ENDLESS (remember me live in...

By daraWijekoon

21.5K 3.8K 1.4K

I wanna grow old with you I wanna die lying in your arms I wanna grow old with you I wanna be looking in y... More

πŸ‚ Introduction πŸ‚
πŸ‚ 1st chapter πŸ‚
πŸ‚ 2nd chapter πŸ‚
πŸ‚ 3rd Chapter πŸ‚
πŸ‚ 4th Chapter πŸ‚
πŸ‚5 Chapter πŸ‚
πŸ‚06 Chapter πŸ‚
πŸ‚ 07 Chapter πŸ‚
πŸ‚ 08 Chapter πŸ‚
πŸ‚ 09 Chapter πŸ‚
πŸ‚10 Chapter πŸ‚
πŸ‚ 11 Chapter πŸ‚
πŸ‚ 12 Chapter πŸ‚
πŸ‚ 13 Chapter πŸ‚
πŸ‚ 14 Chapter πŸ‚
πŸ‚ 15 Chapter πŸ‚
πŸ‚ 16 Chapter πŸ‚
πŸ‚ 17 Chapter πŸ‚
πŸ‚ 18 Chapter πŸ‚
πŸ‚ 19 Chapter πŸ‚
πŸ‚ 20 Chapter πŸ‚
πŸ‚ 21 Chapter πŸ‚
πŸ‚ 22 Chapter πŸ‚
πŸ‚ 23 Chapter πŸ‚
πŸ‚ 24 Chapter πŸ‚
πŸ‚ 25 Chapter πŸ‚
πŸ‚ 27 Chapter πŸ‚
πŸ‚ 28 Chapter πŸ‚
πŸ‚ 29 Chapter πŸ‚
πŸ‚ 30 Chapter πŸ‚
πŸ‚ 31 Chapter πŸ‚
πŸ‚ 32 Chapter πŸ‚
πŸ‚ 33 Chapter πŸ‚
πŸ‚ 34 Chapter πŸ‚
πŸ‚ 35 Chapter πŸ‚
πŸ‚ 36 Chapter πŸ‚
πŸ‚ 37 Chapter πŸ‚
πŸ‚ 38 Chapter πŸ‚
πŸ‚ 39 Chapter πŸ‚
πŸ‚ 40 Chapter πŸ‚
πŸ‚ 41 Chapter πŸ‚
πŸ‚ 42 Chapter πŸ‚
πŸ‚ Epilogue πŸ‚
πŸ‚ A/N πŸ‚

πŸ‚ 26 Chapter πŸ‚

471 80 56
By daraWijekoon

A promise.  Yes, a promise can give us hope. Promises are kept.  So when it breaks, where is the hope?  If you know how I feel ............................................. Couldn't you come and see my face only once?  So I broke my promise to you .. When the promise between the two parties was broken by one party, why should the other party keep it?

.........................................................................

After two month,

🐣  කුකී ඔයා එන්නෙ නැද්ද? අනේ කුකී මට හරිම මහන්සී.. මාව වෙව්ලනවා කුකී ටික දවසක ඉදන් ආයෙම වමනෙ යනවා ලේත් එක්ක. මට අමාරුයි කුකී. ඔයා එන්නෙ නැද්ද? අපේ පැටියටයි මටයි ගොඩක් මහන්සී කුකී. අනේ එන්නකො. මට බයයි කුකී මට ටේ ටේ හියුන් කියපු දේ හැම වෙලේම මතක් වෙනවා. 😔  අනේ එකම එක පාරක් එන්න කුකී. දන්නවද මට ඔයාගෙ පපුවෙ උනුසුමට තුරුල් වෙන්න ඕනි. මේ කාමරේ සීතලයි ගොඩාරියක්. චූටිම චූටි වෙලාවකට මාව ආයෙම එකම එක පාරක් තුරුල් කර ගන්නවද?

මේ බලන්නකො මගෙ අත් කකුල් දර කෝටු වගේ වෙලා. මට දැන් කට ඇර ගන්නත් බෑ. හකු පවා රිදෙනවා.  දත් ඔක්කොම හිරි වැටිලා වගෙ. දැන් ගොඩක් කල් ඉදන් ඔලුව රිදෙනවා . මන් පටියකින් ඔලුව බැදන් ඉන්නවා එක දිගට. පේන් කිලර් එකක්වත් නෑනෙ කුකී.. 🥺 පපුවත් රිදෙනවා වෙලාවකට කුකී. අනී මට තවත් දරා ගන්න බෑ කුකී මන් අඩනවා කුකී එන්නකො 😭💔😔

.............................................

