Chapter 09

735 124 11
                                    

"මන් මෙයාව වොශ් කරලා එන්නම්."

ගෙදරට එනකන්ම අමාරුවෙන් හරි සූව නිදි කරගන්නේ නැතුව ගෙනාවේ වොශ් කරවන්න ඕන නිසයි.එන ගමන් කෑම කාලා ආපූ නිසා රෑට ටේහ්‍යුන්ග්ට උයන්න ඕන උනෙත් නෑ.

ටේහ්‍යුන්ග් සූව වොශ් කරවලා නයිට් සූට් එකක් අන්දවලා ඇදෙන් ගිහින් වාඩි උනේ සූ බබාව නිදි කරවන්න.මේ අතරේ ජංකුක් වොශ් එකක් දාන් ශෝටක් විතරක් ඇදගෙන රූම් එකේ ලයිට්ස් ටිකත් ඕෆ් කරලා ලෑම්ප් එකේ ලයිට් එක දාලා ඇදෙන් ඇලවුනා.

"හියුන්ග් ටීශර්ට් එකක් දා ගන්නකෝ"

ටේහ්‍යුන්ග් සූගේ පස්සට තට්ටු කරන ගමන් හිමින් කතා කරේ ජංකුක් ටේහ්‍යුන්ග් දිහා බලද්දි.

"රස්නෙයි.."

කෙටියෙන් උත්තර දුන්න ජංකුක් අද ඕනාවටත් වඩා මහන්සි උන නිසා ඇස් දෙක වහා ගත්තේ සැනසුම් සුසුමක් හෙලමින්.ටිකකින් සූ නිදා ගත්තට පස්සේ ටේහ්‍යුන්ග් සූව ජංකුක් ගාවින් නිදිකරවලා බාතෲම් එකට ගියේ වොශ් එකක් දා ගන්න.

වොශ් එකක් දාන් එද්දි තාත්තයි දුවයි දෙන්නම තුරුල් වීගේන නිදන් ඉන්න විදින බලාගෙනම ටේහ්‍යුන්ග් ගිහින් ඇදෙන් ඇලවුනා.සූගේ කම්මුලටත් හාදුවක් දීලා ජංකුක්ගේ ඔලුව අත ගාපු ටේහ්‍යුන්ග් සූව තුරුල් කරගත්තා.විනාඩි දෙකකින් විතර ටේ ගැස්සුනේ ජංකුක් ටේගේ ඉනවටේ අත යවලා සූත් එක්කම ටේවත් තුරුල්
කරන් ඉන්නවා දැකලා.තමන් එක්කම හිනා වුන ටේ සූටයි ජංකුක්ටයි තව ලං වෙල ගමන් ඇස් වහා ගත්තේ මහන්සි නිසා.

_______________________________________

Taehyung P.O.V

කොච්චර නිදිමත තිබ්බත් ජංකුක් අද ඔෆිස් යන නිසා මන් 5.30 නැගිට්ටා.මාවයි චූටී මැණිකවයි තුරුල් කරන් නිදන් ඉන්න එයා දිහා බලලා සූහාගේ කම්මුලට හාදුවක් දීලා එයාගේ කම්මුලක් දැනෙන නොදැනෙන ගානට පිරිමැදලා මන් වොශ් රූම් එකට ගියා.දත් මැදලා මූන කට හෝදගෙන කිචන් එකට ගිහින් සූගේ කිරි එක හදලා ඒක නිවෙන්න දාලා උදේ කෑම හදන්න පටන් ගත්තා.

6.15 විතර වෙද්දි උදේ කෑමත් හදලා ඉවර වෙලා රූම් එකට ගිහින් හදන් ආව කොෆි එකයි සූගේ කිරි එකයි ටේබල් එක උඩින් තියලා ජංකුකීට අදින්න සූට් එකයි ඒකටම ගැලපෙන ටයි එකයි ලෑස්ති කරලා ශූස් දෙකත් පොලිෂ් කරලා ඇද ලගට ආවේ එයාව නැගිට්‍ටවන්න.සූව ටිකක් එයාගෙන් ඈත් කරවලා වටේට කොට්ට තිබ්බා.

𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Taekook)Donde viven las historias. Descúbrelo ahora