Chapter 14

755 129 8
                                    

"මේක හොදයිද කූ"

"ම්ම්...ඇදුම් තුන හතරක්ම ගමු එදාට ඔයාට හිතයන එක අන්දන්න"

අපි තුන්දෙනා මුලින්ම කේක් එකෙයි decorations වල වැඩ ටිකයි ඉවර කරලා අන්තිමට ආවේ ශොපින් මෝල් එකට.මෙතන තියන හැම ඇදුමක්ම ලස්සන නිසා මන් ජංකුක්ගෙන් ඇහුවත් එයත් පෙන්නන හැම එකටම හොදයි හොදයි ගාන නිසා මට හිතගිය හැම ඇදුමක්ම සූට ගත්තා.කමක් නෑ ඉතින් ඩැඩාට බ්ලැක් කාඩ් එකක්ම තියනවනේ.

"බේබී ඔයාටයි මටයි ඇදුමක් බලන්න.තව ඔයාට ගෙදරට අදින්න ඇදුම් ටිකකුත් ගන්න."

"ඕනේ නෑ කූ මන් පාර්ටි එකට විතරක් ඇදුමක් ගන්නම්."

මන් කියද්දි ජංකුක් ඔලුව වනලා සූව මගේ අතින් එයා ලගට ගත්තා.

"දැදා~ බ්-බාර්බී..."

"මගේ princess ට බාර්බී කෙනෙක් ඕනෙද?"

මන් ඇදුම් තෝරන අතරේ ඩැඩයි දුවයි ටෝයිස් සෙක්ශන් එකට ගියා.අදනම් ජංකුක්ට හොද දඩයක් වැටෙයි.

"කූ ඔයාට මේ black suit එක හොදයි නේද"

"ම්...ඒක ලස්සනයි...ඔයාට මොකක්ද ගත්තේ."

"මාත් මේ බ්ලැක් සූට් එක ගත්තේ"

මන් ඒ දෙන්නා ඉන්න තැනට ගිහින් මටයි එයාටයි ගත්ත සූට් එක පෙන්නද්දි එයා හිනාවෙලා ඔලුව වැනුවේ කැමතියි කියන්න.

"යමුද එහෙනම්"

"කෝ සූව දෙන්න"

මන් ඇදුම් දාලා තිබ්බ බෑග් එක ජංකුක්ගේ අතට දීලා බාර්බී ටෝයිස් දෙකක් බදාගෙන ඉන්න සූව මන් ගාවට ගත්තා.

"අහ්ම්...ටේ මන් හිතන්නේ මන් ෆෝන් එක උඩ දාලා ඇවිල්ලා ඔයාලා දෙන්නා කාර් එක ඇතුලට වෙලා ඉන්න මන් සුටුස් ගාලා එන්නම්"

මට තවත් මුකුත් කියන්න දුන්නැති ජංකුක් බෑග්ස් ටිකත් කාර් එකට දාලා ආපොහු මෝල් එක ඇතුලට ගියා.

"හරි යමු"

විනාඩි දහයකට විතර පස්සේ තවත් බෑග් එකක් එක්ක ආපු ජංකුක් ඒකත් කාර් එකේ පිටිපස්සෙන් දාලා ඩ්‍රයිවින් සීට් එකෙන් වාඩි උනාེ.

"මොනාද කූ ඒකෙ තියෙන්නේ"

"ආ..මේ මන් එද්දි පහල තිබ්බ ශොප් එකකින් පර්ෆියුම් තුනක් විතර ගත්තා."

𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Taekook)Where stories live. Discover now