ENDLESS (remember me live in...

By daraWijekoon

19.8K 3.6K 1.4K

I wanna grow old with you I wanna die lying in your arms I wanna grow old with you I wanna be looking in y... More

🍂 Introduction 🍂
🍂 1st chapter 🍂
🍂 2nd chapter 🍂
🍂 3rd Chapter 🍂
🍂 4th Chapter 🍂
🍂5 Chapter 🍂
🍂 07 Chapter 🍂
🍂 08 Chapter 🍂
🍂 09 Chapter 🍂
🍂10 Chapter 🍂
🍂 11 Chapter 🍂
🍂 12 Chapter 🍂
🍂 13 Chapter 🍂
🍂 14 Chapter 🍂
🍂 15 Chapter 🍂
🍂 16 Chapter 🍂
🍂 17 Chapter 🍂
🍂 18 Chapter 🍂
🍂 19 Chapter 🍂
🍂 20 Chapter 🍂
🍂 21 Chapter 🍂
🍂 22 Chapter 🍂
🍂 23 Chapter 🍂
🍂 24 Chapter 🍂
🍂 25 Chapter 🍂
🍂 26 Chapter 🍂
🍂 27 Chapter 🍂
🍂 28 Chapter 🍂
🍂 29 Chapter 🍂
🍂 30 Chapter 🍂
🍂 31 Chapter 🍂
🍂 32 Chapter 🍂
🍂 33 Chapter 🍂
🍂 34 Chapter 🍂
🍂 35 Chapter 🍂
🍂 36 Chapter 🍂
🍂 37 Chapter 🍂
🍂 38 Chapter 🍂
🍂 39 Chapter 🍂
🍂 40 Chapter 🍂
🍂 41 Chapter 🍂
🍂 42 Chapter 🍂
🍂 Epilogue 🍂
🍂 A/N 🍂

🍂06 Chapter 🍂

332 96 20
By daraWijekoon


      හියුන් මට කතා කරල යන්න ගියාම මන් හෙමිහිට සුපුරුදු පරිදි ගෙදරට ආවා.. එනකොටම ආයෙත් මට කුඩම්ම කතා කරපු හින්දා මන් එහෙම්ම එයා ලගට ගිහින් කතා කරා..

🐣 මට කතා කරාද මැඩම්?

🐮 අද මිස්ටර් ජියොන්ගෙ පුතා එන්න ඇතිනෙ. හෙට ඉදන් එයා කියන විදිහට ඉන්නවා. ඕනි දිහාවක යනව එනවා හැබැයි එයත් එක්ක විතරයි හරිද?

🐣 හරි මැඩම්

🐮තමුන්ට ඕනි කරන හැමදේම ඒ ගොල්ලො කරයි හරිද? වෙඩින් එකෙත් හැමදේම කරන්නෙ ඒ ගොල්ලො..
හහ් ඒක හොදයි අපෙ සල්ලිත් ඉතිරි.එ ගොල්ලො කියන දේකට විරුද්ද වෙලා මොනා හරි මට කීවොත් බලාගෙනයි. තමුන්ව ඉහේ ඉදන් පට්ට ගහන්නෙ මම.. 🤨

🐣 හ හරි මැඩම්. හරි..

🐮 යනව යනවා දැන්ම මෙතනින්..

කුඩම්ම හම්බ වෙලා මන් මගෙ පුන්චි කාමරේට ඇවිදින් ඇදට වැටුනා. දැන් හවස් වෙලත් එක්ක. මට තාමත් හිතා ගන්න බැ. මගේ ආදරේ මටත් නොදැනිම මගේ වෙනවා. මන් කොහොමත් දැන් හියුන් කියන් දේ අහනවා. එය මොනා කීවත් මන් කරනව. ඒ මගෙ ආදරේ. මේ අවස්තාව නම් මන් කීයටවත් නැති කර ගන්නෙ නැ. මෙතෙක් කල් මට බලාපොරොත්තුවක් තිබ්බෙ නෑ.. ඒත් අද ඉදන් මට තියනවා බලාපොරොත්තුවක් .

