07

37 7 0
                                    

කෑම කාලා ඉවර වෙලා ටිකක් වෙලා ඉද්දි නෙතු අක්කා මගේ අතක් එයාගේ අත් අතරෙ හිර කර ගත්තා.

මගේ දුක තේරෙනවා ඇති එයාටත්. මගේ ඔලුව එයාගේ උරහිසට තියා ගත්තා.

මොකක්ද කිව්වේ සහස්න?

කට හඩට කලින් කදුලු ඉස්සර වෙලා පල්ලම් බැස්සා.

එයාට එපා කිව්වා අක්කේ.

යන්තම් වචන ගැට ගහ ගත්තා මං.

උබේ තීරනේ මොකක්ද?

මට මගේ මැනික් කැටේ ඕන. එයාව මං බලා ගන්නවා.

උබට පුලුවන් මැනික. උබට පුලුවන්. මං පුලුපුලුවන් විදියට උදවු කරන්නම්. පැටියව හදාගමු. උබ අතෑරියේ නැති එකම ලොකු දෙයක්. මහ එකා එපා කිව්වට බඩට ආපු නොදරුවා පලි නෑනේ. ඌ වගේ උන් පොල් පිත්තෙන් කපා ගත්තහැකි.

හැබැයි මැනික කවදා හරි දරුවා තාත්තා ඉල්ලද්දී දෙන්න උත්තරත් හදා ගෙන ඉදපන්.

අක්කා ආයෙමත් මගේ ඔලුව අත ගෑවා. මගේ හයියට තව කෙනෙක් ඉන්නවා කියලා දැනෙද්දී හිතට හරි නිදහසයි.

හැමදාමත් දවල් කෑම ගෙනත් දෙන පොරොන්දුවට අපි අයෙත් වෙන් උනා.

හවස town එකෙන් එද්දී ලගදි දාපු ලස්සන කේක් shop එකේ පාට පාට කේක් කෑලි දිලිසෙනවා ඈතට පේනවා.

දවසක මං ඔයාටත් අරං දෙන්නම් මැනික එතකල් ඉවසමු මගේ හොද චංඩි බෝලේ නේ.

පර්ස් එකේ බස් එකේ යන්නයි එලවලුවක් ගන්නයි විතරයි සල්ලි ඉතුරු. Shop එක දිහා බලාගෙන හූල්ලලා බස් එකට නැග්ගා ගෙදර එන්න.

ම්හුක්. අදත් නෑ ඔයාගේ තාත්තී නෝටි නේද?

හිතින් දරුවා එක්ක කතා කරන ගමන් මං බහින බස් හෝල්ට් එකෙන් පරිස්සමට බැස්සා. මට ලාවට ඇහුනා කොන්දා කෑ ගහනවා ඉක්මනට බහින්න කියලා. ඉතින් එයා දන්නේ නෑනේ මං pregnant කියලා. මං බැස්ස හැටියේ බස් එක දූවිලි අව්ස්සගෙන වේගෙන් ඉදිරියට ගියා.

කාලා නාලා ඇදට ආවෙ මං කොන්ඩෙත් පිහිද පිහිද. සහස්න මගෙන් ටවල් එක අරං කොන්ඩෙ පිහිදානවා මට මතක් උනා.

ඒ දවස් වල හවසට නෑවම ඔයාගේ තාත්ති මට බනිනෝ හොදටම ඔයා ආවම තාත්තිට බනින්න හාද? අම්මිට බනින්න එපා කියන්න හාද?

පුංචි බංඩි ගෙඩියෝ මට ඇහෙන්න කතා කරනවද? මට පාලුයි හලෝ. මං අගිල්ලෙන් චූටියට බංඩියට තට්ටු දැම්මා.

මං අද ඉදලා ඔයාට අපි ගැන කියන්නම්. තාත්ති අම්මී හම්බුන විදිය තාත්ති අම්මිට ආදරේ කරපු විදිය. තාත්ති අම්මිට සලකපු විදිය. ඔයාට ඉරිසිය හිතෙයි.

මොනවා උනත් කවදාවත් මං එයාගේ  වැරදි දරුවට කියන්නේ නෑ කියලා හිතා ගත්තා. මගෙ දරුවා එයාගේ තාත්තට ආදරේ විතරක් දුන්නම ඇති. වෛරෙ ඕන නෑ.

July princess Where stories live. Discover now