කුකී මේ බලන්නකො මේ මගෙ බඩ ටිකක් ලොකු වෙලා.. මා කැත වෙලා ඇති නේද කුකී? මගෙ කොන්ඩෙත් වැවිලා. මේ මොන මාසෙද කුකී? දන්නවද ගෙවෙන හැම තප්පරේම මට කල්පයක් වගේ. එදා මට එක පාරක් ගේ පිරිසිදු කරන්න කතා කරාට පස්සෙ ආයෙ ටේ ටේ හියුන්වත් ආවෙ නෑනි . ජින් හියුන්ට බබා හම්බ වෙලා ඇතිද දැන්?

හි හී මට ලියන්නත් ලැජ්ජයි. මේ  හි හී☺️ මගෙ නිපල් උඩට ඉලිප්පිලා ඉස්සරහට ඇවිදින් සුට්ටම සුට්ටක්. ගොඩක් නෑ මන් කෙට්ටුයිනෙ..😊 තනපුඩු රිදෙනවා ගොඩක්  අල්ලන්නත් බැ. ජින් හියුන් කීවා එයාට ඩොක්ටර් කීවලු ඔම්මා කෙනෙක්ට වගේ එයාටත් බබාට කිරි දෙන්න පුලුවන් කියලා. ගැහැනු කෙනෙක්ගෙ වගේ නැතත් එයාටත් කිරි එරෙයි කීවලු. ඒ කියන්නෙ මටත් එහෙම වෙන්න ඇති නේද කුකී? 🤭 මටත් ඔම්මා කෙනෙක් වගේ අපෙ බබාට කිරි දෙන්න පුලුවන් වෙයි..☺️ ඔයා හිටියා නම් මට හිනා වෙයි නේද කුකී? ☺️🤭 මට මුකද්දෝ වගේ.. ලැජ්ජයි අනී..☺️

.........................................

කුකී මේ ඇදුම් ගොඩක් එව්වා මට මදිනෙ.කලිනුත් එව්වා ඇගේ ගානම වගේ තිබ්බෙ. ලොකු හූඩ් දෙක තුනයිනෙ තීන්නෙ. එව්වත් මදි වෙයිද තව ටික දවසකින්? නැත්තන් සමහරවිට ඊට කලින් ඔයා ආවෙ නැත්තන් අපෙ පැටියගෙයි මගෙයි දෙන්නගෙම හුස්ම නවතී කුකී.. එහෙම හිතෙනකොටත් මගෙ බඩ පපුව පිච්චිලා යනවා වගෙ.. අනේ ඉක්මනට එන්න කුකී. ඔයා ගොඩක් පරක්කුයි. මට ටික දවසක ඉදන් හුස්ම ගන්න මාරුයි. අපෙ බබාට කරදරයක් වෙයි කුකී එන්න ඉක්මනට අපි ගාවට. නැත්තනම් ඔයාට තව දුරටත් මාව දකින්නවත් ඕනි නැද්ද? ආයෙ එන්නෙම නැද්ද? එපා එහෙම වෙන්න එපා. එකම එක පාරක් එන්න.. ප්ලීස්..🥺😔😔😔

....................................

පැටියෝ අපි අප්පා එනකම් ඉවසමු හොදේ. අප්පත් එක්ක තරහා වෙන්න එපා  අප්පට වැඩ ගොඩක් ඇති. අපි අප්පා ආවම කියමු අපිට පාලුයි කියලා.

කුකී මන් ඔයා දුන්න ඩයරියෙ කොල කැඩුවා කමක් නැද්ද? මට කම්මැලී මන් එව්වගෙ චිත්‍ර ඇන්ද. ඔයා ආවම මන් එව්වා ඔයාට දෙන්නම්. මේ පාර පොත ඉක්මනට ඉවරවෙයි කුකි. මන් මට හිතෙන දේවල් එක දිගට මේ වෙව්ලන අතින් ඔහේ ලියනවා. මන් අවුරුදු 12ක්ම තනියම කියෙව්වා කුකී. මාත් එක්ක කතා කරේ මන් විතරමයි. කිසිම කෙනෙක් මාත් එක්ක කතා කරේ නෑ. අඩුම චූටි කාලෙදිවත්. ඉතින් මන් තනියම කියෙව්වා. ඒත් දැන් මට තාමත් කතා කර ගන්න බෑ. දන්නවද ඒක ගොඩාක් අමාරු දෙයක් කුකී. ඔයා දුන්න ඩයරිය නැති වෙන්න මන් පිස්සෙක් වෙයි මේ කාමරේ ඇතුලෙ ඉදන්.

