Chapter 07

815 141 12
                                    

තුන් දෙනාම විනාඩි විස්සකින් විතර mansion එකට ආවා.ජංකුක් වොශ් දාන්න යද්දි ටේහ්‍යුන්ග් සූව baby crib එකෙන් තියලා පහලට ගියේ ජංකුක්ට ඔලුව කැක්කුමයි කියපු නිසා කොෆි එකක් හදන්න.කොෆි එක හදාගෙන උඩට ආවත් ජංකුක් තවම නැති නිසා mug එක bed table එක උඩින් තියලා පොතක් අරන් කියවන්න පටන් ගත්තා.

"ආආආආ...."

විනාඩි පහකට විතර පස්සේ සුදු පාට ටවල් එකක් විතරක් ඇදගෙන එක අතකින් තෙත කොන්ඩේ ගසන ගමන් බාතෲම් එකෙන් එලියට ආපු ජංකුක්ව දැකලා ටේට ඉබේම කෑ ගැහුනා.

"ෂ්ෂ්...කෑ ගහන්න එපා ටේ princess නිදි නේද?"

"ම්-මන් එලියෙන් ඉන්නම් අ-ඇදුමක් දාගෙන කතා කරන්න."

ටේ ජංකුක්ගේ ඇස් මග හැරලා වටපිට බලමින් කියද්දි තොල් දෙක තද කරගෙන හිනාව පාලනය කරන් හිටපු ජංකුක් කතා කරා.

"ඔයා ඕම ඉන්න මන් clothset එකට ගිහින් ඇද ගන්නම්."

තවමත් ඇගිලි එකට තද කරගෙන බිම බලන් ඉන්න ටේ දිහාවට අමුතු හිනාවක් දැම්ම ජංකුක් clothset එකට ගියා.ටිකකින් කලු පාට ශෝර්ටයි ආම් කට් ටීශර්ට් එකකුයි ඇදන් ආපු ජංකුක් ඇදේ කොනකින් වාඩි වෙලා කොෆි එක බොන්න ගත්තා.

"කොෆි එක නිවිලද?"

"අවුලක් නෑ."

"ම්ම්"

ජංකුක් කොෆි එක බොන අතරේ ටේ ගිහින් වොශ් එකක් දාන් සැහැල්ලු ඇදුමක් ඇදගෙන ඇදෙන් වාඩි උනා.ටේ එද්දිත් කොෆි එක බීලා ඉවර කරපු ජංකුක් මග් එක ටේබල් එක උඩින් තියලා ලැප් එකේ වැඩක් කරමින් හිටියේ.ටේ ඇදේ වාඩි උන ගමන් ලැප් වහලා පැත්තකිම් තියපු ජංකුක් ඇදේ අනිත් කොනේ ඉදන් පොතක් කියවන ටේ ගාවට ගිහින් ඒ උකුලෙන් ඔලුව තියා ගත්තා.එක පාරට උන දේ නිසා ටේ ගැස්සුනා.

"ජ්-ජංකුක්.."

"ඇයි මතක නැද්ද ඔෆිස් එකේ ඉද්දි කිවුවේ ගෙදර ආවම මසාජ් එකක් දෙන්නම් කියලා."

ජංකුක් ඇස් දෙක වහගෙනම කියද්දි ලාවට හිනා වුන ටේ ජංකුක්ගේ සිනිදු කෙස් අතරින් ඇගිලි යවමින් මසාජ් කරා.

"මන් ගිහින් සූව අරන් එන්නම්"

"අද එයාට crib එකේ නිදියන්න දෙන්න.දැන් ඔයා එයාව වඩා ගත්තොත් නැගිටියි.ඊට පස්සේ අපි දෙන්නටම වෙන්නේ පාන්දර වෙනකන් princess ව නළවන්න."

𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Taekook)Where stories live. Discover now