ENDLESS (remember me live in...

By daraWijekoon

21.5K 3.8K 1.4K

I wanna grow old with you I wanna die lying in your arms I wanna grow old with you I wanna be looking in y... More

๐Ÿ‚ Introduction ๐Ÿ‚
๐Ÿ‚ 1st chapter ๐Ÿ‚
๐Ÿ‚ 2nd chapter ๐Ÿ‚
๐Ÿ‚ 3rd Chapter ๐Ÿ‚
๐Ÿ‚ 4th Chapter ๐Ÿ‚
๐Ÿ‚5 Chapter ๐Ÿ‚
๐Ÿ‚06 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 07 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 08 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 09 Chapter ๐Ÿ‚
๐Ÿ‚10 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 11 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 13 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 14 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 15 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 16 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 17 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 18 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 19 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 20 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 21 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 22 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 23 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 24 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 25 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 26 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 27 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 28 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 29 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 30 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 31 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 32 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 33 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 34 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 35 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 36 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 37 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 38 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 39 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 40 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 41 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 42 Chapter ๐Ÿ‚
๐Ÿ‚ Epilogue ๐Ÿ‚
๐Ÿ‚ A/N ๐Ÿ‚

๐Ÿ‚ 12 Chapter ๐Ÿ‚

326 81 15
By daraWijekoon


Even if stranger I always want a little or a touch from you

........................................................................

හරිම ඉක්මනින් උදේ වෙලා.. ජනේලෙ තිර රෙදි අස්සෙන් වැටෙන ලා එළිය දිහා හෙමින් ඇස් ඇරලා මන් බැලුවෙ තමත් මාව බදාගෙන කකුළකුත් උඩින් දාන් ඉන්න කුකී දිහා.. මන් ඒ මූන දිහාම බලන් හිටියා.. හරිම ලස්සනයි .. මන් ඔලුව උස්සලා කූගෙ කම්මුලකට චූටි පේක් එකක් දුන්නා.

🐰 ම්ම්හුක්.. ඒක දැනුනෙවත් නෑනෙ බබා.
ඒක නම් හොදටම මදි.

🐣 ආහ් මෙන්න මෙයා ඇහැරලා ඉදල තියෙන්නෙ.. සැක් වස ලැජ්ජාව.

කුකී ඇහැරලා ද හිටියෙ? හොද නෑ ඔයා..

🐰 අනෙ නෑ මන් ටිකකට කලින් ඇහැරුනෙ.. කෝ තව එකක් ඕනි..

🐣 ඒ පාර කුකී ඇස් දෙකත් පියන් මූනත් මගෙ පැත්තට දික් කරන ගමන් මගෙන් තවත් පේක් එකක් ඉල්ලනවා.. මං ලැජ්ජවට කූගෙ පපුව අස්සෙ මූන හංග ගෙන ඔලුව හෙල්ලුවේ බෑ කියන්න.

🐰 ආහා එහෙම බෑනෙ. බගෙට දීලා හරියන්නේ නෑනෙ මගෙ හබී.. ඔන්න ඔය දුන්නෙ නැත්තන් මන්ම දෙනවා හරිද?

🐣 මන් තවත් ටිකක් මූන අස්සට ගහ ගත්තා..

🐰 හරි ඉන්නකො එහෙනම්

🐣 මෙන්න එහෙම කියපු කුකී මාව ඈත් කරලා ඊයෙ රෑ වගේම මගෙ උඩට ඇවිත් මගෙ මුළු මූනම ඉඹින්න ගත්තා. මට හොදටම කිති.. හිනාව නවත්තා ගන්නත් බැ..

