Chapter 05

813 137 8
                                    

ජංකුක් ගියාට පස්සේ cartoon දාලා සූව baby mat එකන් තියලා ටේ kitchen එක අස් කරන්න පටන් ගත්තා.විනාඩි විස්සකට පස්සේ kitchen එක අස් කරා සාලෙට ආපු ටේ සූව සෝෆා එකෙන් තියලා living room එක අස් කරන්න ගත්තේ සූ හැමතැනම සෙල්ලම්
බඩු දාලා නිසා.අනාථ නිවාසේ ඉන්න කාලේ වැඩ කරලා පුරුදු උන නිසා ටේට මේ දේවල් එච්චර අමාරු උනේ නෑ.

සූටත් කෑම කවලා වොශ් කරවලා අන්දලා ඉවර වෙලා එයත් ගිහින් වොශ් දා ගත්තා.ඊයේ ඇදපු ඇදුම හෝදපු නිසා ඒකම ඇද ගත්ත ටේ සූවත් අරන් පහලට ආවා.ජංකුක්ට කෝල් කරාම තවත් විනාඩි දහයකින් විතර ජංකුක් වහනයක් එවපු නිසා ටේ සූවත් අරන් වහනෙට නැග්ගේ එයාගේ apartment එකට යන්න.

ඇදුනුයි තමන්ට ඕන කරන අනිත් අවශ්‍ය කරන දේවලුයි ජංකුක් එවපු driver ගේ උදව්වෙන් කාර් එකට දා ගත්ත ටේහ්‍යුන්ග් පැය බාගයකට විතර පස්සේ ආපොහු mansion එකට ආවා.

බෑග් ටික driver ට කියලා රූම් එකට ගෙන්න ගත්තු ටේ එයාට ස්තූතී කරලා නෝට්ටු කිහිපයක් දීලා පිටත් කෙරෙවුවා.තමන්ගේ අත් අතර නිදන් ඉන්න සූගේ නලලට කිස් එකක් දීලා බබාව ඇදෙන් තිබ්බා.වැටෙන් නැති වෙන්න වටේටම කොට්ට තියපු ටේ බෑග් එකත් අරන් clothset එකට ගියේ තමන්ගේ ඇදුම් ටික පිලිවෙලකට හදන්න.

ඇදුම් පිළිවෙලකට අස් කරාට පස්සේ වොශ් එකක් දාන් සැහැල්ලු ඇදුමක් ඇදන් බාතෲම් එකෙන් එලියට එද්දි සූ හිටියේ ඇහැරිලා.ටේ හිනාවීගෙනම සූ ගාවට ගියා.

"මමාගේ රෝස බෝලේ නැගිට්ටද?"

"මමා~"

ටේ සූගේ චූටී බංඩියේ එයාගේ නහය අතුල්ලන ගමන් හුරතල් කරද්දි දැනෙන කිතියට සූ හයියෙන් හිනා උනා.අවුරුද්දක් පහුවෙලා තිබ්බත් සූ තාම කතා කරන්නේ මමා ඩැඩා කියලා විතරක් නිසා ටේට ගෙනාවේ ලොකු ප්‍රශ්නයක්.අද ජංකුක් ආවම මේ ගැන කතා කරන්න ඕනේ කියලා හිතපු ටේ සූවත් වොෂ් කරගෙන පහලට ආවා.

සූහා බබාට කෑම එක කවපු ටේ බබාවත් සෝෆේ එකන් ගිහින් වාඩි උනේ සූත් එක්ක කාටුන් බලන්න.ටිකක් වෙලා යද්දි ෆෝන් එක රින්ග් උන නිසා ටේ සූව ඔඩොක්කුවේ තියන්ම ටේබල් එක උඩ තිබ්බ ෆෝන් එක ගත්තා.

𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Taekook)Where stories live. Discover now