කූ ඔයාට පුලුවන් ද මට අපි හවානා වලදි කෑවා වගේ අයිස්ක්‍රීම් එකක් අරන් දෙන්න? මන් වෙන මුකුත් ඉල්ලනෙ නෑ. ඒක හරිම රසයි. මන් කාපු රසම අයිස් ක්‍රීම් එක . හි හී මන් ඒකට ගොඩක් ආසයි.☺️☺️
එදා දුන්නා වගේ උනුසුම් හාදුවක් දෙන්න පුලුවන් ද? එදා තමා ඔයා මට ඔයාගෙ ආදරෙ ප්‍රකාශ කරේ. මන් ඒ දේවල් මතක් කර කර ඉන්නවා කුකී. ඔයා මාව ඔයාගෙම කර ගත්ත විදිහ, උණුසුම් හාදු වලින් මගෙ මුළු සිරුරම නාවපු විදිහ,මාව පරිස්සම් කරපු විදිහ.. මන් ඒ චූටි කාලෙ ඇතුලත තමා  මගෙ මේ ජීවිත කාලෙටම සතුටින් හිටපු කාලෙ. දැන් මොනා උනත්, ස්තූතියි මට එහෙම කාලයක් ලබා දුන්නට. ඒ හින්දා ඔයා මට මොනා කරත් මන් ඔයා ගැන නරකක් හිතන්නෙත් නෑ තරහත් නෑ කුකි. පුලුවන් නම් ඉක්මනට එන්න. මන් ලග වැඩි කාලයක් ඉතිරි නෑ කුකී.

.........................................................................

🐯 හියුන් රට ගිහින් දැනට මාස තුනක් වෙනවා. මන් දන්නවා එයා මෙහෙන් ගියේ චීමී නිසා. ඒ ජරා මනුස්සයා නිසා මගෙ හියුන්ගෙ සතුට නැති වෙලාම ගියා. අපි හැමෝගෙම. මන් එදා කතා කරාට පස්සෙ එයාට ආයෙ වැඩ කරන්න කතා කරේ නැ. මට ඕනි උනේ එයා වැඩකාරයෙක් වගේ තියා ගන්න. ඒත් ඊට වඩා හොදයි හිර කරලා තියා ගන්න එක. එතකොට මානසිකව විදවනවා වැඩි. ඒත් මට එදා පුදුම හිතුනා. එයා හැමදේම හොදටම පිරිසිදු කරලා තිබ්බා. මේ තාක් අපේ ගෙදර වැඩට හිටපු කිසිම කෙනෙක්වත් ඒ වගේ හොදට වැඩ කරලා තිබුනෙ නෑ . එයා වගේ කෙනෙක් කොහොමත් ඒවගේ දේවල් කරන්න පුලුවන් කියන එක නම් විශ්වාස කරන්න අමාරු දෙයක්.

හෙට ‍රෑ ගෙදර පාටි එකක්. හියුන් ආයෙම කොරියා එනවා හෙට. අපි කට්ටියම එකතු  වෙලා තීරනයක් ගත්තා චිමී ගැන. හෙට රෑ හැමෝම එනවා ඒ ගැන කතා කර ගන්න. පාටි එක ඉවර උනාම. හැමෝම කැමති උනොත් අපි දෙන්නා හිතුවා චිමීව නිදහස් කරන්න. ඒත් ඒකට කලින් කරන්න දෙයක් තියනවා.

මන් අතේ තිබ්බ පේපර්ස් ටිකත් අරන් ගියේ ජිමින් හිර කරලා හිටපු කාමරේට. මන් මේ ඒ කාමරේට යන පලවෙනි පාර.
මන් කාමරේ දොරත් ඇරන් හෙමින් ඇතුලට ගියා. මේ ටිකේම කාමරේ ලොක් කරේ නෑ ඒත් ජිමින් එළියටවත් එන්න උත්සාහ කරෙ නෑ.

ඇතුලට යනකොට මන් දැක්කෙ බිම වාඩි වෙලා ඇදේ ඔලුව තියන් ඔහේ ඉන්න ජිමින්. එයාගෙ ඔලුව විතරයි මට පෙනුනෙ. බෙල්ලෙන් පහල ඇදට වැහිලා තිබුනා.