🐰 මන් චිමී යට කරන් මුළු මූනම ඉඹින්න ගත්තා. චිමී පොඩි ළමයෙක් වගේ හිනා වෙන්නෙ. ඇස් දෙක පේන්නෙත් නෑ කම්මුල්වලට යට වෙලා.
මන් ටිකක් නවත්තලා ඒ මූන දිහා බලන් හිටියෙ හරිම ආසාවෙන්.
එයා හුස්ම ගත්ත ගමන් මන් ඒ තොල්වලට නැමුනා.. ඒවා හරිම සොෆ්ට්. හරියට මාස්මෙලෝස් වගෙ. ගොඩක් වෙලා මන් චිමීව කිස් කරා.
එයාට හුස්ම ගන්න අමරු උනාම නවත්තලා පැත්තකට වෙලා ආයෙම බදාගෙන මන් ඇස් දෙක පියා ගත්තෙ නැගිටින්න තිබ්බ කම්මැලිකමට.

🐣 කුකී මාව කිස් කරලා ආයෙම නිදා ගන්න හදන්නෙ. හරිම කම්මැලී වගෙ. දැන් දවල්ටත් කිට්ටු ඇති. මේම ඉදල බෑනෙ.
කුකී නැගිටින්නකෝ. දැන් දවල්ටත් ලග ඇති. ඉන්නකො අනෙ මෙ කකුල ගන්නකො.

🐰 බෑ. ඉතින් දහවල් උනාදෙන්. ඇයි අපි කොහෙවත් යනවයෑ. මේ අපෙ හනිමූන් නිවාඩුව. 😌
මන් ඒම කියලා හෙමීන් චිමීගෙ ටී එක අස්සෙන් අත දාලා පිට දිගේ අත අරන් ගියා..

🐣 ඒකත් ඇත්ත තමා..
ආහ්. මෙ මොකද මේ.. අනේ අත ගන්නකො කුකී..

🐰 චිමී හොදටම ඇඹරෙනවා. මෙයාගෙ ලැජ්ජාව නම් අයින් කරන්න වෙයි වගෙ..😂
වෙලාව බලන්නකො.. දැන් නම් බඩගිනිත් වගෙ..

🐣 අයියෝ කුකී දැන් 10 ත් පහු වෙලා.. හොදටම දවල් වෙලානෙ..

🐰 ආහ් එහෙමද බබා.. ඊයෙ නිදා ගද්දි හොදටම පරක්කු වෙලානෙ. කමක් නැ. අපි හෙමින් වොශ් එකක් දාන් මොන හරි ඕඩර් කරලා කාලා ඉමු ආහ්?

🐣 හ්ම් හරි කුකී.
මායි කුකී ඉක්මනට වොශ් දාගෙන ලෑස්ති උනේ බඩේ පනුවො හිගන මට්ටමෙන් කෑම ඉල්ල ඉල්ල කෑගහපු හින්දා. හොදටම බඩගිනී දැන් නම්.

🐰 චිමී අපි කෑම ගෙන්නන් කන්නෙ නැතිව පල්ලෙහාට කමුද? හොටෙල් එක බලන්නත් පුලුවන්නෙ ?

🐣 හරි කුකී. ඕනි විදිහක් හොදයි.

🐰 එන්න යමු එහෙනම්

🐣 මායි කුකී කාමරේ ලොක් කරලා හොටෙල් එකේ පල්ලෙහාට කෑම කන්න ගියෙ වටේ පිටේ බලන ගමන්මයි. ඔහ් දැන්නෙ ලස්සන පේන්නෙ.. හරිම ලස්සනයි . ගොඩාක් පරණ විදිහට මේවා ඩිසයින් කරල තියෙන්නෙ.

කුකී ටේබල් එකකට ගිහින් වාඩි වෙලා මටත් එහේ පැත්තෙන් වාඩි වෙන්න කියලා කන්න ඕනි මොනාද කියල ඇහුවා. මන් කුකීට කීවා එයා ගන්න දෙයක් ගන්න කියලා. ඒත් එක්කම කුකී වේටර් කෙනෙක්ට කතා කරල මොනාද ඕඩර් කරා.

🐣 කුකී අපි කොහෙද යන්නෙ දැන්?

