අද අපි පන්සල් යමු හාද පැටියො.
මායි පැටියයි මලුත් කඩාගෙන තෙලුයි හදුන්කූරුයි අරං සුදු ඇදුමකුත් ඇදං පන්සල් යන්න ලෑස්ති උනා. දැන් පස් වෙනි මාසේ නේ. පැටියා දැන් දගලනවා වැඩී.
කොන්දත් හීනියට රිදෙනවා.අද නෙතු අක්කත් එනවා කිව්ව එයාගේ මල්ලිත් එක්කම පන්සල් යන්න. පන්සල් ගිහින් එහෙම්ම නෙතු අක්කලාගෙ ගෙදර නවතින්න කිව්ව මට රෑට. ඒ පවුලේ අය මට මගේ පවුල වගේ.
නෙතු අක්කාගේ මල්ලී උනත් මට හරි ආදරෙයි. චූටි අක්කා කියලා කියන්නේ. එයාලටත් පැටියා එක්ක ඉන්න ඕනලු.
නෙතු අක්කා එනවා කිව්වා මාව ගන්න. ඉතින් මං සේරම ලෑස්ති කරගෙන බලන් හිටියා.
නෙතු අක්කාගේ මල්ලී සිතුම් තමා ත්‍රීවිල් එක අරං ආවේ. කොල්ලා පැනලා මගෙ අතේ තිබුන බඩු ටික අර ගත්තා. පුදුම ආදරයක් තියෙන්නේ. අක්කත් මට නගින්න ඉඩ දීලා මට පිටිපස්සෙන් නැග්ගා.
පන්සලේ බෝදි මලුවේ වාඩි වෙලා ගාතා කියලා මං හුගක් වෙලා බෝධිය දිහා බලන් හිටියා. බෝ කොල හෙලවෙනකොට එන සද්දේයි ඒ හුලගයි ඇගට මාර සනීපයි.
මං බඩට අත තියාගෙන පැන් කලයක් අරං බෝධිය නෑව්වා.
පුතුට කියන්න ඒ දවස් වල තාත්ති මායිත් පුලුවන් වෙලාවට පන්සල් එනවා ඇවිත් දෙන්නත් එක්කම පැන් කලෙන් බෝධිය නාවනවා.
එයා ප්‍රාර්ථනා කරන්නෙ මොනවද හැමදේම ඒ විදියට ඉශ්ට වෙන්න කියලා මාත් ප්‍රාර්ථනා කරනවා.අද මං මගේ පැටියා වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්නම්. අපේ පැටියා හොඳ සෞඛ්‍යමත්ව පරිස්සමින් මේ ලෝකෙට එන්න. අම්මි තාත්තී බලන් ඉන්නවා මගේ පුතුව දෝතට ගන්න.
ලොකු හාමුදුරුවන්ට කියලා පිරිත් නූලකුත් බැද ගන්න අමතක කලේ නෑ අපි.
පන්සලේ ඉදන් එද්දී මං එපා කියද්දි සිතුම් මල්ලී පොඩි කඩේකින් නැවැත්තුවේ මට මොනා හරි කන්න අරං දෙන්න. එක දිගට වාඩි වෙලා එන්න අමාරු නිසා මාත් බැස්සා ත්‍රීවිල් එකෙන්.මං මගේ ඇස් 2 පිහිදලා බැලුවා. මට පෙනුනේ ඇත්තක්ද කියලා හරියටම දැනගන්න.
මගේ මහත්තයා මාව දකින්නත් කලින් බයික් එකකට ගොඩ වෙලා වේගෙන් ගියා.
කොන්ද දිගේ හිරි වැටීමක් දැනුනම මං දෝතින්ම මගෙ බෝලෙව බදා ගත්තා. පුතු ඔයත් දැක්කද ඒ ඔයාගේ තාත්ති පුතේ. ඇස් කෙවෙනි අග කදුලු හිර කරං ඉදලා මට හරි පුරුදුයි.
මට සතුටුයි මේ මාස ගානටම මගේ මහත්තයාව දැක්ක පලවෙනි වතාව. ලෝකේ කොච්චර ලොකුද කියලා හිතුනා මෙච්චර කල් අපි හමු නොවෙන්න තරම්.
YOU ARE READING
July princess
Non-Fictionමෙය මගේ මනඃකල්පිතයක් පමනක්ම නොවේ. Short chapters බලාපොරොත්තු වන්න. මගේ 3 වෙනි book එක.🤗