🐯 ජිමින්....

        මන් ටිකක් ඈතින් ඉදන් එයාට කතා කරාත් එයා මගෙ පැත්ත හැරුනම මන් එක පාරටම ෂොක් උනේ එයාගෙ මූන දැකලා.

🐣මන් ඇදේ ඔලුව තියන් කල්පනා කර කර ඉන්නකොට මට පස්සෙන් කට හඩක් ඇහුනා. මන් හැරිලා බැලුවමයි දැක්කෙ ඒ ටේ ටේ හියුන්.. මන් එයාට මගෙ බඩ පේන්නෙ නැති වෙන්න ටිකක් නැමුනා. කුකී ඇවිත් නැද්ද? මගේ ඇස් හෙව්වෙ එයාව.

🐯 ජිමින් මන් දිහ බය වෙලා බලන් හිටියා. එයාගෙ මූන.. 😳
මූන ගොඩක් විකෘති වෙලා තිබුනා මේ මාස දෙකට. ඇස් යට වල ගැහිලා කළු වෙලා තිබුනා වගේම කම්මුල් ඇතුලට බැහැලා. මන් බය උනත් ඒක නොපෙන්වා මන් ආව කාරනේ කියන්න පටන් ගත්තා.

🐯 මේ පේපර්ස්වල්ට සයින් කරනවා.
මෙතන තියනවා ඩිවෝස් පේපරුයි, තමුන්ගෙ කම්පෙනි එක අපේ නමට ලියන පේපරුයි.
මන් එහෙම කීවම කිසිම හැගීමක් නොතිබුන මූන වෙනස් උනා. ඇයි කියලා අහනවා වගෙ දැනුන හින්දා මන් ඒ හිත තවත් රිද්දන්න එක එක එව්වා කීවා. මට ඕනි එයාව මැරෙන්න අරින්න. ඒත් ඒක එහෙම කරන්න බෑ හියුන් නිසා. එයා ජිමිට ආදරෙයි.

🐯 හහ් මොකද කියලද බලන්නෙ? තමුන් වගේ මිනීමරුවෙක්ව දිගටම හස්බන් විදිහට තියන් ඉන්න පුලුවන් කියල්ද හිතුවෙ? අනික තමුන් කොහොමද හිතුවෙ හියුන් තමුන්ව බැන්දේ ආදරේට කියලා ආහ්? තමුන් දන්නවද ඒක අපි හැමෝගෙ සැලැසුමෙ කොටසක් තමුන්ව අපි ගාවට ගන්න. 😂 තමුන් ඔච්චර මෝඩද? අනික දැනටම කුකී හියුන්ට මැරි කරන්න ලස්සන ගර්ල් කෙනෙක් ඉන්නවා  එච්චර හොද කෙනෙක් ඉද්දි තමුන් වගේ මනුස්සයෙක් මොකටද? එයාට ලස්සන පවුලක් හදන් ජීවර්හ් වෙන්න පුලුවන් .

මේක හෙට වෙනකොට සයින් කරලා තියනවා. හෙට මේ ගෙදර පාටි එකක් තියනවා. තමුන්ට ඕනි නම් මන් ඒ ගර්ල්ව පෙන්නනම්. අනික එයාලා හෙට එන්ගේජ් වෙනවා. ඒකට තමා පාටිය.

මන් එහෙම කියලා එතන එයාගෙ පොටෝ එකකුත් තියලා පැත්තවත් බලන්නෙ නැතිව ආවා. ඇත්තටම පාටි එක තියෙන්නෙ පොඩි බිස්නස් වැඩකට.ඒත් මන් එහෙම කීවෙ ජිමින්ට විදවන්න සලස්වන්න. මොකද මන් දන්නවා එයා හියුන්ට කැමතී කියලා.

පාර්ක් ජිමින් හෙට හියුන් ආවම තමුන්ට මන් හොද වැඩක් කරනවා.😠

🐣 ටේ ටේ හියුන් ඇවිදින් කීව දේ නිසා මට දැනුනෙ මගෙ මුළු ලෝකෙම කඩන් වැටෙනවා වගෙ. මන් ඇද උඩ තිබුන ඒ පේපර්ස් මගෙ වෙව්ලන අතින් අරන් බලන්න ගත්තා. ඩිවෝස් පේපර්. මන් කීයටවත් හිතුවෙ නෑ කුකී මාව මෙහෙම ඩිවෝස් කරයි කියලා . මන් හීනෙන්වත් බලාපොරොත්තු උනේ නෑ. මට දැනුනා මගෙ කම්මුල් දිගේ කදුළු ගලන් යනවා. ඒත් එක්කම පපුව රිදෙන්නත් ගත්තා.