මන් මගෙ අනාගතේ ගැන හිතන්න ඕනි. මන් හිතනවා හියුන් මාත් එක්ක හොදින් ඉදීවි කියල. ඒත් මට මෙ කිසිම දෙයක් අයිති නැ කියල දැන ගත්තම හියුන් මට කැමති නැති වෙයිද? නැ නෑ එහෙම වෙන්නෙ නැති වෙයි.. හ්ම්... කොහොම උනත් මන් හෙට දවස වෙනකන් බලන් ඉන්නවා. මන් කාලෙකින් එලියට යනවනේ.😊

Next day morning ,

මන් උදේම නැගිටල වැඩ ඔක්කොම ඉවර කරල මට තියන හොදම ඇදුම ඇද ගත්ත. කලුපාට තවුසර් එකට සුදු ටී ෂර්ට් එක ඇදල ඒ උඩින් ළා නිල් ඩෙනිම් ෂර්ට් එකක් දා ගත්ත. මට තියන මන් පරිස්සමෙන් දැම්ම සෙරෙප්පු දෙකත් දාන් මන් බලන් හිටියෙ හියුන් එනකන්. එයා 8 වෙනකොට එනව කීවා.

8ට පහක් තියල ගේ ඉස්සරහ හෝන් එක්ක සද්දයක් ආව හින්දා මන් ගිහින් බැලුව හියුන්ද කියල. ඔව් ඒ හියුන් එයා ලස්සනට හිනාවෙලා මන් දිහා බැලුවා.

ඇත්තමයි මට හරිම සතුටුයි. කාලෙකින් කෙනෙක් මන් දිහා ඔහොම බැලුවෙවත්.

🐰 Good morning චිමී

🐣 Good morning හියුන්

🐰 ඔයා ලෑස්ති නම් අපි යමුද චිමී?

🐣 ආහ් හරි හියුන්
හියුන් එන්න කීවට පස්සෙ මන් ගිහින් කාරෙකේ වම් පැත්තෙන් පැසෙන්ජර් සීට් එකේ වාඩි උනා. ෂීට් බෙල්ට් දාගත්තට පස්සෙ හියුන් හෙමින් කාර් එක ස්ටාර්ට් කරල කාර් එක පාරට දාලා ඩ්‍රයිව් කරන් ගියා.
ටික දුරක් යනකම්ම අපි දෙන්නගෙන් කවුරුවත්ම කතා කරේ නෑ . ඒත් ඒක නිකන් මොකක්දෝ වගේ නිසා මන් කතා කරන්න හිතා ගත්තා..

🐣 හියුන්.... අපි කොහෙද යන්නෙ මේ?
මන් එහෙම ඇහුවෙ මට වෙන අහන්න දෙයක් හිතා ගන්න බැරි උන හින්ද වගේම යන දිහා දැන ගන්න ඕනි නිසයි.

🐰 ආහ් චිමී හෙටනෙ වෙඩින් එක. අපි ඒකට ඕනි කරන දේවල් ටිකක් ගන්න ගමන් ටිකක් ඇවිදිමු ආ?..

🐣 ආම් හරි හියුන්. ඒත් හියුන් කොහෙන්ද අපි බඩු ගන්නෙ?
ඇත්තටම එහෙම කීවත් මන් දන්නෙ නෑ සෝල්වල කිසිම තැනක් . මොකද මන් ඒ එකම තැනකවත් ගිහින් තිබ්බෙ නැති නිසා.
මට ගෙයින් එළියට බහින්න හම්බුනේම නැ. ඉතින් මන් පිට ලෝකේ ගැන මොකුත් දන්නෙ නැ.😔 ඉතින් හියුන් කොහෙ ගියත් මන් ඔහෙ යන්න හිතා ගත්තා..

🐰 ආහ් අපෙ ෂොපින් මෝල් එකට යන්. ඒකෙන් අපිට ඔක්කොම එකම තැනින් ගන්න පුලුවන්

🐣 දේ හියුන්
කුකී මායි විනාඩි 30න් වගේ ලොකු ෂොපින් මෝල් එකක් ගාවට ආවා.
වාව්.. මේකෙ ලොකු. තට්ටු කීයක් තියනවද මන්ද . ඒ වගේමයි ලොකුනෙ ගොඩක්. ඇත්තටම මන් මේ වගේ එකකට එන පලවෙනි පාර.. කෝමත් වෙනදට මට හම්බෙන ඇදුමත් මන් ගිහින් ගන්න එකක් නෙමේනෙ. ඒකත් මට ගෙනත් දෙන එකක්.
මේවට ඇවිත් නෑ වගෙ ඉදල හියුන්ට තේරිලා ගෙදර ගැන අහල මගෙ කටින් මොනා හරි පිට උනොත් විනාසයි..

