Chapter 23

845 130 23
                                    

"මහන්සියී..."

වට හතරකට විතර පස්සේ එයා මගේ බෙල්ල පාමුල මූණ තදකරගෙන කියද්දි මන් එයාගේ දහඩිය වලින් තෙත් වෙලා තියන කොන්ඩේ අතගෑවා....ඔව් ඉතින් මහන්සි නැති උනොත් තමයි පුදුමේ...අනේ මගේ පීචස් ගෙඩිය නෑ වගේනේ දැනෙන්නේ...

"කූ...වතුර ටිකක්?"

එයා බෙඩ් ටේබල් එක උඩ තිබ්බ මන් කලින් ගෙනාපු වතුර බෝතලෙන් මට වතුර පොවලා මගේ කට පිහදනකන් මාත් පොඩි බබෙක් වගේ හිටියා...

"ම්හූ...කූ නිදා ගමූ..."

"වොශ් දාලා නිදාගමුද?"

"අනේ මට මහන්සියිනේ හෙට වොශ් කරමු දැන් දොයියමුකෝ...."

මන් මූණත් ඇඹුල් කරන් කියද්දි මගේ නහයට කිස් එකක් දීලා එයා මගේ ඇග උඩින් අයින් උනේ මට කෙදිරි ගැහෙද්දි...බෙඩ්ශීට් එකෙන් අපි දෙන්නවම වැහෙන්න පෙරවපු එයා මාව තුරුල් කර ගෙන මගේ පිට අතගාද්දි මටත් තිබ්බ මහන්සියට ඉක්මනින් ඇස් දෙක පිය උනා...

_______________________________________

"ම්හ්..."

ක'ටීන්ස් අතරින් මූනට වැටුන ඉර අව්ව නිසා මන් ජංකුක්ගේ බෙල්ල අස්සට තවත් මගේ මූණ තද කර ගනිද්දි නින්දෙන් හිටියා උනත් එයත් මාව තද කරලා බදාගත්තා.ටිකක් වෙලා ගිහින් එයාගේ බෙල්ල අස්සෙන් මන් එලියට ඇවිත් ඇස් දෙක පොඩි කරන ගමන් නිදි මත නැති කර ගත්තා...තාම වෙලාව අටයි.නිදා ගනිද්දිත් වෙලාව හයට කිට්ටු කරලා තිබ්බේ...

නිදා ගනිද්දි දැනුන ඇග ඇලෙන ගතිය දැන් නැති වෙලා තියෙද්දියි දැක්කේ එයා මාව පිරිසිදු කරලා කියලා...ඇද වටේම ඇස් යවලා මන් බලද්දි එයා ඇදේ ශීට් එකත් මාරු කරලා මට එයාගේ සුදු පාට ලොකු ටීශර්ට් එකක් අන්දලා වගේම එයත් සුපුරුදු විදිහටම කලු ශෝර්ට් එකක් ඇදන් උන්නා...

මන් එයා මට අන්දවපු ටීශර්ට් එකෙන් එන සුවද බැලුවා.මන් හිතුවේ එකෙන් එයා ලගින් එන සුවද එයි කියලා උනත් මට ලාවට හිනාවක් ගියේ ඒකෙන් ආවේ සූගේ කොලොන් වල සුවද නිසා...එයා මාව වොශ් කරවලා අන්දවලා කොලොන් වලින් නාවලා තියෙන්නේ.මගේ හිතට එයා ගැන දැනුන ආදරේ නිසාම මන් එයාගේ කම්මුලක් සිප ගත්තා...

𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Taekook)Opowieści tętniące życiem. Odkryj je teraz