🐰 යන්න නම් ගොඩක් දිහා හිතන් හිටිය චිමී. ඒත් අපි නැගිටිද්දි පරක්කු වෙලානෙ.
දැන් 11ටත් කිට්ටුයි.. මේ දවල් දැන්ම පාරට බැස්සොත් කර වෙලා තමා නතර වෙන්නෙ. අපෙ වගෙ නෙමේනෙ චිමි. මෙහෙ රස්නෙ වැඩී. උදේම එළිට බැස්සා නම් එච්චර ගානක් නැ. ඒත් දැන් ගියොත් ඉක්මනට හෙම්බත් වෙනවා.

ඒ හින්දා අපි දැන් නොයා හවස් වෙලා යන්. දැනට අපි රූම් එකට වෙලා ඉමු.

🐣 ම්ම්.. එතකන් අපි මොකද කරන්නෙ?

🐰 අපි ෆිල්ම් එකක් බලමු එතකන්. ඒ කරලා 2ට විතර යමු.

🐣 හා කුකී.
අපි කතා කර කර ඉන්නකොට වේටර් කෙනෙක් ඇවිත් අපෙ කෑම දීලා ගියා.
කුකී බත් ගෙන්නලා තිබ්බෙ. ඒක හොදයි.

ආයෙ හරක්මස් වෑංජනයයි. කෙසෙල් මොනාද විදිහකට බැදලා, සලාදයක්.
මස් හොද මෙලෙකට හදලා තිබ්බා. හරිම රසයි. අමුතු විදිහකට හදලා තිබ්බෙ.

අපි දෙන්නම කාලා ඉවර වෙලා ඩෙසර්ට් එකත් අරන් රූම් එකට ආයෙ එනකොට 12ට කිට්ටු වෙලා තිබ්බා.
කුකී ෆිම් එකක් තෝරලා tv එකෙට දැම්මට පස්සෙ අපි දෙන්නම ගිහින් ඇදේ හාන්සි උනේ ඒක බලන්න. මන් කුකීට එහා පැත්තෙන් වාඩි උනා..
කුකී මන් දිහා එක දිගට බලන් ඉන්නවා.
මන් ඔලුව උස්සලා ඇයි කියලා ඇහුවා. මුකුත් කියන්නෑ..
එහෙම්මම බලන් ඉදලා එක පාරටම මාව ඉනෙන් උස්සලා අරන් එයාගෙ කකුල් දෙක මැද්දෙන් තියා ගත්තා. දැන් මන් එයාගෙ තුරුලෙ. මට ටිකක් හිනා ගියා මේ කරපු දේට.

🐰 මොකද හිනා වෙන්නෙ බබා?

🐣 නිකන් කුකී.

🐰 ඈත් වෙලා බැලුවම කිසිම ගතියක් නෑ අනෙ..😌

🐣 හ්ම් හාකො හාකො..
මන් ඒම කියලා හොදට කුකීට හේත්තු උනා.. ඒ ගමන් ම මට චූටි පේක් එකක් දීලා මගෙ ඇග මැද්දෙන් අත් දෙකත් දාන් ෆිල්ම් එක බලන්න ගත්තා.

ෆිල්ම් එක ගොඩක් ලස්සනයි . ඒක රොමෑන්ටික් එකක්.. සමහර තැන් නම් කුකී ඉන්න හින්දා ලැජ්ජාවෙන් බැලුවෙ. මන් මේ ෆිල්ම් එකක් බලන්නෙ ගොඩාක් කාලෙකින්. කලින් මට tv එකවත් බලන්න දුන්නෙ නෑනෙ.. ඉස්කෝලේ ඉද්දි බලපු කරපු දෙයක් විතරයි. ඒකත් කුකී එක්ක බලද්දි වෙනස්ම හැගීමක්. මට නම් හරිම සතුටුයි.

