරලා ගන්න..දුක හිතුනා නම් ඔය පොටෝ එකට හිනා වෙන්න..😌😂

❄️ මන් ආයේ එක ගානෙ දෙන්නම් අහ්.. මන් හෙට ඉදන් මේක ටයිප්කරන්න ඕනි . ලස්සනට දෙන්න ඕනිනෙ මේ ආවා වගේම. ඒ හින්දා හෙමින් හෙමින් ලියලා එක ගානෙ දෙන්නම අහ්..😊

❄️ ලෙඩ ලන්ද නේද? වැඩී වගේද?🙂

❄️ බායි.. අලාවියෝ..🤭

Continue Reading

You'll Also Like

108K 18.4K 58
โ ๏น เถธเถง เถธเทšเถš เถšเท’เถบเถฑเทŠเถฑเถšเท เถ…เถœเทŠโ€เถป..เถถเท’เถบเท”เถงเท’ เถ‡เถฑเทŠเถฉเทŠ เถฏ เถถเท“เทƒเทŠเถงเทŠ เถ‘เถšเทš เถšเท”เถธเทเถปเถบเท เทเทเถดเถบเถšเทŠ เถฑเท’เทƒเท เถ‘เถ เทŠเถ เถป เถšเทเถญ เถปเทเถšเทŠโ€เท‚เถบเท™เถšเทŠ เท€เท”เถฑเทš เถฑเทเถญเทŠเถญเถธเทŠ เถถเท™เถฝเทŠ เท€เถœเทš เถฏเท”เถดเทŠเถดเถญเทŠ เถšเท™เถฝเทŠเถฝเท™เถšเทŠ เถฏเท’เท„เท เถ…เถฉเท”เถธ เถญเถปเถธเท™ เถถ...
89.8K 11.9K 44
Seokjinแ€€ แ€„แ€ซแ€ทแ€กแ€ญแ€™แ€บแ€€แ€€แ€ปแ€ฝแ€”แ€บแ€œแ€ฑ... แ€กแ€ญแ€•แ€บแ€…แ€›แ€ฌแ€œแ€ฐแ€€แ€ฏแ€”แ€บแ€›แ€„แ€บแ€แ€ฑแ€ฌแ€„แ€บ แ€žแ€ฐแ€”แ€ฒแ€ทแ€แ€ฑแ€ฌแ€ทแ€™แ€กแ€ญแ€•แ€บแ€˜แ€ฐแ€ธแŠ แ€€แ€ปแ€ฝแ€”แ€บแ€…แ€ฑแ€ฌแ€บแ€”แ€ถแ€œแ€ญแ€ฏแ€ท...[ABO/kookjin]
6.6K 1.8K 18
เถ†เถฏเถปเถบเถšเทŠ เถ…เถดเท’เถง เถถเถฝเท™เถฑเทŠ เถ‡เถญเท’ เถšเถปเถฑเทŠเถฑ เถถเท เถขเถฑเทŠเถšเท”เถšเทŠ..
475K 47K 24
แ€€แ€ผแ€ญแ€ฏแ€ธโ€‹แ€แ€ฝแ€ฑแ€€แ€ญแ€ฏ แ€žโ€‹แ€˜แ€ฑแ€ฌแ€™แ€€แ€ปแ€˜แ€ฐแ€ธ แ€กแ€œแ€ฌแ€ธแ€แ€ฐแ€…แ€ฝแ€ฌแ€•แ€ฒ แ€แ€„แ€บแ€—แ€ปแ€ฌแ€ธแ€€แ€ญแ€ฏแ€œแ€Šแ€บแ€ธแ€€แ€ปแ€ฝแ€”แ€บแ€แ€ฑแ€ฌแ€บแ€žโ€‹แ€˜แ€ฑแ€ฌแ€™แ€€แ€ปแ€˜แ€ฐแ€ธ แ€แ€„แ€บแ€—แ€ปแ€ฌแ€ธแ€€แ€ญแ€ฏแ€šแ€บโ€‹แ€แ€ญแ€ฏแ€„แ€บโ€‹แ€€ แ€€แ€ปแ€ฝแ€”แ€บแ€แ€ฑแ€ฌแ€ทแ€บแ€€แ€ญแ€ฏแ€แ€…แ€บโ€‹แ€”แ€Šแ€บแ€ธแ€™แ€Ÿแ€ฏแ€แ€บโ€‹แ€แ€…แ€บโ€‹แ€”แ€Šแ€บแ€ธแ€›แ€…แ€บโ€‹แ€•แ€แ€บโ€‹แ€”แ€ฑแ€แ€ฒแ€ท แ€€แ€ผแ€ญแ€ฏแ€ธแ€แ€…...