කුකී ඔයා මට පොරොන්දු උනා මොන දේ උනත් මාව අතාරින්නෙ නෑ කියලා කුකී..
හ් හ..( cray 😭) මන් මේ දැනුත් ඔයා එයි කියලා බලන් ඉන්නෙ කුකි. එක අතකට මන් මෝඩයි නේද? මන් කොහොමද බලාපොරොත්තු උනේ තමන්ගෙ නන්ගිගෙ මිනීමරුවා එක්ක එයා දිගටම ඉදී කියලා. අනේහ් එතකොට අපෙ බබා..

මන් මගෙ අත ඉස්සරහට නෙරලා තියන බඩ උඩින් තියාන අත ගෑවා..

පැටියෝ අප්පට අපිව එපාද? ඔයත් මාව දාලා යන්නද හදන්නෙ ආහ්? අද උදේ මට බිලීඩ් උනා. එහෙම වෙන්න බෑ නේද? මට බයයි.. ඔයත් අප්පා වගෙ පපාව දාලා යන්නද හදන්නෙ? මමත් එනවා ඔයත් එක්ක එහෙම උනොත්.. දන්නවද පැටියො පපාගෙ හිත ටිකක් හරි හයිය කරන් හිටියෙ අප්පා අපිව අතෑරලා හිටියෙ නැති නිසා. ඒත් තව දුරටත් ඒක එහෙම නෑ  😔 මන් මොනාද කරන්න ඕනි? මට හොස්පිටල් එකට යන්න ඕනී ඔයා හොදින්ද කියලා බලා ගන්න පැටියෝ. ඒත් මන් කාටද කියන්නෙ? මන් කියන දේ කවුද අහන්නෙ? ඔයත් පපා හින්දා දුක් විදිනවා නේද? සමාවෙන්න පපාට.

මන් ඇද උඩ තිබ්බ පොටෝ එක අතට අරන් බැලුවා.

ඕහ් එයා ගොඩාක් ලස්සනයි ..
සුරදූතියක් වගේ.. එයා කුකීට ගොඩක් මැච් වෙනවා. මන් වගේ නෙමේ. එයා ගැල්ලමයෙක්නෙ. ලස්සන බිරිදක්, අලුත් පවුලක් වගේම කුකීගෙ පවුලෙ සතුට ආයෙම එයි . මොකද මන් එයාලා ලග නෑනෙ..💔

එ ඒත් කුකී මට රිදෙනවා මගෙ හදවත වීදුරුවක් වගේ කැඩිලා බිදිලා කුඩු වෙලා විසිරිලාම ගියා වගෙ දැනෙනවා. මෙහෙම ජීවත් වෙන එක අමාරුයි කුකී.

අනේ......💔😔💔💔💔💔
පැටියෝ අප්පාට අපිව එපා නේද? ඔයා තරහා වෙන්න එපා අප්පා එක්ක.. එයා දන්නෙ  ඔයා ගැන.. පපා තමා ඔක්කොටම වැරදි.

කුකී මාත් පලවෙනි වතාවට මන් උන පොරොන්දුව කඩනවා. ඔව් මන් තීරනයක් ගන්නවා. කරන්න පුලුවන් උනත් බැරි උනත් මන් උත්සාහ කරලා බලනවා.........

Diary ,

අප්පා... අප්පා ඔයාගෙ චිමී, මෝචි බෝලෙ අඩනවා අප්පා. අප්පා වේ අප්පා ඔයාලා මාව දාලා ගියේ? දන්නවද අප්පා අප්පා ගියාට පස්සෙ කවුරුවත් ආදරේ කරේ නෑ. අප්පා දුන්නා වගේ රස කෑම දුන්නෙ නෑ. කිසිම දෙයක් මට ලැබුනෙ නෑ අප්පා.. අප්පා මන් අප්ප කියපු විදිහට ගුඩ් බෝයි කෙනෙක් උනානෙ අප්පා. ඒත් හැමෝම කීවේ ච්මී බෑඩ් බෝයි කෙනෙක් කියලා. අප්පත් මාව දාලා ගියේ මන් බෑඩ් බෝයි කෙනෙක් නිසාද අප්පා?

