19th CHAPTER

508 107 101
                                    

🌞

🌜

☁️

⛈️

🌌

Hoseok කියපු දේවල් කොල්ලගෙ හිතට සැරින් සැරේ වද දුන්නා..

"මං කොහොමද හියුං ඒ මතකයන් අමතක කරන්නේ 😔"

ජංකුක් පාරට බැස්සේ හැමදාමත් කොල්ලට ප්රශ්නයක් ආවම හිතට නිදහසක් ගෙනත් දුන්න තැන. හ්යෝරාගෙයි ජංකුක් ගෙයි ලස්සන මතකයන් තියෙන තැන. ජංකුක් ඒ කන්දට හරිම ආසයි... මොකද හ්යෝරා ව පලවෙනි වතාවට තුරුල් කරගත්ත... කෙල්ල ගෙ ඇස් වලින් කොල්ලා පලවෙනි වතාවට ආදරෙ දැක්ක තැන එතන...

ජංකුක් එතනට එද්දිත් කන්ද උඩ හිටියෙ මේ වෙලාවෙ දකින්න හිතුවෙවෙත් නැති කෙනෙක්...

" හ්යෝරා..? ඒ ඇත්තට ම.. හ්යෝරාද..? "

ජංකුක් තවත් ලංවුණේ ඒ ඇත්තට ම කවුද බලන්න.. ඔව් ඒ හ්යෝරා.. ඒත්.. කෙල්ල තනියම කියවනවා😩..

" හහ් 😏 වෙනසක් නෑ ඒ වගේමයි 😊 "

ජංකුක් කෙල්ල ගෙ පිටිපස්සට වෙලා අහගෙන හිටියෙ මොනවද මේ කෙල්ල කියවන්නේ කියලා. කට කොණකින් පුංචි හිනාවක් ගියෙ කෙල්ලගෙ කෑ ගැහිල්ලට.

"ඔහ්... මං ගැන ද මේ පිස්සු කෙල්ල කියවන්නේ හහ් 😁"

Jungkook  අත් දෙකත් පපුව මැද්දෙන් බැදගෙන තනියම හිතනවා..

"ඔයා ඇත්තටම සතුටින් ද..? "

"ජ්..ජ්..ජංකුක් 😦"

" ඔයාට විශ්වාසද ඔයා සතුටින් කියලා.. හ්යෝරා..? "

ජංකුක් කෙල්ල ලගින් හිටගත්තේ seoul නගරය දිහා බලාගෙන..

පුංචි පුංචි තරු දිලිසෙනවා වගේ සෝල් නගරයෙ හැමතැන ම.. නම්සන් කුලුණ දිලිසෙනවා ඒ අතරින්.. සෝල් වල ලස්සන දකින්න මෙතන තමා නියම තැන.. ඒ වගේ ම හ්යෝරා ගෙ ලස්සනත් ..

ජංකූක් ගෙ හිත කියන්නෙ එහෙමයි... හ්යෝරා අහක බලන් ඉන්නේ ජංකුක් ගෙ මුහුණ බලන්න බැරිකමට.. ඒත්.. හ්යෝරා වැරැද්දක් කරලා නැහැනෙ😯.. ඇයි හ්යෝරා ..?

" අවුරුදු හතරකට පස්සෙ ..නේද..? .. මං හිතුවා..ඔයා මං එනකම් බලන් ඉන්නවා ඇති කියලා... මට ඔයා ලගට එන්න ඕනි වුණා හ්යෝරා.. පුලුවන් ඉක්මණට.. ඒත්..😔 හ්ම්.. මං .. මං පරක්කුයි.. ඊයෙ ඔයා ඉස්සරහට මං ආවෙ.. ඔයා ඒත් තවමත් මාව දකින්න බලාගෙන ඇති කියලා හිතලා.. ඒත්.. මං ජීවත් වෙන එක ඔයාට සතුටක් නෑ වගේ.. 😊"

❄️THE END OF THE WINTER 🍁🍀[COMPLETED] Where stories live. Discover now