Chapter 20

900 137 24
                                    

"මගේ චූටී කෙල්ල නාඩා ඉන්න...මමා ඉන්නවනේ ලග"

"ම්...මමා~"

මන් කෙදිරිගාන සූව නලවන්න උත්සහා කරද්දි ජංකුක් මායි මැණිකයි දිහා බලාගෙනම ටිකක් වේගෙන් නමුත් පරිස්සමින් වාහනේ ඩ්‍රයිව් කරා...නින්දක හිටපු මන් ඇහැරුනේ සූ කෙදිරිගාන සද්දෙට...මන් මගේ නලලටයි සූගේ නලලට අත තියලා බැලුවම චූටී කෙල්ලට උන කියලා තේරුම් ගත්ත නිසා ඔෆිස් රූම් එකේ හිටපු ජංකුක්ටත් කියලා ඉක්මනි ලෑස්ති උනේ හොස්පිටල් එකට යන්න....

"කොහොමද ඩොක්ටර් මගේ ළමයට"

"බය වෙන්න දෙයක් නෑ මිස්ටර් ජියොන්...මේ දවස්වල ටිකක් සීතල නිසා තමයි උන අරන් තියෙන්නේ...මේ බෙහෙත් ටික ෆාමසි එකෙන් අරගන්න...."

ජංකුක් සූ ගැන ඩොක්ටර්ගෙන් අහද්දි මගේ අතේ ඉන්න මැණිකගේ පිටට තට්ටු කරන ගමන්  මාත් ඩොක්ටර් කියන දේ අහන් හිටියා.

"තැන්කිව් ඩොක්ටර්"

ඩොක්ටර්ටත් තෑන්ක් කරලා අපි තුන්දෙනා හොස්පිටල් එකෙන් එලියට ආවා.

"ඔයා කා' එකට වෙලා ඉන්න මන් බෙහෙත් ටික අරන් එන්නම් ම්ම්..."

ජංකුක් පැසෙන්ජර් සීට් එකේ දොර ඇරලා මන් වාඩි වෙනකන් ඉදලා මගෙ නලලටත් හාදුවක් දිලා සූගේ ඔලුවත් අත ගාලා හොස්පිටල් එක ඇතුලේ තියන ෆාමසි එකට ගියා.

විනාඩි විස්සකින් විතර පස්සේ ආපූ ජංකුක් බෙහෙත් ටික මගේ අතට දීලා කා' එක ස්ටාට් කරා.

"යන ගමන් රෑට කන්න මොනාහරි අරන් යමු"

"හ්ම්ම්.."

ටිකක් දුර ඇවිත් ජංකුක් රෙස්ටුරන්ට් එකක් ගාවින් කා' එක නැවැත්තුවා.

"ම්..මමා~ ත්...තීතයි..."

"කෝ එන්න මමා ගාවට"

චූටී කෙල්ල සීතයි කියලා මට තව ටිකක් තුරුල් වෙද්දි බ්ලැන්කට් එක තව ටිකක් පෙරවලා සූව මගේ පපුවට තුරුල් කර ගත්තා.

"ඒයි...නෝටී වැඩ කරන්නේ නෑ"

"හීහී...හුම්.."

මන් සූව පපුවට තුරුල් කර ගද්දි මේ හොර කෙල්ල මගේ ටීශර්ට් එක උඩින්ම මගේ නිපල් එකක් හැපුවේ මට ටිකක් සද්දෙන් කෑ ගැහෙද්දි..මන් බොරු කේන්ති මූනක් හදාගෙන සූට සැර කරද්දි මේ කෙල්ල අප්පා වගේම තියන හා දත් දෙක පෙන්නලා හිනාවෙලා ටීශර්ට් එක උඩිනම මගේ නිපල් එක කටේ ගහාගත්තා..

𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Taekook)Where stories live. Discover now