Chapter 02

916 165 12
                                    

ජංකුක් අත් දෙක දික් කරත් පුදුමෙකට වගේ චූටි කෙල්ල ටේහ්‍යුන්ගේ පපුවේ මූණ අතුල්ලමින් කෙදිරි ගෑවේ හරියට ටේ ගාවින් අයින් වෙන්න බෑ වගේ.ඔහ් දැන් ටේගේ හදවත හයියෙන් ගැහෙන්න පටන් අරන් තිබ්බේ.රෝස මල ටේගේ පපුවේ මූන අතුල්ලද්දි ටේට දැනුනේ නුහුරු හැගීමක්.හැබැයි එයා ඒ දැනෙන දේට ආදරය කරා.

"ආ ඩැඩා ගාවට එන්න බැරිද"

ජංකුක් හුරතල් විදිහට තොල් උල් කරන් එයාගේ princess ගේ කම්මුලේ නහය අතුල්ලන්න ගත්තේ චූටි කෙල්ල හිනා වෙද්දියි.

ටේ නම් හිටියේ ගල් වෙලා.හැමෝම කියන cold hearted Jeon Jungkook මෙතන පොඩි ලමයෙක් වගේ හුරතල් වෙන එක දැක්කනම් මොකද වෙන්නේ.ඒ විතරක්ද ජංකුක් ටේගේ තුරුලේ ඉන්න පැංචිගේ මුහුනේ නහය අතුල්ලද්දි ජංකුක්ගේ උණුසුම් හුස්ම ටේහ්‍යුන්ගේ බෙල්ලට දැනෙද්දි එයාට දැනුනේ නිකන් ඇග දිගේ කරන්ට් එකක් යනවා වගේ.ජංකුක් ගාව සුවදයි එයා ගාවින් එන්නේ manly smell එකක්.ටේට ඒ සුවදට ආස හිතුනේ සමහරවිට එයාගේ sexuality එක නිසා වෙන්න ඇති.

අනිත් පැත්තෙන් තමන් එක පාරටම සූහා එක්ක හුරතල් උනේ තව කෙනෙක් ඉස්සහරා නේද කියලා මතක් වෙද්දි එයාගේ කන් ලාවට රතු උනා.ඒත් එයාට uncomfortable feeling එකක් දැනුනේ නැති නිසා එයා දිගටම පුංචි සූව හුරතල් කරා.ජංකුක්ට ටේහ්‍යුන්ග් ලගින් ආවේ soft smell එකක්.ඒක ගොඩක් ආකර්ෂණීයයි.සමහරවිට සූහා පවා ටේ ගාව ඉන්න හේතුව එයාගේ ඩෑඩ්ගේ manly smell එකට වඩා ටේහ්‍යුන්ග් ලගින් එක Soft smell එකට එයා ආස නිසා වෙන්න පුලුවන්.

"ම්..සර් සූට කිරි එක පෙවුවනම් හරිනේ නැත්තන් ඒක නිවෙයි"

ටේ කිවුවම ඔලුව වනපු ජංකුක් කිරි එක princess ගේ කටට ලං කරේ පුංචි සූ ටේගේ තුරුලේ ඉද්දිමයි.

"Mr.kim ඔයාට අමාරුයි නම් මට එයාව දෙන්න"

"ඔහ් මට අමාරු නෑ මන් කිරි එක පොවන්නම් සර් ගිහින් වැඩ ටික කරන්න.

ටේහ්‍යුන්ග් කිවුවම ජංකුක් හිස වනලා couch එකෙන් නැගිටලා එයාගේ table එකට ගිහින් වැඩ ටික කරන්න පටන් ගත්තා.අහ්ම්...ජංකුක් කවදා ඉදන්ද කෙනෙක්ට මේ තරම් අවනත වෙන්න පටන් ගත්තේ.

𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Taekook)Where stories live. Discover now