🐰 චිමී ෆිල්ම් එක ආසාවෙන් බලනවා. හරියට පලවෙනි පාරට ෆිල්ම් එකක් යනවා වගෙ.. ෆිල්ම් එකේ හිනා වෙනකොට මෙයත් හිනා වෙනවා, කිස් එකක් යනකොට මෙයාගෙ මූන රතු වෙනවා.. හ හා.. හරි කෝළමක් තමයි.. දැන් නම් මට මෙයාව ඉඹගෙන ඉඹගෙන යන්න හිතෙනවා . මන් හෙමීට එයාව අවුස්සන කියල හිතන් බෙල්ල ඉඹින්න පටන් ගත්තා. මෙන්න එක පාරට බෙල්ල උස්සලා මන් දිහා හැරිලා බැලුවා. කම්මුල් රතු වෙලා. ඒ ගමන්ම මන් ඒ චෙරි වගේ රතු ලිප්ස් අල්ලා ගත්තා.

🐣 එක පාරටම මගෙ බෙල්ල දිගේ සීතලක් ඇදෙනවා වගේ දැනුන හින්දා මන් ඔලුව උස්සලා බැලුවෙ මොකද්ද කියල බලන්න.. බැලින්නම් කුකී. එයා මගෙ බෙල්ල සිප ගන්නවා. ඒත් එක්කම වගේ කුකී මගෙ තොල් එයාගෙ තොල් වලින් අල්ලා ගත්තා.. ෆිල්ම් එකේ ඉතිරිය මොනා උනාද දන්නෑ..

🐰 මන් චිමීව මගේ පැත්තට හරවන් එයාගෙ කකුල් දෙක මගෙ ඉන වටේ දාගත්තා.. මන් එයාව එක දිගට සිප ගත්තා. හුස්ම ගන්න විතරක් කීප පාරක් නතර කරලා ගොඩක් වෙලා මන් එයාව කිස් කරා.. ඉදන් ඉන්න එක අමාරු හින්දා ඇදේ පෙරලගෙන කිස් කරා.. විනාඩි 30ක් නෑ ඊටත් වඩා වැඩි වෙලාවක් අපි කිස් කරන්න ඇති. චිමීටත් නවත්තන්න උවමනාවක් තිබ්බෙ නෑ. ගොඩක් වෙලා ගියාට පසෙ මන් චිමීගෙන් ඈත් වෙලා ඇදේ එහා පැත්තෙන් අත පයත් දිගෑරගෙන හොද හුස්මක් අරන් දිගා උනා.

මායි චිමී එක පාරටම මූනෙන් මූන බලන් හයියෙන් හිනා උනා. අපි දෙන්නටම හිනා හොදටම.. මන් ආයෙ චිමීව පෙරලන් එක දිගට කුචිකවන්න ගත්තා.. චිමී පෙරලි පෙරලි හිනාව නවත්ත ගන්න බැරුව ඉන්නවා..
එයාට හුස්ම ගන්න බෑ වගෙ දැනෙන කොට මන් වැඩේ නැවැත්තුවා . එයා හයියෙන් හුස්ම ගන්නව. පවු.. ඒත් මට හිනා. චිමී චූටි දරුවෙක් වගෙ. එයාගෙ ඇස් පේන්නෙ නෑ කම්මුල් ඇතුලෙ ගිලිලා. දැන් නම් මූන, බෙල්ල, කන් දෙක ඔක්කොම රතුම රතු වෙලා.

මන් එහෙම්මම එයාගෙ බඩ උඩින් ඔලුව තියා ගත්තා. එයා හුස්ම ගන්න තාලෙට මගෙ ඔලුවත් උඩට පහලට යනවා. දැන් නම් ටික ටික සන්සුන් වෙනවා. මන් ඇස් දෙක පියාගෙන ඉන්නකොට එක පාරටම මගෙ ඔලුවෙ කෙස් අතරෙ ඇගිලි ටිකක් යනව දැනුනා.. චිමී. එයා මගෙ ඔලුව අත ගානවා. හරිම සනීපයි..

