Chapter 29

750 144 36
                                    

මාස දෙකකට පසු...

"බ්වෑක්..."

අපේ පැටියා මගේ බන්ඩියට ඇවිත් දැන් මාස දෙකක් වෙනවා.දැන් වෙලාව පාන්දර තුනයි.කොච්චර නිදා ගන්න ගියත් නින්දක් නැති වෙද්දි ඇගිලි දෙකකින් මන් නලල මිරිකගෙන ඇදේ හෙඩ් බෝඩ් එකට හේත්තු උනා..ටිකකින් බඩ කැලැත්තෙනවා වගේ දැනෙද්දි මන් ඉක්මනට වොශ් රූම් එකට ගිහින් කොමඩ් එක ගාවින් දන ගා ගත්තා.රෑ ජංකුක් බලෙන්ම කවපු සේරම ටික මන් වමනේ කරලා...කටත් හෝදලා මූන චුට්ටක් තෙමාගෙන මන් වොශ් රූම් එකෙන් එලියට ආවා..ඇදට යන්න ගියත් බැල්කෙනි එක ලගින් ආපු එලියක් නිසා මන් ඒ පැත්ත අඩිය තිබ්බා...

එලියේ කවුරුත් නෑ හැබැයි පාරේ අයිනට වෙන්න සුදු පාට ලයිට් එලියක්නම් එනවා...මන් ඒක බලන්න බැල්කෙනි එක අරින්න යද්දිම මන් ගැස්සුනේ ජංකුක්ගේ කටහඩට..

"ටේ.."

නිදි මතෙන්ම ඇස් දෙක පොඩි කරමින් මන් ලගට ආපු ජංකුක් ඇයි කියලා අහද්දි මන් මුකුත් නෑ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා...

"ක'ටින් එක එහෙට වෙලා ඒක හදන්න ආවේ.."

"ආපොහු වමනේ ගියාද?"

එයා මගේ සුදුමැලි වෙලා තියන මුහුණ අතගාන ගමන් අහද්දි මන් ලාවට ඔලුව උඩට පහලට කරා..එයා මගේ කම්මුලකට හාදුවක් දීලා අපි දෙන්නම ඇදට ඇවිත් ඇලවුනා...

"Princess ව එහා පැත්තෙන් තියන්න.."

ජංකුක් කියද්දි මන් සූව පරිස්සමින් මගේ එහා පැත්තෙන් තියලා මන් මැදට ආවා..ජංකුක් කෙල්ලව වැටෙන්නෙ නැති වෙන්න වටේටම කොට්ට තියලා මගේ බඩ වටේ අත යවලා මාව ලාවට තුරුල් කර ගත්තා..

"ආපොහු අමාරු උනොත් මට කියන්න ඕනේ ම්ම්.."

එයා මගේ හිස් මුදුනට හාදුවක් දෙද්දි මන් සූවත් මට තුරුල් කරන් ජංකුක්ගේ පපුවට මගේ පිට හේත්තු කර ගත්තා.සූ මන් ලගට ඇවිත් ගුලිවෙද්දි ජංකුක් අපි දෙන්නවම වැහෙන්න බ්ලැන්කට් එක දාලා අපි දෙන්නවම තුරුල් කර ගෙන ඇස් දෙක පියා ගත්තා..

________________________________________

"මන් ගිහින් එනකන් පරිස්සමින් ඉන්න.මොනාහරි ඕන උනොත් කෝල් එකක් දෙන්න හරිද?.වැඩිය මහන්සි වෙන්න එපා."

𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Taekook)On viuen les histories. Descobreix ara