ඒ හින්දා අමුත්තක් පෙන්නනෙ නැතිව හියුන් යන පස්සෙන් ගිහින් සද්ද නැතිව ඉන්න ඕනි

🐰 චිමී මොනාද කල්පනා කරන්නෙ? එන්න යන් අපි ඇතුලට.

🐣 හියුන් කාර් එකෙන් බැහැල අවිත් මගේ පැත්තෙ දොර අරින ගමන් මට කතා කරා.. මට කිසිම ගානක් නැනෙ..
කාර් එකෙන් බැස්ස ගමන් හියුන් මගෙ අත අරන් එයාගෙ අතන් තද කරන් අල්ලන් මාවත් එක්කන් ඇතුලට ගියා.

අපි ඇතුලට යනකොට එතන හිටපු කීප දෙනෙක් ඇවිත් හියුන්ට ඔලුව නමල ආචාර කරා..
ඒත් එක්කම හියුන් මට එතන ටිකක් ඉන්න කියලා එ කට්ටිය ගාවට ගිහින් මොනාද කීවා. එහෙම කියල ආයෙ හිනා වේගෙනම ඇවිත් මගෙ අත අයෙ අල්ලන් ලිෆ්ට් එකට ගිය.

තාත්තට පස්සෙ මගේ අත අල්ලන් මාව එක්කන් යන පලවෙනි කෙනා මගේ කුකී හියුන්. එයා මම එයාගෙ කියලා හැමෝටම පෙන්නන්න කිසිම විදිහකින් පැකිලෙන්නෙ නෑ වගේ.. එයා ලිෆ්ට් එකේ යන ගමන් මේ ෂොපින් මෝල් එක ගැන විස්තර කියෙව්වා. මන් ඔක්කොම වගෙ හොදින් අහන් හිටිය.
ඇත්තටම මන් එයා කියපු හැමදේටම හ්ම් ගාපු එකයි අහන් හිටපු එකයි විතරයි කරේ . මට කියන්න දෙයක් තිබ්බෙ නැ. එයා එක එක ෆැෂන් ගැන කියද්දි අලුත් දේවල් ගැන කියද්දි එයාගෙ උදව්වට කියවන්න මට දෙයක් තිබ්බෙ නැ. ඉතින් මන් කරේ දිගටම හිනා වෙවී අහන් හිටපු එක.. ලිෆ්ට් එකෙන් බැහැල හියුන් මාව එක්කන් ඇවිත් තිබ්බෙ මෙන්ස් ඇදුම් සෙක්ෂන් එක්කට.

ඕහ්.. එක එක බ්‍රෑන්ඩ් වල ඇදුම්. මේ ඔක්කොම ගොඩක් ගනන් එව්වනෙ. හියුන් ඇදුම් ගන්නෙ මේවද
හියුන් එක එක ඇදුම් තෝරන අතරෙ මාත් හෙමින් එක එක අත ගගා ඒ ඇදුම් බැලුවා. ඒව හරිම සනීපයි. එක එක ඩිසයින්..අනේ මටත් ආසයි.

🐰 චිමී. මෙහෙ එන්නකො

මන් හිත හිතා ඉන්නකොට හියුන් කතා කරා එයා ගාවට කවුද මන්දා ගැහැනු කෙනෙක් ඇවිත් හිටියා. මැදි වයසෙ වගෙ කෙනෙක්. මන් හියුන් ලගට ගියාම ආයෙත් එයා මගෙ අතින් අල්ලන් මාවත් ඇදගෙන කොහෙදෝ මන්ද ඇතුලකට ගියා.

ඒක වෙනම කාමරයක් වගෙ. එක එක ජාතියෙ ඔෆිස් කිට්, කෝට් වර්ග තව එක එක එව්ව තිබ්බා.

🐰 චිමී මේ මේ ටික ඇදල බලන්නකො

🐣 එත් හියුන් මේ මේවා
හියුන් අර ගෑනු කෙනා අතේ තිබ්බ ෆුල් සූට් වගයක් පෙන්නන ගමන් කියනවා මට අදින්නලු.. ඒත් එවා මොකටද? හරිම ලස්සනයි .