🐣 කුකී මාව කිස් කරද්දී මාත් එක දිගටම රියැක්ට් කරේ ඒ හැගීමට මන් ගොඩක් ආස කරපු නිසා. කිස් එක නැවැත්තුවාට පස්සෙ කුකී මාව පෙරලගෙන කිචි කැවෙව්වා.. මන් හුස්ම ගත්තෙත් අමාරුවෙන් . හොදටම හුස්ම ගන්න බැරි වෙනකොට මගෙන් ඈත් උන කුකී ටිකකින් මගේ බඩ උඩ ඔලුව තියන් ඇස් පියා ගත්තා..
මන් හෙමින් කූක්ගෙ ඔලුව අත ගාන්න ගත්තෙ එයාට සනීපයක් දැනෙන්න.. මන් මේ අලුතෙන් පටන් ගත්ත ජීවිතේ මගෙ කුකී, මගෙ හස්බන් එක්ක ගෙවෙන හැම මොහොතකටම ආශා කරා. ඒ හැම මොහොතක් ම මට අලුත් දෙයක් උනා.

🐰 චිමී.. දැන් දවල් 2ටත් කිට්ටුයි. මේම ගියොත් මට ආයෙම මෙතන නින්ද යයි. අපි යමු.. ඉක්මනට ලෑස්ති වෙලා යමු අහ්?

🐣 ම්ම්ම් දේ කුකී.. අපි කොහෙටද මුලින්ම යන්නෙ?

🐰 ලෑස්ති වෙන්නකෝ.. මන් එක්කන් යන්නම් දිහාවක. ඒත් අද නම් අපිට එක දිහාවක විතරයි යන්න වෙන්නෙ. එතෙන්ට ගිහින් ඇවිත් හෙට යන් අනිත් තැන්වලට .

🐣 හරි කුකී..
කුකී මායි දෙන්නම ඇවිදින්න යන්න පුලුවන් විදිහට ඇදුම් මාරු කරන්
ලෑස්ති උනේ එළියට යන්න..

🐰 චිමී හරිද ලෑස්ති වෙලා ඉවරද?

🐣 ඔව් කුකී හරි. යමුද?
කුකී මන් ගාවට ඇවිත් තොල් වලට චූටි පේක් එකක් දීලා හිනා වෙලා යන් කියල මගෙ අතත් අල්ලගත්තා.

ආහ් කුකී ඔය කැම් එක.. ඔයාගෙද?

🐰 හ්ම් ඔව් චිමී.

🐣 වෝහ් කුකී ඒක නම් පට්ට..

🐰 යමු යමු එන්න..
අපි දෙන්නම හොටෙල් එකෙන් එළියට ඇවිදින් වීදිය දිගේ ඇවිදින්න ගත්තා. මන් මෙහෙ කලින් ඇවිත් තියන නිසා ඇවිදින්න හොද තැන් ගැන දන්නවා.
වාහනයක් ගන්නෙ නැතිව පයින් යන්න හිතා ගත්තෙ චිමීට මෙහෙ ලස්සන පෙන්නන ඕනි නිසා. අනික අද එච්චර දුර යන්නෙ නැහැනෙ.

🐣 කුකී මාවත් එක්කන් පයින්ම යන්න ගත්තා.. එයා යන පස්සෙන් මන් වටේ බල බල යන්න ගත්තා.. මෙහෙ හැම බිල්ඩින් එකක්ම පරන තාලෙ එව්වා. ඒ වගේම හෑම වාහනයක්ම පරන තාලෙ වාහන, මිනි කූපර් වර්ග තමා වැඩිපුරම තිබ්බේ.. මේවගේ වාහන නම් කොරියාවෙ ගරාජ් එකකවත් නැතිව ඇති.
එයා කියන විදිහට හවානා වල ඉතිහාසය 1500 ගනන්වලට යනවා. මෙහෙ වරාය යුද්ධවලට ගොඩක් යොදාගෙන තියනවලු. 1990 න් වගෙ මෙහෙ ඇති උන ආර්ථික කඩා වැටීමත් එක්ක රට දුප්පත් වෙලා. ගොඩ ඒමක් නැති නිසා මෙහෙ රට ගොඩක් දුප්පත් වෙලා. එයලගෙ දැන් ප්‍රධාන ආදායම් මාර්ගය වෙන්නෙ සංචාරක කර්මාන්තය . පැරණි නගරය ආරක්ෂා කරන්න බලකොටුවක් ඉදිකරල මුහුද දිගටම විශාල බැම්මක් බැදල තියනවලු. කුකී කීව විදිහට අපි දැන් යන්නෙ එහෙට. මැල්කොන් වෙරලට.. මෙහෙ ආකර්ෂණීයම තැන් වලින් එක තැනක්ලු.



