Chapter 26

833 131 22
                                    

මන් හිමින් ජංකුක්ගේ ඔෆිස් රූම් එකට ලන් වෙලා දොර අරිද්දි ඇහුන සද්දෙ නිසා මෙච්චර වෙලා ලැප් එකෙන් මොකක්ද බල බල හිටිය එයාගේ ඇස් මගේ පැත්තට හැරුනා...ඒ ක්ශනිකව මන් කියලා කෙනෙක් මෙතන නෑ වගේ එයා ආපොහු ලැප් එකට අවදානය දුන්නා...

හිත රිදුනත් ලොකු හුස්මක් අරන් මන් එයා ලගට ගියා...එයා මෙච්චර වෙලා බල බල ඉදලා තියෙන්නේ අපේ ගාඩ්න් එකේ තියන කැමරා රෙකෝඩ්ස් දිහා..එයා ඕක කලින්ම බලන්න ඇති ඒකනේ මන් කියන්නත් කලින් එයා විස්තරේ දැනන් හිටියේ...මන් හොර මීයා වගේ එයා ගාවටම ලන් වෙලා එයාගේ උකුලෙන් ඉද ගත්තේ එයා ලැප් එකෙන් ඇස් අහකට අරන් මන් දිහා බලද්දි...

මන් එයාව ගනන් ගන්නේ නැතුව කකුල් දෙකත් දැපැත්තට දාන් මට පහසු විදිහට එයාගේ උකුලෙන් වාඩි වෙන්න යද්දි මට තියන දැගලිල්ලට තව පොඩ්ඩෙන් පිටිපස්සට වැටෙන්න ගියා.එයා මට රවාගෙනම මගේ වටේ අත යවලා එයාට ලන් කර ගත්තා...

"නිදා ගන්න කියලා නේ මන් කිවුවේ..."

එයා ලැප් එක වහන ගමන් පුටුවට හෙත්තු වෙලා එක අතකින් මාව අල්ල ගෙන අහද්දි මන් එයාව අත් දෙකෙන්ම බදාගෙන එයාගේ පපුවෙන් මගේ නිකට තියන් එයා දිහා ඔලුව උස්සලා බැලුවා...

"ඔයා නැතුව නින්ද යන්නේ නෑනේ කූ..."

මන් ඉතින් ඇදලා පැදලා කියද්දි එයා කටින් සද්දයක් පිට කරලා අහක බලාගත්තා...ම්හු ඒම කෝමද මන් වගේ ලස්සන හුරතල් කොල්ලෙක් එයාගේ උකුලේ වාඩි වෙලා ඉද්දි ඕම අහක බලා ගන්නෙ...මට එයාගේ අවදානය ඕන නිසා මන් එයාගේ පපුවේ පැත්තක් හැපුවා...

"ආව්ව්ව් යකෝ පිස්සුද?"

"මන් මෙතන ඉද්දි මොකද අහක බලන් ඉන්නේ ආ..මන් දිහා බලන් ඉන්නකෝ අනේ..."

මම මුල් ටික සද්දෙන් කියලා අන්තිම ටික කිවුවේ මන් එයාගේ හපපු තැනට හාදුවක් තියන ගමන්...මෙච්චර වෙලා හොරට හිනාවුන එයා මන් ඔලුව උස්සලා බලද්දිම පරණ රකුසු මුහුණ ආරුඩ කර ගත්තා...මෙයාටත් අර මේ ආදරයයි කතාවේ ඉෂිතා රමන්ට කියනවා වගේ නපුරු කුමාර් කියලා තමයි කියන්න ඕනේ..මගේ නපුරු කුමාරයා...

"කූ..."

"......"

"ජංකුකී..."

"......."

𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Taekook)Where stories live. Discover now