ඔම්මා.. මට ඔයාගෙ තුරුලෙ ඉන්න ඕනි ඔම්මා. මන් කවදාවත් ඔම්මගෙ පහස විදලා නෑ ඔම්මා. මගෙ ඔලුව ටිකක් අත ගානවද? ඔගෙ ඔලුව ගොඩක් රිදෙනවා ඔම්මා. ඇයි ඔම්මා මාවයි අප්පවයි තනි කරලා ගියේ ගියේ? දන්නවද ඔම්මා චූටි කාලෙ නසරි එකේ, ස්කූල් එකේ ළමයි ඔම්මලා එක්ක එනකොට මන් ඉදගෙන බලාන් හිටියා. ඒත් ඔම්මා කවදවත් චිමීව ගන්න ආවෙ නෑනෙ. ඔම්මා අප්පා කීවා මන් ඔම්මා වගේලු. මන් ඔම්ම දැකලා තියෙන්නෙ පොටොවලින් විතරයි ඔම්මා. ඔම්මා මන් හම්බ වෙන්න ඉද්දි ගොඩක් අමාරුවෙන් හිටියලු නේද ඔම්මා? අප්පා මට චූටි කාලෙ කීවා. ඒත් අප්පා හිටියලු ඔම්මගෙ තනියට  . ඔම්මා මටත් අමාරුයි ඔම්මා. ඔම්මා දැන් හැල්මොනි කෙනෙක් වෙන්න ඉන්නෙ ඔම්මා. ඒත් ඔම්මා මට පාලුයි.  මන් තනිවෙලා ඔම්මා. මට බයයි. මට ගොඩාක් බයයි ඔම්මා. බැයිද මන් ගාවට එන්න? මට ඔය දෙන්නා ගොඩක් මතක් වෙනවා.😔💔

අප්පා..... අප්පාට තිබුනේ මාව නැතිව ඔම්මව බේර ගන්න. එහෙම් උනා නම් අද මෙහෙම වෙන්නෙ නෑ අප්පා. අප්පා හිටියා නම් මාව ආරක්ෂා කරයි නේද අප්පා? දන්නවද අප්පා ගියාට පස්සෙ මන් හැමදාම ගුටි කෑවා ඒත් මගෙ ආරක්ෂාවට කවුරුවත් හිටියෙ නෑ. අප්පා වගේ කවුරුවත් මේ චිමීව ආරක්ෂා කරේ නෑ. මන් දන්නෑ ඇයි මන් මෙච්චර අවාසනාවන්ත කියලා. අප්පා සමහර විට මටත් ඉක්මනට ඔයාලා ගාවට එන්න පුලුවන් වෙයි.සමහර විට මගේ බබාත් එක්කම.එතකොටවත් අපි එකට ඉමුද අප්පා?

අප්පා මට බයයි මගෙ පැටියා මාව දාලා යයි කියලා එහෙම උනොත් අප්පා මාත් ඉක්මනටම ඔයාලා ගාවට එනවා. මට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් නෑ අප්පා. එහෙම නැතිව මට ඔම්මට වගේ උනොත්.. ඒත් එපා. එතකොට මගෙ දරුවත් මන් වගේ ජීවිතේ පුරාම විදවයි. එයාව බලා ගන්න කෙනෙක් නැතිවෙයි. හැමෝම එයාව පීඩාවට ලක් කරයි අප්පා. අප්පා මන් කුකී හම්බ වෙනකන් හීන , බලාපොරොත්තු තියන් ජීවත් උන කෙනෙක් නෙමේ. අප්පට වෙච්ච පොරොන්දුව රකින්න විතරක් ජීවත් උනා. ඒත් කුකී මට අලුත් බලාපොරොත්තු , හීන ගොඩක් දුන්නා. ඒත් මන් දැන් දන්නවා හීන කියන්නෙ හීනවලට විතරක්ම කියලා. එයාට තිබුනා මට එහෙම බලාපොරොත්තු නොදී ඉන්න. එහෙම උනා නම් මන් මෙච්චර විදවන්නෙ නැති වෙයි.

අප්පා මට ඕනි ආයෙ චූටි කාලෙට යන්න.

අපෙ බූසාන් ගෙදරට යන්න. එහෙ නිදහසේ ඉන්න.
ඔම්මගෙ තුරුලේ සැනසෙන්න .

