20

59 8 11
                                    

උදේ පාන්දර මට හරිම අමුත්තක් දැනුනා. යටි බඩ හරියෙන් වේදනාවක් ආවත් මං වැඩිය ගනන් ගත්තේ නැත්තේ hospital නවතින්න තව දවස් කීපයක්ම තියෙන නිසා.

උදෙන්ම බුදුන් වැදලා මගේ පැටියටත් ආසිර්වාද කලා.

කාමරේට ගිහින් අදත් මං මගේ මැනිකට කතා කරන්න හිතුවා. අද දවසම මට හරි අමුතුයි. හිතේ ලොකු කනස්සල්ලක් තියෙනවා.

චූටි පැටියෝ අහගෙනද ඉන්නේ.

මං මගේ ඇගිලි තුඩු වලින් බංඩියට තට්ටු දැම්මා. බංඩිය කොච්චර කසන්න ඇල්ලුවත් මං මගේ අත පාලනේ කර ගන්න පුදුම වෑයමක් දුන්නා. කසන්න ගත්තොතින් ලේ එනකන් උනත් කසන්න පුලුවන්. ඒත් කසනකොට දරුවට ඇහෙන්නේ ලෝකේ පෙරලනවා වගේලු. එයාලට බඩේ ඉද්දී චූටි සද්දත් ගොඩක් ලොකුවට ඇහෙනවා.

ඉතින් මං කසන්න ඕන හැම වෙලාවකම තෙමපු චූටි කපු රෙදි කෑල්ලකින් බඩ පිහි දාන්න පුරුදු වෙලා හිටියා. ඇගිලි තුඩු වලින් තට්ටු දැම්මත් හරි පරිස්සමට තමා ඒකත් කරන්නේ.

අම්මා කෙනෙක් උනාම කොච්චර කැපවීම් කරන්න ඕනද? ආස දෙයක් කන්න බැරුව, ආස විදියකට ඇවිදින්න වාඩි වෙන්න නිදා ගන්න බැරුව, ආස ඇදුමක් අදින්න බැරුව, කොච්චර ආස උනත් ගොඩක් සීතල වගේම ගොඩක් රස්නෙ දේවල් ගොඩක් සැර දේවල් අම්මලාට කන්න බෑ
දරුවට බලපාන නිසා. අම්මලා ඒ හැමදේම ඉවසන් ඉන්නවා තමගේ පැටියට තියෙන ආදරේ හුගක් වැඩි නිසා.

දන්නවද පැටියෝ අම්මී චූටි කාලේ ඉදලම සැර කන්නේ නෑ. තාත්තී සම්පූර්ණයෙන්ම ඒකේ අනිත් පැත්ත. ඉතින් අපි දෙන්නා හැම තිස්සෙම කෑමට රන්ඩු. තාත්ති කියනවා සැර කෑම කන්න පුලුවන් වෙන්න ඕනලු. මං කියනවා ජීවිතේ විදින්න සැර කෑම කන්න ඕන නෑ කියලා. ඉතින් තාත්ති කියනවා කවදා හරි අපෙ ලමයින්ට නම් එයා සැරට කන්න දෙනවා කියලා. මං ඉතින් එතෝට කියනවා මං නම් අපේ දරුවන්ට සැර කෑම කන්න දෙන්නේ නෑ කියලා. ඊට පස්සේ ඉතින් රංඩු තමා.

හැබැයි තාත්තිට රසට චිකන් හදන්න පුලුවන්. අම්මී ඒවා කන්නේ අඬ අඬ. සැරයිනේ. කවදා හරි ඔයාත් ලොකු උනාම තාත්තිට කියලා හදලා ඉල්ල ගන්න හරිද?

You've reached the end of published parts.

⏰ Last updated: Apr 09 ⏰

Add this story to your Library to get notified about new parts!

July princess Where stories live. Discover now