05

39 5 2
                                    

"ඕක අයින් කරලා දාන්න."

"මො..මොකක්ද කිව්වේ?.."මගේ උගුර කට වේලිලා වගේ මට දැනුනේ. කතා කරගන්න කටට වචන එන්නෙ නෑ.

"මං කිව්වේ ඕක අයින් කරලා දාන්න කියලා."

"අනේ මහත්තයෝ ඒත්.. බීප් බීප් බීප්..."

දුරකතන ඇමතුම අනික් පසෙන් විසන්දි වෙනවාත් එක්කම මගේ කකුල් වාරු නැති උනා.

මන් ඒ වෙලාවේ පුටුවකට වාරු නොවුනා නම් මගේ මැනික අද මන් ලග නොඉදින්න තිබුනා.

මං එක අතකින් බඩත් අල්ලගෙන ආයෙමත් පාරක් ඔයාට කෝල් ගන්න උත්සාහ කලා.

The number you dialed is not responded. Please try again later.

ඒ වාක්‍ය කී පාරක් ඇහුනද කියන්න මං දන්නේ නෑ මහත්තයෝ පිස්සුවෙන් වගේ මං ඔයාට කෝල් ගත්තා. කදුලු බෝල මගේ කම්මුල් 2න් බේරුනත් ඒවා පිහි දාන්නවත් මට සිහියක් තිබුනෙ නෑ.

මගේ පැංචා බය වෙන්න එපා අම්මී ආදරෙයි මගේ පැංචාට. අම්මිට සමාවෙන්න අම්මිට අඩන්න ඕන නෑ මැනික ඒත් ඇඩෙනවානේ. මගේ මැනික
ලොකු උනාම අම්මිට අඩන්න දෙන එකක් නෑ මං දන්නවා. මං ආදරෙයිනේ මගේ මැනිකට.

මං මගේ පැංචාව බදා ගෙන මගේ පුංචි කාමරේ ඇද ලග බිමට ගුලි උනා. මං දන්නේ නෑ මං කොච්චර වෙලාවක් එහෙම හිටියද කියලා. ඒ හිටපු වෙලාවට මං ගොඩාක් දෙවල් කල්පනා කලා. ගොඩක් වෙලා ඇඩුවා. ඔලුව තියා ගන්න උරහිසක් ඕන උනත් මංම මගේ ඔලුව අත ගාගෙන මාව සනස ගත්තා. මං චූටි කාලේ ඉදලා එහෙමයි. මට දුක හිතිලා මං අඩද්දී මංම මගේ ඔලුව අත ගා ගන්නවා. අඩන්න එපා. ඔයා සතුටින් ඉන්න ඕන. බලන්න ඔයා ආස කොච්චර දේවල් තියෙනවද කියලා මං මටම කියා ගන්නවා.

චූටි කාලේ කුඩම්මා වෙනස් කම් කරද්දී කියන්න කෙනෙක් නැති උනාම මං එහෙම කලා. ඒ වෙලවට මං ආස දේවල් හිතනවා. හිතින් මවා ගන්නවා. ඒකෙන් මට චූටි සහනයක් දැනෙනවා. දැනුත් එහෙමයි.
මං මගේ දරු පැටියව හිතේ මවා ගත්තා.

මාව දුකින් ගලව ගන්න ආපු මගේ වස්තුව. අම්මිගේ සතුට වෙන මොනාද? මං මට ඇහුන වචන පේලිය අමතක කරන්න උත්සාහ කලා.

මං දන්නේ නෑ මට කොයි වෙලාවේ නින්ද ගියාද කියලා. මං ඇහැරෙද්දී 9ට ලගයි. ඒ වෙනකොට මගේ ජීවිතේ මං ගත්ත හොදම තීරනේ අරං හිටියා.

ඔව් මගේ පැටියව මං කවදාවත් අතාරින්නේ නෑ. මගේ පැටියා සතුටින් තියන්න මං ඕන දෙයක් කරනවා.

July princess Wo Geschichten leben. Entdecke jetzt