🐰 අයියෝ ලමයො. අපි මෙහෙ ආවෙ මොකටද ආහ්? වෙඩින් එකට ඕනි දේවල් ගන්න නේද? මේ අපි දෙන්නගෙ ඇදුම්. කෝ ඉක්මනට ගිහින් මේ ටික ෆිටෝන් කරන් එන්න..

🐣ඒත් හියුන් මේ.. මේවා..

🐰 අයිගෝ මොචියෝ මොකද මේ මේ ගාන්නෙ. ඇයි මමා කීවෙ නැද්ද වෙඩ්න් එකේ ඔක්කොම අපි කරන්නෙ කියල ආහ්? කො කෝ කටත් වහන් සද්ද නැතිව ගිහින් ඔව්වා එක එක ඇදන් එන්න බලන්න.

🐣 ආ හා හරි හියුන්..
හියුන් මේ හැමදේම ලෑස්ති කරනවද එතකොට. මගෙ හිතට හරි නෑ වගෙ. ඒත් මන් මොනා කරන්නද. මොකද මට හියුන් වෙනුවෙන් කිසිම දෙයක් ගන්න සල්ලි නෑ.
මට මොනව කරන්න ඕනි උනත් කිසිම දෙයක් කර ගන්න බෑ. මට හරිම අසරණකමක් දැනෙනවා. හ්ම්.. මන් ලොකු හුස්මක් ගත්ත. මොන උනත් දැන් මට එන විදිහට මූන දෙන්න වෙනවා.. මන් ගිහින් තිබ්බ ෆුල් සූට් එක ඇන්දා.

එක සුදු එකක්.. මෙතන තිබ්බ ගොඩක් එව්ව සුදු. මට එච්චර ආස හිතුන් නැ සුදු අදින්න හියුන් මොන පාටද දන්නැ අදින්නෙ? හියුනුත් සුදු පාට නම් කමක් නැ. මට ආසයි කළුපාට අදින්න.
හ්ම්.. මේක ඇදන් යන්කො ඉස්සෙලාම

මන් හියුන් ඉන්න තැනට හෙමින් ගියා. මන් යනකොට හියුන් ෆෝන් එක බල බලා හිටියෙ.

🐣 හියුන් මේ මේ මේක හොදයිද?
ගෑල්ලමයෙක් බෝයිෆ්‍රෙන්ඩ් එක්ක ගිහින් ඇදුම් බලනව වගේ මාත් හියුන්ගෙන් මෝඩ විදිහට ලැජ්ජ වෙලා ඇහුව..
හපොයි දෙයියනෙ..මන් කලින් මෙහෙම ඇදුම් තෝරලත් නැ හොද නරක අහලත් නෑ. එහෙම කිවට පස්සෙ මන් දිහා ඔලුව උස්සලා බලපු හියුන් ටිකක් වෙලා බලන් ඉදල හිනාවුනා..

🐰 ඒක ලස්සනයි චිමී.. ආහ් අපි තව දෙක තුනක් බලමුද?

🐣 හරි හියුන්. ඔහොම ඉන්නකො මන් ඉක්මනට එන්නම්..
ලොකු දෙයක් හියුන් තව එව්ව බලමු කියපු එක. කෝම කොම හරි ඇදුම් කීපයක් ඇන්දත් මන් වගේම හියුනුත් එව්වට කැමති උනේ නැ.. අන්තිමේටම මන් ඇන්දෙ මට මේ හැම ඇදුමකින්ම හිත ගියපු එකම ඇදුමට. ඒක කළු එකක්.
මන් ඒක ඇදන් සතුටින් හිනා වෙන ගමන්ම හියුන් ගාවට ගිහින් ඇහුව මේක හොදද කියල.. හියුන් ගොඩාක් වෙලා මන් දිහා බලන් ඉදල සතුටින් හිනා වෙලා කතා කරා.

🐰 චිමී ඔයා මෙකට කැමතිද? වෙන එකකට කැමතිද?

🐣 හියුන් කෝකටද කැමති?

🐰 මට නම් මේක ලස්සනයි චිමී. මගේ ඩ්‍රෙස් එකත් ඔය වගේමයි. අනික ඕකට ඔයා ගොඩාක් ලස්සනයි .

🐣 එහෙනම් හියුන් අපි මේක ගමුද? ඇත්තටම මාත් මේකට ගොඩාරියක් කැමතී..

🐰 හරි බබෝ. අපි මේක ගමු එහෙනම්. ගිහින් චේන්ජ් කරන් එන්නකො තව යන්න තැන් තියෙ..

