06

35 7 0
                                    

Good morning මගේ පැටියට...

මං නැගිට්ට ගමන් මගේ චූටි බංඩිය අත ගෑවා. මට නිකන් කිතියක් වගේ දැනුනා. කවදා හරි මගේ දරුවෙක් බඩේ තියන් ඉන්න මං කොච්චර හීන මැව්වද අද ඒක හැබෑ වෙලා. මං මගේ පැටියව උපරිම සතුටින් තියනවා. මගේ පැටියා කවදාවත් අම්මී වගේ දුක් විදින්න ඕන නෑ.

මගේ වස්තුව මාව දාලා ගියාම කතා කරන්නවත් කාත් කෞරුවත් නැතිව තනි උන මට දැන් අලුත් යාලුවෙක් ඉන්නවා. සතුටුයි මට.

මං දැන් ඉදලාම පැටියා එක්ක කතා කරනවා. එයාටත් පාලු හිතෙයි නැත්තන්.
උදේ නැගිට්ට ගමන් ඔක්කාරෙට වගෙ ආපු නිසා මන් සින්ක් එක ලගට ගිහින් කට සෝද ගත්තා. මෙච්චර දවසක් බඩ ඇතුලේ ඉදන් අම්මී එක්ක හැංගිමුත්තන් කලේ ඔයාද පැංචො.

මගේ මැනික් කැටේට බඩගිනිද?

මට ඇහුනා මගේ බඩ කුරු කුරු ගානවා. පැටියටත් බඩගිනි වගේ. මට හීනි හිනාවක් ගියා. මං සමපෝශවලින් සීරියල් එකක් හදා ගත්තා.

මන් චූටිම කාලේ මට බොඳ උන රූප පෙලක් වගේ මතකයි ගෑනු කෙනෙක් මට මෙහෙම හදලා කවනවා. මං ඒක හරි ආසාවෙන් කෑවා. ඒ ගෑනු කෙනා මගෙ අම්මා කියන්න මං දැන ගත්තේ පස්සේ කාලේක. එදා ඉදලා මං ඒ බොඳ උන රූපෙට ආදරේ කලා.

වෙනදා වගේ දැන් කටට දෙකට කෑම ගිලින්න බෑ. මං පරිස්සං වෙන්න ඕන මගෙ පැටියා වෙනුවෙන්. මං මේ හැගීමට ආසයි. මාත් දැන් අම්මා කෙනෙක්.

මං ලෑස්ති වෙලා වැඩට ගියා. මං මගේ පැටියගේ අනාගතේ හදන්න ඕන. ඒකට මං සල්ලි හම්බ කර ගන්න එපැයි පුලුවන් කාලේ. මං දන්නවා තව ටික කාලෙකින් මගේ බංඩිය ලොකු වෙද්දි මට ඇවිද ගන්නත් බැරි වෙයි. මගෙ මහත්තයා හිටියා නම් මට ඇදෙන් බහින්නවත් දෙන්නෙ නැති වෙයි. ආදරේට හිත පිරෙන තරම්. මවා ගත්තු හීන අස්සේ මං මගේ සතුට හෙව්වා.

දවල් කෑම එකක් කැන්ටිමෙන් ගන්න හැදුවත්, නෙතු අක්කා මටත් එක්ක කෑම ගෙනල්ලා. නෙතු අක්කගේ අම්මට හෙන අත්ගුනයක් තියෙනවා. ඒ අම්මා පවා දන්නවා මං ඒ කෑම කන්න කොච්චර ආසද කියලා.

පොලොස් උයලා,හාල්මැස්සෝ තෙල් දාලා, රසට හදපු පරිප්පුවකුයි, මැල්ලුමයි සුදු බතුයි. කටට කෙල උනනවා දැක්කම. මං හරි ආසාවෙන් කන දිහා නෙතු අක්කා බලන් ඉදලා මගේ ඔලුව අත ගෑවා.

බත් එකම කන්න රත්තරං. අම්මා ඔයාටමයි හැදුවේ.

මගෙ ඇස් 2 ආයෙමත් බොඳ උනා. සහෝදර බැදීමක් තරමටම ශක්තිමත් බැදීමක් අපි අතර තියෙනවා. කදුලු බේරි බේරි මං කෑවා.

වෙනදට බත් එකේ පොලොස් තිබුනොත් පැත්තවත් බලන්නේ නැති මං අද රස කර කර කෑවා. මගේ මහත්තයා පොලොස් වලට කොච්චර ආසද කියලා මං දන්නවා. මං නොකෑවට බැදපු තුනපහ දාලා රසට පොලොස් මාලුවක් හදලා බත් එකට තියලා දෙන්නේ මගේ වස්තුව ආස නිසාමයි.

මගේ මතකේ අතීතෙට ගියා.

මොන මනුස්සයද පොලොස් නොකා ඉන්නේ.? කොච්චර රස කෑමක්ද? ඔයාට පින නෑ එච්චරයි.

මං පොලොස් නොකා ඉද්දී මගේ මහත්තයා හැමදාම ඕක කියනවා.
හිනා වෙන්නද අඩන්නද සිතුවිලි අතර හිර වෙලා.

July princess Where stories live. Discover now