ඔම්මව අවුස්සලා අප්පගෙ කරේ නැගලා ගේ වටේ යන්න..

අලුත් යාලුවෝ හදා ගන්න
ඒ අයට ඔම්මවයි අප්පාවයි පෙන්නන. මටත් දෙමාපියෝ ඉන්නව කියන්න.
කවුරු හරි මට ගහනකොට මාව බේරන්න අප්පා එනවා නේද අප්පා? මාව ආරක්ෂා කරනවනෙ?
ස්කූල් ට්‍රිප් යන්න. විනෝද වෙන්න..එක එක කෑම ජාති කන්න. ඔම්මා එක්ක එකතු වෙලා හදන්න..
එක දිගට කාටුන්, ලස්සන ෆිල්ම් බලන්න මට ආසයි අප්පා.
එහෙම උනා නම් මේ වෙනකොටත් මන් ඔම්මගෙයි අප්පගෙයි තුරුලෙ ඉන්න තිබ්බා නේද අප්පා? මන් තාම චූටීනෙ අප්පා.
මන් යුනිවර්සිටි ගිහින් ඩාන්සින්ග් කරන්වා අප්පා.. මන් දන්නවා  අප්පා විරුද්ධ වෙන්නෙ නෑ කියලා.
මට ආසයි අප්පා මේ හැමදේම කරන්න. ඒත් ඒවා තව දුරටත්, ඉස්සරත් , අනාගෙතෙත් වෙන දේවල් නෙමේ. මගේ හිතේ තිබ්බ ආසාවන් විතරමයි. ඒත් එහෙම උනා නම් මට කුකී හම්බ වෙන්නෙ නෑ නේද අප්පා? මගෙ පැටියා මන් ගාවට එන්නෙ නෑ නේද? එහෙමත් එපා අප්පා මට ලැබුන හොදම දේ තමා මගේ කුකී වගේම මගෙ පැටියා. මන් ඒ දෙන්නටම ආදරෙයි.

මන් අප්පා කීව විදිහට මට ලැබෙන විදිහට හැමදේම බාරගත්තා අප්පා. ඒත් අප්පා මට හැමවෙලේම නරක ප්‍රථිපලමයි ලැබුනෙ. මට තව දුරටත් දරා ගන්න බෑ අප්පා.මන් අප්පට වෙච්ච පොරොන්දුවත් කඩනවා. අප්පා මන් තීරනයක් ගත්තා. මන් දෙවෙනි වතාවටත් පැනලා යනවා. බැරි උනත් උත්සාහ කරනවා. පලවෙනි පාර බැරි උනේ මගෙ ඉස්සරහට කුකී ආව නිසා. මේ පාර කවුරු ආවත් මන් මට පුලුවන් උපරිම දුරට පැනලා යනවා. මන් දන්නව මට ඒ තරම් හයියක් නෑ කියලා. ඒත් එහෙම මුකුත් නොකර ඉන්නවට වඩා ඒක හොදයි. මෙතනින් එළිය කොයි වගේද අප්පා? මිනිස්සු මට හිනාවෙයිද? මන් යන්න ඕනි දිහාවක්වත් දන්නෙ නෑ අප්පා. උත්සාහ කරලා බලන්නම් මන් අන්තිම පාරට මගෙ බබා වෙනුවෙන්..

එහෙනම් අප්පා  මන් නවතින්නම්. ආයෙ කවදාවත්ම මන් මේ ඩයරියේ ලියන්නෙ නෑ. මන් මට අයිති නැති තැන්වල තව දුරටත් රැදෙන්නෙ නැ.. කොහොමත් එහෙම තැන්වල රැදෙන්න මට උවමනාවක් නෑ හැම තැනින්ම මාව බලෙන් තියා ගත්තා මිසක් .
මන් ආයෙ කුකී වෙනුවෙන්වත් කවමදාවත් මේ පොතේ ලියන්නෙ නෑ. අදින් මගෙ කතාව ඉවරයි.. කුම්මාවෝ කුකී මට දුක සැප බෙදා ගන්න  ඩයරියක් දුන්නට..  ඒ වගේම මට දවසක් හරි ආදරේ කරාට.....

.........................................................................

❄️ ඊයෙ රෑ දෙන්න හිටියෙ.. රෑ හතට විතර කරන්ට් වැයර් එකට කෙටි නිවාඩුවක් දෙමින් ගහක් අවසන් හුස්ම ගත්තා .. සෝ මේ කරන්ට් එක හැදුව සැනින් ටයිප් කරලා දුන්නෙ.

