02

50 6 2
                                    

ම්ම්ම්ම්හ්හ්හ්හ්හ්හ්ඃ...........
මට හයියෙන්ම හීල්ලෙද්දී මං ලග හිටපු නෙතු අක්කත් බැලුවා මන් දිහා.

මං මේ තරමින්වත් ජීවත් වෙන්න තවත් එක හේතුවක් නෙතු අක්කා. මගේ ජීවිතේ අකුරක් නෑරම හැම විස්තරයක්ම කියනවා මන් එයාට. උත්තර හම්බුනේ නැති ගොඩක් ප්‍රශ්නවලට උත්තර දෙන්න මන් දුකින් ඉද්දී මගේ හිත හදන්න මගේ අම්මා දිව්‍ය ලෝකේ ඉදලා මං ලගට එවපු සුර දූතිකාවක්. අපෝ වෙලාවකට මාර භූතිකාවක් වෙනවා තමා ඒත් එයාවත් හිටියේ නැත්තන් අද මන් මෙතන නෑ. මන් එහෙම කිව්වම එයා නම් කියන්නේ මන් මෙතන නැත්තන් අනිවා ඉන්නේ එයාගෙ තැනලු.

නෙතු අක්කා ඇස් වලින්ම ඇයි කියලා අහද්දී මං මුකුත් නෑ කියන්න තොල් මැතිරුවා. එහෙම්ම උම්මියක් පා කරලා එවන්නත් අමතක කලේ නෑ ඒ කොට බතලි. අපෝ මං ඕවට ආස නෑ කියලා මන් අහක බලා ගත්තා. සුසුම් හෙලපු හදවත ටිකකට සැහැල්ලුවක් දැනුනා වගේ. මං නම් කියන්නේ මේ වගේ පිස්සු යාලුවෙක් ඉන්නම ඕන ජීවිතේ කොච්චර වැටුනත් නැගිට්ටවන්න.

අත් 2 මහලා ඉවර කරපු කමිස ටික අරන් මන් යන්න ගියේ ඊලග මේසෙට. ඇස් 2 නිකන් බොද වෙනවා වගේ දැනුනා. ඊයේ රෑත් හරියකට නිදා ගන්න බැරි උන තෙහෙට්ටුව නිසා වෙන්න ඇති කියලා ඇස් 2ත් පිහදාගෙන යන්න ගියත් සේරම කලුවර වෙනවා මට දැනුනා.

වැටෙන්න යනකොටම කවුරුහරි ඇදලා ගන්නවා වගේ දැනුනත් කවුද කියලවත් බලා ගන්න ඇස් 2 ඇර ගන්න බෑ. කිසිම දෙයක් ඇහෙන්නේ නෑ මට. ඉස්සරත් එහෙමයි. රෑටත් නොකා උදේටත් නොකා ඉස්කෝලේ ගිය දවසට මේ වගේ කලන්තේ හැදෙනවා.

මන් නැගිටිනකොට නෙතු අක්කා මන් ලග පවන් ගහනවා. තව අක්කලා කීප දෙනෙක්ම මන් ලග ඉදල මන් නැගිටිද්දී ආපහු යන්න ගියේ වැඩ පාඩු කර ගන්න බැරි නිසා. අපේ සුපවයිසර් මනුස්ස වේසෙන් ඉන්න යස්සයෙක්නේ.

නැගිට්ට හැටියේ මාව හැමතැනම හරව හරව තුවාල වෙලාද බලන්න නෙතු අක්කා අමතක කලේ නෑ. ඔලුවටත් අත තියලා බලනවා කොට බතලි. හිනාත් යනවා කරන වැඩ වලට. මගේ ඔලුවට වඩා එයාගේ ඔලුව රස්නෙයිලු.

නෙතු අක්කා මගේ ඇග සුදුමැලි වෙලා ඇදිලා ගිහිල්ලා වගේ කියලා මාව එක්ක ගියා මෙඩිකල් unit එකට. එතනිනුත් කිව්වෙව් ලේ අඩු වෙලාද කියලා check කර ගන්න කියලා. කොහෙන්ද ඕවට වියදම් කරන්න සල්ලී. මන් හැදුවේ නිකන් ඉන්න. කොහෙද පරල වෙන්න හැදනවනේ කොට බතලි. හෙට වැඩට නෑවිත් ඒ ටික කර ගන්නම් කියලා පොරොන්දු පිට තමා මාව අතෑරියේ.

July princess Where stories live. Discover now