🐣 හරි හියුන්
හියුන් මේකට කැමති වුන හින්ද මට ගොඩක් සතුටුයි. මේකට තමා මන් ආසම. ඉක්මනට ඇදුම් චේන්ජ් කරන් මන් හියුන් ගාවට එනකොට හියුන් අර අපිත් එක්ක හිටිය ගෑනු කෙනාට මොනාද කිය කියා හිටියෙ. සමහර විට ඒ ඇදුම් ගැන වෙන්න ඕනි.. හියුන් ඇවිත් ආයෙම මගෙ අතත් අල්ලන් ආයෙ ලිෆ්ට් එකට නැගල උඩ තට්ටුවකට ගියා. ඒකට අඩිය තියන කොටම නිකන් දිව්‍ය ලෝකෙ ගියා වගේ උනා. මුළු ෆ්ලෝර් එකම ගෝල්ඩ් කලර් මික්ස් කලර්ස් තිබ්බෙ.. ඔහ්. ...
හියුන් මාවත් එක්කන් ඒකෙ තිබ්බ ෂොප් එකකට ගියා. ඒක ගෝල්ඩ් ෂොප් එකක්..

🐰 චිමී.. අපි මේකෙන් වෙඩින් රින්ග්ස් තෝරමු හොදද?මට ඕනි අපි දෙන්නම තෝරලා ගන්න . මේකේ අලුත්ම ඩිසයිනින් තියනවා. අපි බලමුද?

🐣 හරි හියුන්..
මන් සතුටින් හියුන් එක්ක අපේ මුදු බලන්න ගත්තා. හියුන්ට ඕනි අපි දෙන්නම කැමති එකක් ගන්න. එයාට තිබ්බ ඕනි නම් එයා කැමති එකක් ග්න්න. ඒත් එයා මාත් එක්කම තෝරන්න හිටිය . ස්තූතියි හියුන් මන් හරි ආසාවෙන් හිටියෙ කවද හරි මන් බදින කෙනත් එක්ක එකට මේ දේවල් කරන්න. අපි දෙන්න ප්‍රපෝසල් එකකින් බැන්ද උනත් ඔයා මේ හැම දෙයක් ගැනම හොද සැලකිල්ල දක්වනව.

කෝම කෝම හරි එතන තිබ්බ එව්ව බලනකොට අපි දෙන්නම එකම රින්ග්ස් දෙකකට අත තිබ්බා..

අපි දෙන්නම එක පාරට මූනට මූන බලලා හිනා උනා..
එයත් ඒකට ආසයි. මාත් ආසයි හියුන් ඒ අයට කීවා ඒක ඕනි කියලා.

ඊට පස්සෙ අපි දෙන්න ආයෙ එතනින් නැගිටලා ආව. හියුන් ආයෙත් මගෙ අත අල්ලන් එක එක ඒව කියවන් ආවා. හියුන් කීව විදිහට මෙතන තියන රින්ග්ස් වලින් දෙකක් කවදාවත් හදන්නෙ නෑලු. එක ඩිසයිනින් එක්කින් එක කොපියයිලු එයාලා නිර්මාණය කරන්නෙ. ඒ කියන්නෙ අපි දෙන්නගෙ රින්ග්ස් වගේ දෙකක් මේ ලෝකෙ අයෙ කොහෙවත් නැ කියන එකනෙ. 😊
හියුන් ආයෙමත් මාත් එක්ක මෙන්ස් ඇදුම් තියන ෆ්ලෝ එකට ආවා..

.........................................................................

❄️I hope that this new year will be the best year of your life. May all your goals be achieved, and all your plans be fulfilled. Have a blessed year ahead!

Happy New Year to you and your family!😊😊😊

❄️ මේකේ චැප්ටර් එක දිග වැඩි හින්දා දෙකට කැඩුවා...😁

Continue Reading

You'll Also Like

177K 26.6K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
108K 18.5K 58
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බ...
289K 49.9K 62
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
565 176 6
දෛවය විශ්වාස කරන මිනිස්සු අතරෙ තවත් සමහරු හිටියා ඒ හැමදේම දෙවියන් නිසයි කියලා විශ්වාස කරන.ඒත් ඇත්තටම දෙවියන් මොනවද කළේ? කුපිඩ් කරන්නෙ ආදරය,සෙනෙහස,රාග...