❄️ ඇත්තටම පොරොන්දු තියෙන්නෙ කඩන්නද? නෑ නේද? පොරොන්දුවක් දෙන්න ඕනි පොරොන්දුවක් රකින කෙනෙක්ට. පොරොන්දුවක් අපි ගන්න ඕනි අපිට ඒක සදහටම රකින්න පුලුවන් නම් විතරයි.. නැත්තන් කවදාවත් රකින්න බැරි පොරොන්දු ගන්නවත් දෙන්නවත් එපා.

❄️ දන්නවද මටත් මේ ලගදි මගේ යාලුවෙක් පොරොන්දුවක් ගත්තා.. ඒක එවෙලෙම සුන්.. නෑ නෑ මන් පොරොන්දු මැරෙනකන් රකින කෙනෙක්. ඒ මගේ යාලුවාට බෝයි පෙන් කෙනෙක් හම්බ වෙලා.. ඉතින් මට හූ කියලා නටන්න සතුටු හිතුනා. මන් මගෙ කට කන ගාවට කරන් හිනා වෙවී නට නට කුස්සියට ගිහින් අම්මට කියලා අම්මත් එක්කත් නැටුවා. අම්මටත් සතුටුයි .. හේතුව එයා මහන වෙන්න හිතන් හිටියෙ. එයාට තිබ්බේ එහෙම පරිසරයක්.. ඉතින් මට සතුට දරා ගන්න බැරිඋනා..🙂💔🤭 මට තාමත් සතුටුයි ඒකට.

❄️ ජිමින්ට යන්න හම්බ වෙයිද?

❄️ ටේ නපුරු නෑ හොදේ. එයා හොද කෙනෙක්. ජන්කුක් උනත්. ඒත් අපි උනත් අපේ සහෝදරයෙක් නැති කරපු කෙනෙක් ගාව සැහැල්ලුවෙන් ඉන්නෙ නෑනෙ නේද?

❄️ තව එකක් ඕනිද?රෑට දෙන්නද? එපාද?

Continue Reading

You'll Also Like

52.5K 5.1K 28
⚠BDSM ⚠dominance Love in a dark heart Sex can be intense, but we can't even imagine the love in that heart..πŸ³οΈβ€πŸŒˆ 〰️Please read this carefully〰️ ⚠...
25.3K 3.7K 29
ΰΆ’ΰ·“ΰ·€ΰ·’ΰΆ­ΰ·š ΰΆ΄ΰ·Šβ€ΰΆ»ΰ·šΰΆΈΰΆ±ΰ·“ΰΆΊ ΰΆ΄ΰΆ»ΰ·’ΰΆ ΰ·ŠΰΆ‘ΰ·šΰΆ― ΰΆ½ΰ·’ΰΆΊΰ·€ΰ·”ΰΆ±ΰ·šΰΆΈ ΰΆ†ΰΆ―ΰΆ»ΰΆ±ΰ·“ΰΆΊ ΰ·„ΰΆΈΰ·”ΰ·€ΰ·“ΰΆΈΰ·Š ΰΆ‘ΰΆšΰ·ŠΰΆš.... ......❀️
6.6K 1.2K 21
────── ΰΆ”ΰ·€ΰ·Š.ΰ·€ΰ·ƒΰΆ±ΰ·ŠΰΆ­ΰΆΊ ΰΆ†ΰΆΊΰ·™ΰΆ­ΰ·Š ΰΆ‘ΰΆΊΰ·’.ΰΆΈΰΆ‚ ΰΆ―ΰΆ±ΰ·ŠΰΆ±ΰ·€ΰ·.ΰΆΈΰΆ‚ ΰ·€ΰΆœΰ·šΰΆΈ ΰΆ‘ΰΆΊΰΆ­ΰ·Š ΰΆ’ ΰ·€ΰ·™ΰΆ±ΰ·”ΰ·€ΰ·™ΰΆ±ΰ·Š ΰΆΆΰΆ½ΰ·ΰΆœΰ·™ΰΆ± ΰΆ‰ΰΆ±ΰ·ŠΰΆ±ΰ·€ΰ·.──────── ✍ _Choco_Bee_ [Requested] Start :- 19.06.2021 End :- 18.08.2...
79.1K 11.1K 47
Sithara Raghuvaran, a 21 year old girl who is broken, scared and struggling hard to get used to the new world which looks straight opposite to the wo...