Chapter 27

849 144 63
                                    

සුපුරුදු ජීවන රාටවත් එක්ක සති තුනක කාලයක් ගෙවිලා ගියා...එදා උන සිද්ධියෙන් පස්සේ ජංකුක් ගේට් එකෙන් එලියට වෙන්න ඉන්න කියලා බොඩි ගාඩ්ස්ලා දෙන්නෙක් අරන් තිබ්බා...එදා ආපූ පාර්සල් එකෙන් පස්සෙ මට කිසිම දෙයක් ආවේ නෑ.ඒම ආවත් ඒවා මගේ අතට ලැබෙන්නෙ නෑ එලිය ඉන්න බොඩිගාඩ්ස්ලා දෙන්නා නිසා..සැක හිතෙන පොඩිම දේ පවා එයාට ගෙනත් දෙන්න කියලා ජංකුක් එයාලට කියලා තිබ්බා.

අදත් ජංකුක් ඔෆිස් ගියාට පස්සේ මන් සූ ගාවින් ඇලවුනේ ඇගට දැනුන මහන්සි ගතිය නිසා..මුල් සතියෙම ජංකුක් හිටියේ මේ ප්‍රශ්නේ එක්ක ස්ට්‍රෙස් වෙලා ඉතින් එයාගේ ස්ට්‍රෙස් එක නැති කර ගත්තේ මගෙන්...මේ පහුගිය දවස් ටිකේම එයා ගොඩක් රෆ් උනා වගේම සමහර දවස් වලට වටගාන පවා අමතක වෙලා තිබුනා...මන් මේ සතියෙම හිටියේ ටිකක් අමාරුවෙන් නිසා එයා මටත් පොඩි රෙස්ට් එකක් දුන්නා...

"මැණික..."

මට දැනුන සනීපේ නිසාම මන් තව ටිකක් කොට්ටෙට මූණ තද කරන් නිදා ගනිද්දි මට ඇහුනේ හිනා හඩක්..ටිකකින් මගේ මූණ පුරාවට ලැබෙන හාදු වලින් දැනෙන කිතිය නිසා මන් ලාවට ඇස් ඇරියා...ජංකුක් මගේ ඔලුව අතගාන ගමන් හිනාවීගෙන ඉද්දි මාත් එයාට ආපිට හිනාවෙලා ඇදේ හෙඩ් බෝඩ් එකෙන් හේත්තු උනා....මන් වෙලාව බැලුවමයි දැක්කේ හවස දෙකයි කියලා.දෙයියනේ මන් පැය කීයක්නම් නිදාගෙනද? චූටි කෙල්ල නම් ඇදේ මැදට වෙන්න වාඩි වෙලා අප්පා ගෙනත් දීපූ බාර්බි එක්ක සෙල්ලම් කරකර ඉන්නවා..

"ඇයි කූ අද වේලාස්සන ආවේ..."

"මන් කෝල්ස් කීයක් ගත්තද එකක්වත් ආන්ස' කරේ නෑනේ ඔයා ඒකයි බලන්න ආවේ.."

ජංකුක් මගේ ඔලුව අතගාන ගමන් කියද්දි මන් එයාගේ පපුවට හේත්තු උනා..එයා මගේ හිසට හාදුවක් තියලා එයාගේ කම්මුල මගේ ඔලුවට තද කර ගත්තා..

"ඔයාට අමාරුයිද බබී..ඩොක්ටර් කෙනෙක් ගාවට යමුද?"

"එච්චර අමාරුව්..."

ජංකුක් මගේ අතක් පිරිමදින ගමන් ඩොක්ටර් කෙනෙක් ගාවට යමු කියලා කියද්දි මහන්සි ගතිය තිබ්බත් මට අමාරුක් නෑ කියන එක සම්පූර්ණ කරන්න බැරි උනේ මට වමෙනට ආපු නිසා...මන් ජංකුක්වත් තල්ලු කරගෙන වොශ් රූම් එකේ කොමඩ් එකට වමනේ කරේ ජංකුක් මගේ පිට අතගාද්දි...

𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Taekook)Where stories live. Discover now