Chapter 04

821 133 10
                                    

ටේ සූව වොශ් කරවලා පිජාමා කිට් එක අන්දගෙන පහලට ආවා.පහලට එද්දි ඇහුන සද්දේ නිසා ටේ සූවත් වඩාගෙන කිචන් එක පැත්තට ගියා.කිචන් එකට ඇතුලු වෙන ඇතින් හොරෙන් ඔලුව දාලා බලපු ටේ දැක්කේ සුදුපාට ශර්ට් එක වැටමිට ගාවට නවාගෙන එලවලු කපන ජංකුක්ව.

ජංකුක්ගේ නහර පිරුනු අත් දිහා බලන් හිටපු තමන්ව ටිකෙන් ටික රතු වෙනවා කියලා තේරුනාම වම් අතින් කම්මුල් දෙකට තට්ටු කර ගත්ත ටේ ජංකුක් ගාවට ඇවිදන් ආවා.

"හියුන්ග් මොනාද හදන්නේ?"

ජංකුක්ගේ උරහිස උඩින් ඔලුව දාලා ටේ අහද්දි හදිස්සියේම ඇහුන කටහඩ නිසා ගැස්සුනු ජංකුක් ඉක්මනින් පිටි පස්ස හැරුනා.එයා හැරුන වේගෙට ජංකුක්ගේ නහය ගිහින් වැදුනේ ටෙගේ බෝල කම්මුලක.හදිස්සියේම දැනුනු ස්පර්ශයට දෙන්නගෙම කන් රතු වෙද්දි උගුර පාදපු ජංකුක් සම්පූර්ණයෙන්ම ටේගේ පැත්තට හැරුනා.

"ගෙදර එලවලු ඒම තිබ්බ නිසා අපි දෙන්නට කන්න Bibimbap හැදුවා.සූගේ කෑම එක නම් හදලා ඉවරයි."

"ඕ ඒනම් මන් සූට කවලා එන්නම්"

"ටේ ඔයා මුලින්ම වොශ් එකක් දාන් එන්න එතකන් මන් සූට කවන්නම්.ඔයා ආවට පස්සේ මාත් ගිහින් වොශ් එකක් දා ගන්නම්."

ජංකුක් කියද්දි ටේ තමන්ගේ තොල් උල් කර ගත්තේ ජංකුක් ලාවට හිනා වෙද්දි

"මොකෝ..."

"මට ඇදුම් නෑනේ"

"ම්ම් අදට මගේ ඇදුමක් අදින්නකෝ.ඔයා කැමති එකක් බලලා ගන්න."

ජංකුක් කිවුවම් සූව ජංකුක්ගේ අතට දීලා ටේ උඩට ගියා.එයලාගේ රූම් එකට ගිය ටේ ඇස් දෙකත් කරකවමින් වටපිට බැලුවා.රූම් එකේ ලස්සන බැලුවට පස්සේ ටවල් එකත් අරන් බාතෲම් එකට ගියා.

පැය බාගයක් විතර නාලා ඉවර උන ටේ බාත්‍රොබ් එකත් ඇදන් එක අතකින් කොන්ඩෙත් පිහදාන් එලියට ආවා.ජංකුක්ගේ clothset එකට ගියපු ටේ බැලුවේ එයාට ගැලපෙන ඇදුමක්.ටේ එතන තිබ්බ ක්‍රීම් පාටට හුරු ටීශර්ට් එක අරගෙන බාත්‍රොබ් එක ගලවලා ඇදගත්තා.

කලිසමක් හොයන්න ගියත් ටේ වගේ දෙන්නෙක් බස්සන්න පුලුවන් කලිසම් දිහා බලන් දිහ හුස්මක් පහත දැම්මා.

𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Taekook)जहाँ कहानियाँ रहती हैं। अभी खोजें