අද 7 වෙනි මාසෙට ක්ලිනික් යන දවස. දැන් මං වැඩට යන එක නවත්තලා තියෙන්නෙ. ඒත් ඉතින් නෙතු අක්කා වැඩනේ. එයාගේ මල්ලි සිතුම් ආවා මාත් එක්ක ක්ලින්ක් එක්ට යන්න. එයා පොඩි පැටවුන්ට හරි ආසයි වගේ. එහා පැත්තේ අම්මලා අතේ තියන් ඉන්න බබාලා දිහා හොරෙන් හොරෙන් බලනවා මං බලාගෙන.
ඉක්මනට බැදලා බබෙක් හදා ගත්තා නම් ඔහොම හොරෙන් බලන්න වෙන්නෙ නෑනේ.
මං හිමීට මල්ලිගේ කනට කිට්ටු කරලා කිව්වා. කොල්ලා ඇබරිලා ගියා.
'මං අද උනත් කැමති බදින්න අක්කා කැමැත්ත දෙනවා නම්. කොහෙද ඉතින් අක්කා කැමති නෑනේ. තාම අර ඕස්ට්‍රේලියානු කැස්වටුවටනේ කැමති.'
එයා මගේ කන ලගට වෙලා මිමිනුවා. ලැජ්ජාවක් නෑ මේ කොල්ලාට නම්.
මල්ලි එදා ඉදලම කියන්නෙ මාව බැන්දලා මගෙ දරුවගෙ තාත්තා වෙන්නම් කියලා.
විහිලුවට කියන කතා බැරෑරුම්ව හිතන්න මං චුට්ටක්වත් කැමති නෑ.මගේ අර සංකුට්ටාටනේ ඔයා මේ ඕස්ට්‍රේලියානු කැස්වටුවා කියන්නේ. වයසෙ තරමට ඉදිමෙන්න පොඩි එකෝ.
'වයසෙ තරමට නෙවෙයි මෝඩි ඇගිල්ලේ තරමට. අපේ පොඩ්ඩිට නම් ඕවා කියන්න යන්න එපා. කෙල්ලගෙ මොලෙත් අංඥකොරොස් වෙයි.'
හරි හරි ඉතින් පොඩ්ඩක් දන්නැද්ද?
හිනා වෙවි ඉද්දින් කාලේ යනවා දැනෙන්නේ නෑ. ස්කෑන් කරන්න ඕන නිසා මං ඇදේ ඇල උනා. දැන් නම් දරුවා ලොකුයි. කටේ ඇගිල්ලකුත් ගහගෙන. හරිම හුරතල් පාටයි. ඔයත් හිටියා නම් කියලා හිතෙනවා.
ස්කෑන් එකට යන්න පුලුවන් අම්මට විතරක් නිසා මල්ලි එලියට වෙලා හිටියා.
දරුවා සනීපෙන් ඉන්නවා. වෙනදා දුන්න විටමින් ටික ඒ විදියටම බොන්න. මං කී පාරක් මේ අම්මට කිව්වද හොදට කන්න කියලා. ඔහොම නොකා හිටියොත් නම් දරුවා ලැබෙද්දී අමාරු වෙයි.
දොස්තර මහත්තයා ඒ ටික කිව්වේ මට.
මෙහෙම බඩ දරු අම්මා කෙනෙක් ක්ලින්ක් එකට තනියම එවනවද හැමදාම. මොකක් හරි උනා නම් එහෙම. තාත්තාලා ඉන්නේ ලමයාව බඩට දාන්න විතරයි කියලද හිතන් ඉන්නෙ. මීට වඩා wife ගැන සැලකිලිමත් වෙන්න. කන්න දෙන්න හොදට. බෙහෙත් ටික වෙලාවට දෙන්න.
දොස්තර මහත්තයා ඒ ටික කිව්වේ මල්ලිට. එයාගේ හිතේ මල්ලී මගේ මහත්තයා කියලා.
හැමදාම මං තනියම ඇවිත් මහත්තයා වැඩට ගියා කියනවනේ ඒක දොස්තරටත් මතක ඇති.
'Doctor මං මෙයාගේ....'
මං මල්ලියාගේ අතින් අල්ලන් මුකුත් කියන්න එපා කියන්න ඔලුව වැනුවා.
මල්ලියත් මාව තේරුම් ගත්තා වගේ කට පියාන උන්නා. කියලද හිතුවේ? අපෝ නෑ ගත් කටටම කියාපි මං කන්න හොරය. කොච්චර රස ගුන ජාති දුන්නත් පස්සේ කන්නම් කියලා මගාරිනවාය කියලා. මිනිහාගේ හිතේ මයේ අප්පච්චි කියලා වෙන්ටෑති.දොස්තර කාමරෙන් එලියට එද්දී ක්ලිනික් එකට එනකොට අදුර ගත්ත අම්මා කෙනෙක් මාත් එක්ක කතා කලා.
'අද නම් මහත්තයා එක්ක ඇවිත් වගේ. වෙනදට ඉතින් තනියමනේ එන්නේ. මහත්තයව දැක්ක පලවෙනි වතාව.'
මං මල්ලි දිහා බැලුවම එයා මගේ කර වටේ අත දා ගත්තා. කොල්ලා වැඩිපුරත් රංගනේ දානවා. මාත් හිනා වෙලා එන්න ආවාට ඇස් වල කදුලු පිරිලා.
මගේ මහත්තයා දන්නවා නම් මං තනියම ක්ලිනික් යනවා කියලා එයා ඒවි මාත් එක්ක ක්ලිනික් යන්න මං දන්නවා.
අද නම් කොහොම හරි අද පත්වීම ලැබුනු අලුත් අප්පච්චිට කියලා අර රස පාට කේක් shop එකෙන් කේක් කෑල්ලක් ගන්නව ගන්නවා. මං පැටියට පොරොන්දු උනානේ කවදාහරි අරන් දෙනවා කියලා. මං වගේ චූටි චූටි දේවල් වලින් සතුටු වෙන්න අපේ චූටික්කාත් ඉගෙන ගන්න ඕනි. එතකොට ජීවිතේ හරිම සැහැල්ලුයි.
YOU ARE READING
July princess
Non-Fictionමෙය මගේ මනඃකල්පිතයක් පමනක්ම නොවේ. Short chapters බලාපොරොත්තු වන්න. මගේ 3 වෙනි book එක.🤗