.........................................................................

❄️ සුට්ටක් සුට්ටක් අවුල් ඇති හොදේ..🙂🤧

❄️ ඇවිදින්න ආස නැද්ද? මන් නම් ආසම දේ ඇවිදින එක..🙂

❄️ එක එක විදිහට ලියවිලා ඇති හොදේ..🤧 එකම විදිහට ලිය වෙන්නෙ නෑ අනේ.🙂💔

Continue Reading

You'll Also Like

1.3M 123K 52
"แ€™แ€ฑแ€ฌแ€„แ€บแ€ทแ€€แ€ญแ€ฏ แ€˜แ€šแ€บแ€แ€ฏแ€”แ€บแ€ธแ€€แ€™แ€พแ€œแ€Šแ€บแ€ธแ€™แ€ฏแ€”แ€บแ€ธแ€™แ€›แ€แ€ฒแ€ทแ€žแ€œแ€ญแ€ฏ แ€‘แ€•แ€บแ€•แ€ฎแ€ธแ€œแ€Šแ€บแ€ธแ€™แ€แ€ปแ€…แ€บแ€”แ€ญแ€ฏแ€„แ€บแ€แ€ฑแ€ฌแ€ทแ€˜แ€ฐแ€ธ" Big Drama ... Drama แ€€แ€ผแ€ญแ€ฏแ€€แ€บแ€™แ€พแ€–แ€แ€บแ€•แ€ซ แ‹ แ€˜แ€šแ€บแ€œแ€ญแ€ฏ ending แ€•แ€ฒแ€–แ€ผแ€…แ€บแ€–แ€ผแ€…แ€บแ€œแ€€แ€บแ€แ€ถแ€”แ€ญแ€ฏแ€„แ€บแ€แ€šแ€บแ€†แ€ญแ€ฏแ€™แ€พแ€–...
97.8K 6.4K 31
"แ€˜แ€šแ€บแ€€ แ€‡แ€šแ€ฌแ€ธแ€œแ€ฑแ€ธแ€œแ€ฒ? Kim" "แ€กแ€€แ€ผแ€ฝแ€ฑแ€ธแ€”แ€ฒแ€ท แ€žแ€ญแ€™แ€บแ€ธแ€œแ€ฌแ€แ€ฌแ€œแ€ฑ แ€™แ€ฝแ€ฑแ€ธแ€…แ€ฌแ€ธแ€–แ€ญแ€ฏแ€ท" "แ€˜แ€šแ€นแ€€ แ€‡แ€šแ€ฌแ€ธแ€ฑแ€œแ€ธแ€œแ€ฒ? Kim" "แ€กแ€ฑแ‚‚แ€€แ€ผแ€ธแ€”แ€ฒแ‚• แ€žแ€ญแ€™แ€นแ€ธแ€œแ€ฌแ€แ€ฌแ€ฑแ€œ แ€ฑแ€™แ€ผแ€ธแ€…แ€ฌแ€ธแ€–แ€ญแ€ฏแ‚”"
78K 10.9K 46
Sithara Raghuvaran, a 21 year old girl who is broken, scared and struggling hard to get used to the new world which looks straight opposite to the wo...