14

45 6 4
                                    

රෑ කෑමෙන් පස්සෙ හැමෝම සාලෙන් වාඩි වෙලා මගෙ බන්ඩි ගෙඩිය දිහා බලන් හිටියා. චූටි මැනික පිනුම් ගහනවද කොහෙද බඩ ඇතුලෙ සතුටට.

අපි සේරම බලන් ඉද්දී බඩ තැන් තැන් වලින් ඉස්සෙනවා. රැල්ලක් යනවා වගේ දිගට ඉස්සෙනවා. එක එක්කෙනා අත තිය තිය තිය බලනවා. කට්ටිය එක්ක දරුවට නම් දානවා.

හෙට ආපහු වැඩට යන්න ඕන. මං එහෙම්ම මගෙ බෝඩිමට යන්න හිතන් ඉන්නේ වැඩ ඉවර වෙලා.

මේ සතුට පිරුනු පවුල දාලා යන්නත් ලෝබයි. ඒත් ඉතින් කරදර කරන්න බෑනේ මිනිස්සුන්ට. එයාලගෙන් නම් එකට වදේ එහේ නවතින්න කියලා.

පුලුවන් තරම් කල් වැඩට යන්න තමා මං හිතන් ඉන්නේ. තව මාසයක් යද්දී පුටුවක මේසෙක වාඩි වෙලා වැඩ කරන්න මට අමාරුයි. ඔක්කොටම කලින් මේ පුංචප්පෝ එනවානේ ඉස්සරහට.

ටිකෙන් ටික දැන් මටත් අමාරු වෙනවා. පැටියගේ බර වැඩි වෙද්දී කොන්ද කැක්කුම අල්ලනවා දැන් දැන්. කකුල් 2ත් ඉදිමෙන්න පටං අරන්. ඔයාවත් හිටියා නම්. එහෙනම් මං බබෙක් වගේ ඔයා ලග හුරතල් වෙනවා. දවසට පැයක්වත් මගේ බංඩි ගෙඩිය උස්සන් ඉන්න කියනවා.

බොහොම අමාරුවෙන් මං නෙතු අක්කලාගෙ ගෙදරින් ආවේ. මාව එහේ තියා ගන්නමයි හිත එයාලගේ.

පරන පුරුදු බෝඩිමට ආවාම මායි පැටියයි තනි වෙලා වගේ කියලා හිතෙනවා. ඒත් මට ඔයා ඉන්නවනේ.

රෑට සීතල වැඩි උනාම මං ඔයාව මගේ හිතින් මවා ගන්නවා. අපේ පැටියයි මායි වටේට ඔයාගේ ලොකු අත මවා ගන්නවා. ඔයාගෙ පපුවට තුරුල් වෙලා ඉන්නවා මවා ගන්නවා. එතකොට මට ඒ හිතින් මවා ගන්න උනුසුමට නින්ද යනවා.

මගේ ලග තාම ඔයාගේ ටීශර්ට් එකක් තියෙනවා. ඒක තාමත් ඔයාගේ සුවදයි.
මට ගොඩක් පාලු හිතුනම මං ඒක බඩ උඩින් තියා ගන්නවා. පැටියටත් ඔයාගේ සුවද පුරුදුයි වගේ. එයත් නිකම්ම සංසුන් වෙනවා. ඔයා මගේ බඩ උඩින් ඔලුව තියන් ඉන්නවා වගේ දැනෙනවා එතකොට.

ඔයා හිටියා නම් කන තියගෙන අහන් ඉදිවී. පැටියගේ දග වැඩ බල බල එයාට කතා කරාවි. මං හැම තිස්සෙම ඔයයි මායි ඉන්න video බලනවා. දන්නවද පැටියා ඔයාගේ කටහඩ ඇහෙද්දී දැගලිලි අඩුයි. එයාට ඔයාගේ කටහඩ හුරුයි. මං අහලා තියෙනවා පැටියෙක් බඩේ ඉද්දී තාත්තාගේ අඩි සද්දෙත් අදුර ගන්නවලු. මගේ පැටියත් එහෙම වෙන්න ඇති.

දැන් යන්නෙ 6 වෙනි මාසේ මට වැඩ කරන්න ටිකක් අමාරුයි. හැම තිස්සෙම ශෝට් ලීව් දාන්නත් බෑනේ. තව ටික දවසකින් මං වැඩ කරන් එක නවත්තනවා. නවත්තලා ගෙදර ඉදන් මොකක් හරි වැඩක් කරන්න ඕන. මං දැනටමත් කරන්න දෙයක් හිතලා තියෙන්නේ. මං අත්කම් වලට ආසයිනේ. ඒ වගේ දෙයක් කරනවා.

අද මං පැටියට කියන්නම් මං තාත්තිව අවුස්සන විදිය. තාත්ති හරි කැමති මගේ අතින් අල්ලන් යන්න ඒ උනාට මං තාත්තිගේ වැලමිට හරියෙන් තමා අල්ල ගන්නේ. එතකොට තාත්තිට කේන්ති යනවා. තාත්ති කියනවා එතකොට අපි දෙන්නා අයියයි නංගී වගේලු.

දවසක් නම් මට හුගක් දුක හිතුනා හරිද පැටියෝ. තාත්ති අදුරන අන්කල් කෙනෙක් හම්බෙලා තාත්ති මගේ අත අතෑරියා හරිද මං ආයේ අල්ල ගත්තමත් මගේ අත අතෑරියා. ඔයාට කියන්න මං එදා දවසට ආයේ තාත්තිගෙ ඇගිල්ලක්වත් මගෙ ඇගේ වදින්න දුන්නේ නෑ. මාව එහෙම ලේසියෙන් යාලු කර ගන්න බෑ මං තරහා උනාම.😌

ඔයාගේ තාත්ති ඉතින් ලොකුම ලොකු චොකලට් එකක් දීලයි මාත් එක්ක යාලු උනේ. තාත්ති පව් නිසා යාලු උනා මිසක් චොකලට් එක නිසා නම් නෙවෙයි ඉතින් මං යාලු උනේ. ඔයා දන්නවනේ මේ අම්මිගේ හැටි. දෑකැත්ත වගේ කෙලින් ඉතින්. ඔයත් අම්මි වගේ වෙන්න ඕන හරිද චූටියෝ.

දවසක් මං ඇහුවා තාත්තිගෙන් මං කූඩැල්ලෙක් උනොත් ඒත් මට ආදරෙයිද කියලා. තාත්ති කිව්වනේ මං කූඩැල්ලෙක් උනොත් මාව බැදලා කනවා කියලා. ඊයා කූඩැල්ලෝ කන්න පුලුවන්ද? ම්හුක්. තාත්ති හරි කුරිරුයි.

මං තව ආසම වැඩක් තමා තාත්ති මොකක් හරි වැඩක් කරද්දී වද දෙන එක. කොන්ඩ බූල් දාන්නයි, මවිල් ගස් වලින් අදින්නයි, තාත්තිගේ පෝන් එකට ඇගිල්ලෙන් අනින්නයි තමා මං ආසම. මං පොඩි ලමයෙක් වගේ කියලා එයා නිතරම කියනවා. අපේ දරුවත් මං වගේ උනෝතින් එයට තට්ටේ ගාලා ඇග වැක්ස් කරන්න වෙයිලු.

July princess Where stories live. Discover now