Chapter 35

858 149 28
                                    

Jungkook p.o.v

"පලවෙනි එකට උත්තරේ Junghyun ගේ අප්පා දැන් ජීවතුන් අතර නෑ..."

"එයාට මොකද උනේ..."

"Junghyun ගේ අප්පා තමයි මගේ first love එක..අපි දෙන්නා යාලු උනේ මන් university යන කාලේ.අපි අවුරුදු තුනක්ම සතුටින් හිටියා ඒත් පුතා දන්නවනේ මන් ඉපදුන පවුලත් බිස්නස් ෆැමිලි එකක් කියලා ඉතින් මගේ අප්පා මට මිස්ටර් ජියොන්ව මැරි කරන්න කියලා propose කරා.."

"එතකොට ඔයාලා දෙන්න ලව් කරලා නෙවෙයිද මැරි කරේ..මේක arranged marriage එකක්ද?"

"ඔව්..මන් කොච්චර බෑ කිව්වත් අප්පා ඒකට කැමති උනේ නෑ...මන් ආදරේ කරපු කෙනා සාමාන්‍ය පවුලක කෙනෙක් නිසා මට ගෙදරට හදුන්වලා දෙන්න පුලුවන් කමක් තිබ්බේ නෑ..ඔයාගේ අප්පා බිස්නස් වැඩකට ෆාන්ස් ගිය නිසා වගේම මන් මේ marriage එකට බෑ කියන තීරණේම හිටපු නිසා ඔය ගැන කතා කරන එක මාස කිහිපයක් නවත්තලා තිබ්බේེ..මන් ආදරේ කරපු කෙනා පාර්ට් ටයිම් වැඩ කරේ රෙස්ටුරන්ට් එකක..දවසක් එයා එයාගේ බයික් එකේ ඕර්ඩර් එක ඩෙලිවරි කරලා එද්දි එයාව ඇක්සිඩන්ට් උනා.."

ඔම්මා කියද්දි මන් එයා දිහා ටිකක් වෙලා බලන් හිටියා...මුල් ටික සතුටින් කිව්වත් අන්තිම ටිකේදී එයාගේ ඇස් වල තිබ්බේ කියාගන්න බැරි තරම් දුකක්..

"එයා ඇක්සිඩන්ට් උන දවසේ උදේ මන් එයාට කිව්වා 'මට වැදගත් දෙයක් කියන්න තියනවා මට ඔයාව මීට් වෙන්න ඕනේ කියලා' එයා හවසට අපි වෙනදට මීට් වෙන තැනදිම හම්බවෙමු කීව නිසා මන් හිටියේ කියා ගන්න බැරි තරම් සතුටින්...ඒත් එයාගේ ෆෝන් එකෙන් හවස ආපු කෝල් එක නිසා උදේ ඉදන් තිබ්බ සතුට ඒම්මම නැති වෙලා ගියා..පුලුවන් තරම් ඉක්මනින් මන් එයා හිටපු හොස්පිටල් එකට ගියත් මන් යද්දි වෙන්න ඕනේ සේරම වෙලා ඉවරයි.එ..එයාව ම්..මන් යද්දිත් හිටියේ සුදු ර්..‍රෙද්දිකින් වහලා.."

ඔම්මා අන්තිම ටික ඉකිගගහා කියද්දි මන් එයාව තුරුල් කර ගත්තා...එයා මට මොන දේ කිව්වත් මොන දේ කරත් මේ ඉන්නේ මගේ ඔම්මා..එයාගේ පලවෙනි ආදරේ දැන් ජීවතුන් අතර නැති උනත් එයා තාමත් මගේ හියුන්ගේ අප්පට ආදරෙයි වගේ..

"ම්...මන් එයාට උදේ කෝල් එකක් අරන් මීට් වෙමු කිව්වේ ම්..මන් ප්‍රෙග්නට් කියලා කියන්න..මන් දන්නවා එයා ඒක දැන ගත්තනම් මේ හැමදේම අත හැරලා මාව ගෙදරින් අරන් ගිහින් හරි මාවයි ඔයාගේ හියුන්ග්වයි හොදින් බලා ගන්නවා කියලා මොකද ඒ තරම් එයා මට
ආදරේ කරා...එයාට හැමදේටම හිටියේ මන් විතරයි..මන් හොස්පිටල් එකට වෙලා ඉද්දි හිතපු නැති විදිහට ඔයාගේ අප්පා ආවා...මිස්ටර් ජියොන් තමන්ගේ සල්ලි වලින්ම එයාගේ අවසන් කටයුතු සේරම කරා.."

𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Taekook)Where stories live. Discover now