Chapter 34

697 142 11
                                    

මන් කාර් එක ඩ්‍රයිව් කරන් මට අදාල ලොකේශන් එකට ආවා..කාර් එක එලියෙන් පාක් කරලා කලු පාට ලොකු ගේට් එකෙන් මන් ඇතුලට ආවා..මගේ දෙපැත්තෙ තියන ග්‍රේව්ස් පහු කරන් මන් ආවේ Jeon Junghyun කියලා කොටලා තියන grave එක ගාවට...ඔව් මන් දැන් ඉන්නේ cemetery එකේ.

"උබ ආවද තව විනාඩි 10කින් වගේ මිනිය ගොඩ ගනියි..."

"ම්ම්.."

මන් ෆයිල්ස් වගයක් බල බල ඉන්න හෝසොක් ගාවට ගිහින් හිටගත්තම හියුන්ගේ මිනිය ගන්න උදව් කරන අය දිහා බලන් හෝසොක් කියද්දි මන් මිමිණුමකින් උත්තර දීලා ඉස්සරහා බලා ගත්තා...අපි මේක ඉක්මනින් කරන්න ගියත් හෝසොක් මේ දේ නීතියෙන් අවසර අරන්ම කරන එක කාටත් හොදයි කියපු නිසා අපිට මේ වැඩේ කරන්න සති කිහිපයක් ඉන්න උනා..මට මේ වැඩේ ගැන එච්චර කැමැත්තක් තිබ්බෙ නැති උනත් හැම ප්‍රශ්නෙටම උත්තර තියෙන්නේ මේක කරොත් විතරයි නිසා මන් හිත හදන් කැමති උනා...

"උබ ගිහින් එයාව මීට් උනාද?"

"ම්ම්...ඒත් එයා කිසි දෙයක් කියන්න ලෑස්ති නෑ.."

"කෝමත් ලගදිම ඔය ලොකු මහත්තයාට හිරබත් කන්න වෙනවා..අරූගේ වොයිස් රෙකෝඩ් එකත් තියනවනේ..දැන් උබේ අයියගේ DNA Test එක ගත්තට පස්සේ ප්‍රශ්න ටික 100% විසදෙනවා."

තවත් විනාඩි කිහිපයකින් පස්සේ හියුන්ගේ බොඩි එක ගොඩ ගත්තා....අපි ඒකත් අරන් අදාල තැනට ගියේ DNA test එකක් කරන්න...අපි ඒකේ රිසාල්ට්ස් එනකන් වාඩි වෙලා ඉද්දි ටිකකින් අපිට ෆයිල් එක ලැබුනා..

Jungkook p.o.v end

"ම්ම්...මන් හිතපු දේ හරි ඒනම්.."

"මට උබට දුක් වෙන්න කියන්න බෑ ඒත් පොඩ්ඩක් ඉවසපන් මේ හැමදේම විසදුනාට පස්සේ අපි දෙන්නා වැටෙනකන්ම බොමු.."

එයාගේ අප්පා ගැන ඇති උන කලකිරීමත් එක්කම ජංකුක් ලොකු හුස්මක් පහත දැම්මා..හෝසොක් එක්ක ටිකක් වෙලා කතා කරලා එයාටත් සමු දීලා ජංකුක් හොස්පිටල් එකෙන් එලියට ආවා...කාර් එකෙන් වාඩි වෙලා එයා බලාගෙන හිටියේ එයාගේ අතේ තියන report එක දිහා...Jeon Junghyun කියන්නේ තමන්ගේ අප්පගේ පුතෙක් නෙවෙයි කියලා දැන ගත්ත වෙලාවේ ඉදන් ජංකුක් හිටියේ ශොක් වෙලා..ඒත් එයාගේ හියුන්ග් අප්පගේ ළමයෙක් නොව්නට එයාගේ එක කුසේ උපන් සහෝදරයා නෙවෙයි කියන්න ජංකුක්ට බැරි උනා...ජංකුක්ට තිබුනේ තනිකරම අප්පගේ පෙනුම වෙද්දි ජංකුක්ගේ හියුන්ග්ට තිබුනේ ඔම්මගේ පෙනුම...ඉතින් ජංකුක්ට තව ප්‍රශ්නයක් ඉතුරුයි විසදන්න...

𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Taekook)Where stories live. Discover now