Chapter 30

783 143 38
                                    

මාස තුනකට පසු..

"පැංචි...එන්න ළමයෝ දුවන්නෙ නැතුව...හියුන්ග්! ඔයා ඔය ගඩොල් බාගේ පැත්තකින් තියලා කන්න ආවේ නැත්තන් ඇත්තමයි මන් ඕක පොළවේ ගහනවා..!!"

නොදැනිම තවත් මාස තුනක් ගත වෙලා ගියේ මගේ කුසට මාස පහක් පිරෙද්දි...මන් මේ උදේ පාන්දර උගුර කඩාගෙන කෑ ගහන්නේ අප්පටයි දුවටයි...සූ nursery යන්න පටන් අරන් දැන් මාසයක් වගේ වෙනවා...මේ කෙල්ලව උදේට ලෑස්ති කරනවා කියන්නේ ගෙදර තුන්වෙනි ලෝක යුද්දේ පටන් ගත්තා වගේ තමයි...nursery යන්න ලෑස්ති වෙලා ඉන්න කෙල්ල ගේ වටේම දුවද්දි මන් කෑම පිගානත් අරන් සූගේ පස්සෙන් ගියා...එහෙන් ජංකුක් කොච්චර කතා කරත් තාමත් සෝෆා එකට වෙලා ෆෝන් එක ඔබනවා..බැරිම තැන මන් චුට්ටම චුට්ටක් සද්දෙන් කතා කරද්දි තමයි ෆෝන් එක පැත්තකින් තියලා මන් ගාවට ආවේ..

"කේන්ති ගන්න එපා බබා...Princess good girl වගේ ඇවිත් වාඩි වෙන්න.මල්ලි නිසා මමාට ඔයාගේ පස්සෙන් එන්න බෑනේ.."

ජංකුක් සූට කියද්දි කෙල්ල පූස් පැටියා වගේ ඇවිත් මගේ කකුල බදා ගත්තා...මන් කෑම පිගාන ඩයිනින් ටේබල් එක උඩින් තියලා කෙල්ලව වඩා ගත්තා..

"තොලි මමා~"

කෙල්ල අඩන්න වගේ මූණ හදාගෙන කියද්දි මන් එයාගේ කම්මුලට කිස් එකක් දීලා පුටුවෙන් වාඩි කෙරෙව්වා...මන් ජංකුක්ට කෑම බෙදලා දීලා සූටත් කවද්දි එයත් කන ගමන් මට කැව්වා...

"කූ...අපි කීයටද යන්නේ"

"Princess ව nursery එකට දාලා ඒම්මම යමු..."

අද තමයි අපේ පැටියා girl කෙනෙක්ද boy කෙනෙක්ද කියලා බලන දවස...අපි තුන් දෙනාම කාලා ඉවර උනාට පස්සේ ජංකුක් සූව අරන් එලියට යද්දි මන් සූගේ බෑග් එක අරගෙන ගෙදරත් ලොක් කරලා කාර් එක ගාවට ආවා...ජංකුක් මාව පරිස්සමට පැසෙන්ජර් සීට් එකෙන් වාඩි කරවලා මගේ උකුලෙන් සූව වාඩි කෙරෙව්වා..එයාත් ඩ්‍රයිවින් සීට් එකෙන් වාඩි වෙලා කාර් එක ස්ටාර්ට් කරා....

"දග නොකර ටීච කියන දේ අහගෙන ඉන්න ඕනේ හරිද?"

"හලී...ලව් යූ මමා"

"ලව් යූ ටූ.."

කෙල්ල මගේ බෙල්ල බදාගෙන කම්මුලට කිස් එකක් දීලා ජංකුක් එක්ක කාර් එකෙන් එලියට බැස්සා...ජංකුක් කෙල්ල ඇතුලට යනකන්ම ගේට් එක ගාවට වෙලා ඉදලා එතන හිටපු සිකියුරිටි ටත් මොනාද කියලා ආපොහු කාර් එකට ආවා...

𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Taekook)Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα